Featuresවත්කම් ප්‍රකාශ යනු ජනතාව මුලා කරන තවත් එක් විගඩමක්ද?

වත්කම් ප්‍රකාශ යනු ජනතාව මුලා කරන තවත් එක් විගඩමක්ද?

-

spot_img

වත්කම් ප්‍රකාශ යනු ජනතාව මුලා කරන තවත් එක් විගඩමක්ද?

පාලකයින්ගේ සහ මහජන නියෝජිතයින්ගේ විනිවිදභාවය මැන බැලීමට ඇති ප්‍රධානතම මෙවලම වන්නේ ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන වත්කම් හා බැරකම් ප්‍රකාශයි. වත්මන් ජනාධිපතිවරයා ඇතුළු දේශපාලනඥයින්ගේ 2025 – 2026 වර්ෂයට අදාළ වත්කම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබේ. නමුත්, මෙම ලේඛන සහ ඒ පිළිබඳව සිදුවන අනාවරණයන් දෙස බලන විට මතු වන්නේ බරපතල ප්‍රශ්නාර්ථයකි. 

ජනාධිපතිගේ වාර්ෂික ආදායම ලක්ෂ 30 ද?

නිල වත්කම් ප්‍රකාශයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ එකම ආදායම් මාර්ගය ජනාධිපති වැටුප පමණක් බවයි. සියලු දීමනා ද ඇතුළුව ඒ හරහා ලැබෙන වාර්ෂික සමස්ත ආදායම රුපියල් 3,081,624ක් (තිස් ලක්ෂ අසූ එක්දහස් හයසිය විසිහතරක්) ලෙස සඳහන් වේ. රටේ ඉහළම පුරවැසියාගේ සහ පාලකයාගේ වාර්ෂික ආදායම මෙලෙස සීමිත මට්ටමක පැවතීම සැබෑ දේශපාලන පරමාදර්ශයක්ද, නැතහොත් වෙනත් ආදායම් මාර්ග වසන් කිරීමක්ද යන්න ජනතාව තුළ සාධාරණ සැකයක් මතු කරයි.

President's asset declaration

කෝටි එකහමාරේ ටොයෝටා හයිලක්ස් රථයට මොකද වුණේ?

පසුගිය වර වත්කම් ප්‍රකාශයට සාපේක්ෂව මෙවර සිදුව ඇති විශාලතම සහ බරපතලම වෙනස්කම වන්නේ, ජනාධිපතිවරයා සතුව තිබූ රුපියල් මිලියන 15ක් (කෝටි එකහමාරක්) වටිනා 2017 වර්ෂයේ මිලදී ගත් ටොයෝටා හයිලක්ස් (Toyota Hilux) රථය මෙවර වත්කම් ප්‍රකාශයෙන් සම්පූර්ණයෙන්ම අතුරුදන් වී තිබීමයි. මෙම සුඛෝපභෝගී වාහනය වෙනත් අයෙකුට අලෙවි කළේ ද, නැතහොත් කාට හෝ පැවරීමක් සිදු කළේ ද යන්න පිළිබඳව නිල ප්‍රකාශයේ කිසිදු සඳහනක් නැත. එසේම, එය විකුණා දැමුවේ නම් ජනාධිපතිවරයාගේ බැංකු ගිණුම්වල එවැනි විශාල මුදලක තැන්පතුවක් ද නිරීක්ෂණය නොවන බව පැහැදිලිය. කෝටි එකහමාරක දේපළක් මෙලෙස වාෂ්ප වූයේ කෙසේද?

පුතාගේ අතේ රුපියල් 5,000යි! බිරිඳගේ ගිණුමේ ලක්ෂ 3යි!

වඩාත්ම හාස්‍යජනක මෙන්ම දේශපාලන විචාරකයන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම්ය. නිල ප්‍රකාශයට අනුව මෙම කාලසීමාව තුළ ජනාධිපතිවරයාගේ බිරිඳ හෝ පුත්‍රයා කිසිදු ආදායමක් උපයා නැත. ප්‍රකාශය ලබා දෙන අවස්ථාව වන විට ජනාධිපතිගේ පුත්‍රයාගේ අත ඇති මුදල රුපියල් 5,000ක් පමණක් වන අතර ඔහුගේ බැංකු ගිණුමේ ඇත්තේ රුපියල් 2,500 ක ඉතා සොච්චම් ශේෂයකි. ජනාධිපතිවරයාගේ බිරිඳගේ බැංකු ගිණුමක ඇත්තේ රුපියල් 321,888ක ශේෂයක් වන අතර ඇය සන්තකයේ තිබූ මුදල රුපියල් 35,000ක් ලෙස දක්වා ඇත. වත්මන් ආර්ථික වටපිටාව සහ රටේ ඉහළම දේශපාලන පවුලක ජීවන මට්ටම දෙස බලන විට, මෙම ඉලක්කම් “අමු කෙප්ප” සහ ජනතාවගේ ඇසට වැලි ගැසීමක් බව අමුතුවෙන් කිව යුතුද?

President's asset declaration

ලක්ෂ 400ක ඉඩම ලක්ෂ 5ක් වුණේ කොහොමද?

තවත් පුදුමසහගත කරුණක් වන්නේ පසුගිය වසරේ වත්කම් ප්‍රකාශයේ ජනාධිපතිවරයාගේ බිරිඳට අයත් ඉඩම් කට්ටිය සහ නිවසේ වටිනාකම රුපියල් මිලියන 40ක් (ලක්ෂ 400ක්) ලෙස සඳහන් කර තිබීමයි. එහෙත් නව වත්කම් ප්‍රකාශයේ, පැරණි ඔප්පුවේ (2006 වසරේ) සඳහන් වටිනාකම පදනම් කර ගනිමින් එහි වටිනාකම රුපියල් ලක්ෂ 5ක් ලෙස දක්වා ඇත. වත්මන් වෙළඳපොළ වටිනාකම සඟවා දශක දෙකකට පෙර මිල ගණන් පෙන්වීම හරහා වත්කම් සැබෑ ලෙසම අවතක්සේරු කර පෙන්වීමට උත්සාහ කර ඇති බව පැහැදිලිය.

වත්කම් ප්‍රකාශ යනු හුදෙක් ලේඛන සංදර්ශනයක්ද?

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ මේවා ප්‍රසිද්ධ කළද, පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ මෙම වත්කම් ප්‍රකාශවල ඇතුළත් දත්තවල නිරවද්‍යතාවය ස්වාධීනව විගණනය කිරීමට ශක්තිමත් විද්‍යුත් පද්ධතියක් තවමත් ක්‍රියාත්මක නොවීමයි. පාලකයින් තමන් කැමති පරිදි ඉලක්කම් දමමින්, කෝටි ගණනක වාහන අතුරුදන් කරමින් සහ පවුලේ අය සතු වත්කම් දහස් ගණනින් පෙන්වමින් කරන මෙම “වත්කම් ප්‍රකාශ සෙල්ලම” මහජනතාව මුලා කරන තවත් එක නාට්‍යයක් පමණි. දේශපාලන වේදිකාවල කියන “විනිවිදභාවය” ඇත්තක් නම්, මෙම ගැටලු සහගත කරුණු සහ අතුරුදන් වූ වත්කම් පිළිබඳව වහාම ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුය. එහෙත් පේන අහන්නට වනුයේ හොරාගේ අම්මාගෙන්ම නම් ඒ ගැන කවර කතාද ?

✍️ ගවේෂක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

තිස්ස සර්පයා දු⁣ටුවාද ?

තිස්ස සර්පයා දු⁣ටුවාද ? වර්තමාන ලාංකීය සමාජ මාධ්‍ය අවකාශය හරියට මංමුලා වූ වන්දනා නඩයක් වැනිය. රටේ පවතින සැබෑ සමාජ -...

මැජික් තාක්ෂණයෙන් වතුර කැපූ “විප්ලවය” සහ දිය යට ගිය කොළඹ කයිවාරුව

මැජික් තාක්ෂණයෙන් වතුර කැපූ "විප්ලවය" සහ දිය යට ගිය කොළඹ කයිවාරුව මැතිවරණ වේදිකාවල සිංහ නාද කළ "තාක්ෂණික විප්ලවයන්" වැහි බිංදු...

උසාවිය මුලා කළ පොලිස්පති බේරන්න විධායකය මැදිහත් වුණාද?

උසාවිය මුලා කළ පොලිස්පති බේරන්න විධායකය මැදිහත් වුණාද? පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත නඩු කටයුතු...

TIN එකක් අරන් හිඟා කමු

TIN එකක් අරන් හිඟා කමු දේශපාලනය යනු පුදුමාකාර රංග පීඨයකි. එහි රඟපාන නළුවන් වේදිකාවේ වමට කැරකෙන විට කියන කතා, දකුණට...
- Advertisement -spot_img

මැජික් තාක්ෂණයෙන් වතුර කැපූ “විප්ලවය” සහ දිය යට ගිය කොළඹ කයිවාරුව

මැජික් තාක්ෂණයෙන් වතුර කැපූ "විප්ලවය" සහ දිය යට ගිය කොළඹ කයිවාරුව මැතිවරණ වේදිකාවල සිංහ නාද කළ "තාක්ෂණික විප්ලවයන්" වැහි බිංදු...

උසාවිය මුලා කළ පොලිස්පති බේරන්න විධායකය මැදිහත් වුණාද?

උසාවිය මුලා කළ පොලිස්පති බේරන්න විධායකය මැදිහත් වුණාද? පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත නඩු කටයුතු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you