Foodදකුණු පළාතේ සාම්ප්‍රදායික කෑමක් - මාළු ඇඹුල් තියල්

දකුණු පළාතේ සාම්ප්‍රදායික කෑමක් – මාළු ඇඹුල් තියල්

-

spot_img

දකුණු පළාතේ සාම්ප්‍රදායික කෑමක් – මාළු ඇඹුල් තියල්

ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතියේ ඉහළින්ම තියෙන කෑමක් තමයි මාළු ඇඹුල් තියල්. විශේෂයෙන්ම දකුණු පළාතේ සාම්ප්‍රදායික කෑමක්. සම්ප්‍රදායික ක්‍රමයට, හරි පදමට මාළු ඇඹුල් තියල් හදාගන්නෙ කොහොමද කියලා බලමු. 

Fish Ambul Thiyal

• අවශ්‍ය ද්‍රව්‍ය

මාළු කිලෝග්‍රෑම් 1ක් (බල, කෙලවල්ලා හෝ තලපත්)

ගොරකා 50 g

ගම්මිරිස් කුඩු මේස හැඳි 3ක්

බැදපු තුනපහ කුඩු තේ හැඳි 1ක්

රම්පේ

කරපිංචා ඉති කිහිපයක්

කුරුඳු පොතු කැබැල්ලක්

ලුණු

සුදුළූණු බික් කිහිපයක්

ඉඟුරු ස්වල්පයක්

වතුර

Fish Ambul Thiyal

• සාදාගන්නා ආකාරය

මුලින්ම මාළු ටික හොඳට සුද්ධ කරලා, තරමක් ලොකු කෑලිවලට කපාගන්න. ඊට පස්සෙ ගොරකා ටික හොඳට හෝදලා වතුර ටිකක් දාලා තම්බගන්න. ගොරකා මෘදු වුණාට පස්සෙ වතුර ඉවත් කරලා අඹරාගන්න. දැන් ඒකට ගම්මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, ලුණු , සුදුලූණු සහ ඉඟුරු ටිකත් එකතු කරගන්න.

Fish Ambul Thiyal

මේ ඔක්කොම හොඳට මිශ්‍ර කරලා පේස්ට් එකක් හදා ගන්න. දැන් මේ පේස්ට් එක මාළු කෑලිවල හොඳට තවරගෙන විනාඩි තිහක් විතර සීසන් කර ගන්න. ඊළඟට මැටි හට්ටියක් අරගෙන හට්ටියේ අඩියට රම්පේ, කරපිංචා සහ කුරුඳු පොතු කැබැල්ල අතුරන්න. ඊට පස්සෙ සීසන් කරගත්ත මාළු කෑලි ඊට උඩින් අතුරන්න.

Fish Ambul Thiyal

ඊට පස්සෙ ඉතිරි වූ ගොරකා මිශ්‍රණයට වතුර ටිකක් එකතු කරලා ඒ ටිකත් එකතු කරන්න. (වතුර ගොඩක් දාන්න එපා) හට්ටිය පියනකින් වහලා මද ගින්දරේ විනාඩි 20ක් පමණ පිසගන්න. මාළු හොඳින් තැම්බීගෙන එන විට පියන ඉවත් කරලා දියර ගතිය නැතිවෙනකං අඩු ගින්දරේ පිසගන්න. හිඳී ගිය පසු ලිපෙන් බාගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

තිස්ස සර්පයා දු⁣ටුවාද ?

තිස්ස සර්පයා දු⁣ටුවාද ? වර්තමාන ලාංකීය සමාජ මාධ්‍ය අවකාශය හරියට මංමුලා වූ වන්දනා නඩයක් වැනිය. රටේ පවතින සැබෑ සමාජ -...

වත්කම් ප්‍රකාශ යනු ජනතාව මුලා කරන තවත් එක් විගඩමක්ද?

වත්කම් ප්‍රකාශ යනු ජනතාව මුලා කරන තවත් එක් විගඩමක්ද? පාලකයින්ගේ සහ මහජන නියෝජිතයින්ගේ විනිවිදභාවය මැන බැලීමට ඇති ප්‍රධානතම මෙවලම වන්නේ...

මැජික් තාක්ෂණයෙන් වතුර කැපූ “විප්ලවය” සහ දිය යට ගිය කොළඹ කයිවාරුව

මැජික් තාක්ෂණයෙන් වතුර කැපූ "විප්ලවය" සහ දිය යට ගිය කොළඹ කයිවාරුව මැතිවරණ වේදිකාවල සිංහ නාද කළ "තාක්ෂණික විප්ලවයන්" වැහි බිංදු...

උසාවිය මුලා කළ පොලිස්පති බේරන්න විධායකය මැදිහත් වුණාද?

උසාවිය මුලා කළ පොලිස්පති බේරන්න විධායකය මැදිහත් වුණාද? පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත නඩු කටයුතු...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you