Newsඅත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

-

spot_img

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික සහල්, වියළි මිරිස් සහ කඩල ඇතුළු බොහෝ කෘෂිකාර්මික බෝග සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉහළ යා හැකි බවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ සඳහන් කරති. මේ වනවිට වැඩිම බලපෑමට යටත්ව ඇත්තේ සීනි සහ ආනයනික සහල් බවත් මෙවර සීනි තොග ඇණවුම් කර ඇත්තේ පැවැති මිලට වඩා කිලෝ ග්‍රෑමයකට රුපියල් 20ක් වැඩියෙන් බවද ඔවුහු පවසති. තවමත් සීනි මිලේ ඉහළ යෑම මෙරට වෙළෙඳපොළ තුළ දැඩි ලෙස බලපෑමක් කර නොමැති අතර ඉදිරියේදී ඉහළ මිලට ඇණවුම් කළ සීනි තොග මෙරටට ලැබෙනු ඇත. 

price increases

මෙරටේ සහල් ගොවියෝ තම නිෂ්පාදන අලෙවි කර ගත නොහැකිව පසු වද්දී ඉන්දියාවේ සහල් මිල ඉහළ ගොස් ඇති අතර පොන්නි සහ බාස්මතී සහල් මිල ඉන්දීය වෙළෙඳපොළේ ද ඉහළ ගොස් තිබේ. තවද ඉන්දියාව, පකිස්තානය තුළ ලොකු ළූණු මිලද ඉහළ ගොස් ඇති බැවින් මිල වැඩි වූ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිලේ වැඩිවීම ඉදිරියේදී දේශීය වෙළෙඳපොළටද දැනෙනු ඇති බවට ආනයනකරුවෝ පෙන්වා දෙති

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you