NovelsShort Storiesමතක ඇටකටු

මතක ඇටකටු

-

spot_img

මතක ඇටකටු – An Empty Plate Is Never Empty

මම එදින උදෑසන අවදි වුනේ මට වයස අවුරුදු දහඅටක් බව දැනගෙනයි. ඔබ ඔබේම නම දන්නා අයුරින්, මතකය ඇටකටු මෙන් සිරුරේ රැඳී ඇති හෙයින් එය අයිතිව ඇති සිරුර වැරදි වූ විට පවා මම ඒ ගැන දැන උන්නෙමි. මගේ මනස වසර ගණනාවක් තිස්සේ මොකක්දෝ සිතිවිල්ලකින් බරව ඇත. වරදකාරිත්වයෙන් කුසගින්නෙන් හෝ ලැජ්ජාවෙන් නිහඬව සිටීමට ඉගෙන ගෙන ඇති නමුත් ඇස් විවෘත කරන විට, මම දශකයකින් නොදුටු සිවිලිමක් දෙස බලා සිටිමි. මගේ දෙපා, ඒවා ඇඳේ කෙළවරට ඔසවද්දී බිම ගෑවෙන්නේ නැත. මම කවුද යන්න ගැන හෝ මේ සිටින්නේ කොතැනදැයි යන්න ගැන මම කරදර නොවෙමි.

ඇයට වයස අවුරුදු අටකි. ඇගේ කම්මුල් මෘදුය. හුස්ම ගැනීම අසාමාන්‍යය. නින්ද පවා ඇයව කනස්සල්ලට පත් කරන්නාක් සේ පෙනේ. තමාට කුමක් සිදුවේදැයි ඇය දන්නේ නැත. මිනිස්සු තමාට කුරිරු වෙන්නේ තම සිරුර නිසා බව විශ්වාස කරමින් ටිකෙන් ටික ඇය වැඩෙන බවත් ඇය නොදනී. මම මේ සියල්ල දනිමි. අප අතර ඇති වෙනස එයයි. මම ඇය නොවන නමුත් ඇය සමඟ සිටිමි. ඇගේ ඇස් පිටුපස සිරවී, ජීවිතය නැවත නැවත සිදුවන ආකාරය බලා සිටිමින් සහ එය කුමක් වනු ඇත්ද යන්න පිළිබඳව සම්පූර්ණ බර උසුලා ගනිමින්.

An Empty Plate Is Never Empty

මුළුතැන්ගෙයෙහි සිට වළං පිඟන්වල හඬ ඇසේ. පෑන් එකකට තෙල් වත්කරන හඬ. තාත්තාගේ කටහඬ මේ උදයේ ප්‍රබෝධමත්ව ඇසේ.

“අමායා.”

ගැහැණු ළමයා කලබල වෙයි.

“අමායා!”

ඔහු නැවතත් හයියෙන් කෑ ගසයි.

“නැගිටින්න.”

ඇය ඇඳෙන් නැගිටීමටත් පෙර දොර විවෘත වේ. ඔහු එහි සිටගෙන සිටී, දැනටමත් අප්‍රසාදයට පත්ව. නෝක්කාඩු බැල්මෙන්. ඔහු ඇගේ සිරුර දෙස බලයි.

“ඔයා ඕනෑවට වඩා කනවා…”

ඔහු පවසයි. ඇය සෙමින් නැඟිට, ඇසිපිය ගසමින් වාඩි වේ.

“මම දැන් ඇහැරුණේ…”

“ඒකෙන් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ…”

ඔහු පිළිතුරු දෙයි.

“ඔයා දිහා බලන්න….”

දැරිය ව්‍යාකූලය. අසරණය. ඇය තවමත් වැරැද්ද නොදනී. ඇය දන්නේ යමක් වැරදී ඇති බව පමණි.

“මෙහෙට එන්න…”

ඔහු පවසයි. ඇය ඔහුට කීකරු වෙයි. එය හුරුපුරුදු දෙයකි. ඔහු ඇයට අත් උඩට ඔසවන ලෙස පවසයි. ඒ අතරතුර ඇගේ බඩ දෙස බලන්නේ එය ඔහුව කලකිරීමට පත් කළාක් මෙනි.

An Empty Plate Is Never Empty

“ඔයා මහත් වෙනවා..”

ඔහු කියනවා.

“අවුරුදු අට වෙද්දි. ඒක කොච්චර නරකද කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද?”

ඇගේ උගුර තද වෙයි. මටත් එලෙස දැනේ. නමුත් මට ඇයට මෙන් සිරුරට හානියක් නැත.

“මම මහත නැහැ…”

ඇය පවසයි.

“එකට එක කියන්න එපා…”

ඔහු ඇයව නිහඬ කරවයි.

“මතක තියාගන්න… අද ඉඳන් හැමදාම උදේට ව්‍යායාම කරන්න… පැණි රස කන්න බෑ ආයෙමත්… කෝ දැන් ජම්පින් ජැක් විස්සක්… පටන් ගන්න!.”

ඇය මොහොතකට පසුබායි. මක් නිසාද යත් ඇය කුඩා එකියකි. ඈ සිටින්නේ බියට පත්වය. බිය බව පෙන්නුවොත් ලොකු අය තම අදහස් වෙනස් කරනවා යනුවෙන් ඈ තවමත් සිතන්නීය. නමුත් ඔවුන් එසේ නොකරයි. ඇය බිමට පහත් වේ. ව්‍යායාම අරඹයි. එක, දෙක, දහය වන විට ඇගේ කුඩා දෑත් වෙව්ලයි. පහළොව වෙද්දී හුස්ම ගන්නේ අපහසුවෙනි. උත්සාහයෙන්, බියෙන් එය නිවැරදිව කිරීමට ඈ මහත් වෙහෙසක් දරයි.

“මේක ඔයාගේම හොඳට, තඩි කෙල්ලෙක්ට කවුරුත් කැමති නෑ..”

ඔහු පවසයි. එසේ පවසමින් ඔහු නික්ම යන මුත්, මා ඇය සමගම රැඳී සිටිමි. මේ මොහොත කවදාවත් ඇයව අත් නොහරින බවත්, ඇය කවදා හෝ තම රුව බලන හැම කැඩපතකටම, කන සෑම ආහාර වේලකටම, ඇය ලැබිය යුතු නැති යැයි විශ්වාස කරන සෑම කෙනෙකුම පරදවන බවත් මට ඇයට කියන්නට අවශ්‍ය නමුත් ඇයට මාව නොඇසේ.

An Empty Plate Is Never Empty

ලස්සනට කොන්දේසි සහිත බව ඇය දැන ගන්නා විට මට වයස අවුරුදු දහයකි. පන්ති කාමරය හුණු සහ දහඩිය ගඳින් පිරී තිබේ. ඇය ඇගේ මේසයේ වාඩි වී, අඩු ඉඩක් ගැනීමට උත්සාහ කරමින්, නොපෙනෙන සේ ඉන්නට උත්සාහ කරයි. ගැහැණු ළමයෙක් ඈ අසලට විත්,

“ඔයා ටිකක් බර අඩු කර ගත්තනං ඇත්තටම ඇත්තටම ලස්සනයි.”

යනුවෙන් සැහැල්ලුවෙන් පවසයි. ඒ අසා තව අයෙක් හිනැහේ.

“ඔව්… එතකොට ඔයා හරි කියුට්”

කියුට් යනු ඔබ එතරම් කැමති නැති දෙයක් හැඳින්වීමට යොදන වචනයකි.

“මට කමක් නැහැ,”

මගේ බාල ආත්මය ඉතා ඉක්මනින් පවසයි. ඇය හැමදෙයක් ගැනම ඕනෑවට වඩා සිතන්නීය. ගුරුවරිය මේ දෙබස අසා සිටියි. ඇය කරුණාවෙන් වගේ හිනැහෙයි.

“ඒකනං ඇත්ත. ඔයා යාළුවන්ට තෑන්ක්ස් කියන්න ඕනෙ”

ඇය පවසයි. නාන කාමරයේදී, ගැහැණු ළමයා ඇගේ බඩ අත්වලට තද කර, ඇඟිලි අතර සම මිරිකන්නේ උත්සාහ කළහොත් ඇයට එය ඉරා දැමිය හැකි දෙයක් මෙන් සිතාය.

“ඇයි ඔයාට සාමාන්‍ය කෙනෙක් වෙන්න බැරි?”

ඇය කැඩපතට මුමුණයි. මම ඇය පිටුපසින් කණ්ණාඩියෙන් සිටගෙන සිටිමින් මේ ප්‍රශ්නය ඈ හා හැමදාමත් තිබේදැයි සිතමි.

පහළොස් හැවිරිදි වන විට, කෲරත්වය පෙරට වඩා කාර්යක්ෂම වී තිබේ. කිසිවෙකු තවදුරටත් එය සඟවන්නේ නැත. උපකාරක පන්තියේදී, ඇය ඇතුළට යන විට පිරිමි ළමයින් සිනාසෙයි. ඇය ඕනෑවට වඩා විශාල, ඕනෑවට වඩා ‍රැලි සහිත ඇඳුම් අඳින්නේ සිරුර සැඟවීමට මෙනි.

“එයා මෙතන්ට ගැළපෙන්නෙවත් නෑ”

එක් අයෙක් මුමුණයි. ඇයට ඒවා ඇසේ. නිරතුරුවම ඇසේ. ගෙදරදී, ඇය කෑම ගැනීම නවතන්නේ දැනටමත් කෑමගත් බව මවට පවසමිනි. ඇය දැන් පෙරට වඩා පහසුවෙන් බොරු කියන්නීය. රාත්‍රියේදී ඇගේ බඩ ගොරවන හඬ ඇසේ. නමුත් ඇය කෙසේ හෝ කුසගින්නේ සිටීමට අදිටන් කරගෙන ඇත. වයස දහසය වන විට ඇය ප්‍රගතියක් ලබා ඇත. බර අඩු වේ. ප්‍රශංසා පැමිණේ.

An Empty Plate Is Never Empty

“දැන් ඔයාට හොඳ ලස්සන පෙනුමක් තියෙනවා.”

“අන්තිමට ඔයා ඔයා ගැන හිතන්න අරන්”

“බලන්න? මට ඒක එච්චර අමාරු වුණේ නැහැ.”

ඇය ආඩම්බරයෙන් පවසයි. මට ඈ ගැන දුක හිතේ.

දාහත වන විට, ඇය විශ්වාස කරන්නේ ඇය තමාට හිමි තැන ලබාගෙන ඇති බවයි. දැන් පිරිමි ළමයින් ඇය දෙස බලන අතර ගුරුවරු කරුණාවන්තය. ලෝකය පෙරට වඩා යහපත්ව ඇත්තාක් මෙනි. නමුත් පීඩනය නැවත පැමිණේ. බිය ඇයව වෙළාගනී. රාත්‍රියට ඈ බොහෝ සේ කල්පනා කරන්නීය. ඉන් පසු ඇය කුස රිදෙන තුරු ආහාර ගනී. ලැජ්ජාව ඇගේ උගුර පුරවා ඇයට හුස්ම ගැනීමට ඉඩ නොදෙන තුරුම. ඊට පස්සේ ඇය නැවතත් ආහාර ගනියි. මේ වතාවේ චක්‍රය හයියෙන්, කුරිරු ලෙස නැවත පැමිණේ. දැන් ඈ පෙරටත් වඩා මහතය. උපහාස පෙර සේමය.

දැන් මට වයස දහඅටකි. මම මේසයේ තනිවම වාඩි වී සිටිමි. හිස් පිඟානක් මා ඉදිරියේ තිබේ. අමතකව නැත. අතහැර නැත. අවසානය. මේ පිඟානේ තේරුම මම හරියටම දනිමි. එක්කෝ මම සම්පූර්ණ ආහාර වේලක් ගෙන ඇත. අනුන්ගේ කතා ගණන් ගන්නේ නැතිව, මටම දඬුවම් කරන්නේ නැතිව, පසුව මම ඒ සඳහා වන්දි ගෙවන බවට පොරොන්දු වෙන්නේ නැතිව. අවසානයේ, මගේම ශරීරයේ සුවපහසු ලෙස ජීවත් වීමට මා සුදුසුද යන්න තීරණය කිරීමට ලෝකයට ඉඩ දීම නැවැත්වීමට මම තීරණය කළෙමි. ජීවිතයේ පළමු වතාවට, ඉදිරියට ඒමට නියමිත දේවල් ගැන මම බිය නොවෙමි.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Goldfish Lover විසින් රචිත An Empty Plate Is Never Empty කතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මහ කන්නය වගා කරනවද නැද්ද? තීන්දුව 18 වෙනිදා

මහ කන්නය වගා කරනවද නැද්ද? තීන්දුව 18 වෙනිදා මහකන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් ලබන 08 වැනිදා අදාළ අංශ සමග සාකච්ඡා කරන...

ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද්

ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද් ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියකු මෙන්ම ලංකාවේ පළමු කාටුන් චිත්‍රපටය නිර්මාණය කළ ගිවන්ත අර්ථසාද් ඊයේ (03) අභාවප්‍රාප්ත විය.  මොරටුව...

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...
- Advertisement -spot_img

සමහර වෙලාවට ආදරේ මිනිස්සු බයගුල්ලො කරනවා

සමහර වෙලාවට ආදරේ මිනිස්සු බයගුල්ලො කරනවා - The Last House ගෙදර තරම් සැනසිල්ලක් වෙන කොතැනකවත් නැතිබව පැවසෙනවා. ගෙදර තියෙන සැනසීම...

පොඩ්ඩො ආසම මාෂ්මෙලෝ පුඩිං

පොඩ්ඩො ආසම මාෂ්මෙලෝ පුඩිං - Marshmallow Pudding මාෂ්මෙලෝ කියන්නෙ පොඩ්ඩො ආසම ස්වීට් කෑමක්. මාෂ්මෙලෝ පුඩිං එකත් ගොඩක් රසයි. අතුරුපසට, උත්සව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you