Newsගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

-

spot_img

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන පිළිබඳ වාර්තා වීම් 9613ක් වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම් හා නියාමන) ශානිකා මළල්ගොඩ පවසයි. ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ, සෙත්සිරිපාය නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී පැවති “ගැහැණු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය” සැමරීමේ ජාතික උත්සවය අමතමිනි. එම උත්සවයේ තේමාව වී තිබුණේ “ළමා විවාහ තුරන් කරමු – ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආයෝජනය කරමු ” යන්නයි.

“මේ සා විශාල පැමිණිලි ප්‍රමාණයට අමතරව වාර්තා නොවුණු ප්‍රමාණය කොතෙක්ද? අපිට මැදිහත්වීමට බැරිවු ප්‍රමාණය කොතෙක්ද? මේ සියලු දේ හිත ඇතුලේ තියාගෙන ලංකාව ඇතුලේ අපේ දියණිවරුන් නවයොවූන් වියේදීම ගැබ් ගන්නා අවස්ථා වාර්තා වෙනවා. ළමා විවාහයන් පිළිබඳ වාර්තා වෙනවා. ඒ වගේම ලිංගික අතවර වලට ලක් වෙච්ච, සියදිවි නසා ගැනීමට තැත් කිරීම, සයිබර් අවකාශය තුළ අනාරක්ෂිත වීම් සහ ආරක්ෂාව නොලැබීම පිළිබඳ විවිධාකාරයේ අපයෝජනයට ලක්වන රටක අපි ජීවත් වෙන්නේ “

වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරිය එසේ පැවසුවාය. එම අවස්ථාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රන්ගික හල්වතුර සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපුල් ජයන්ත රණේපුර යන අයද අදහස් දැක්වුහ.

✍️ හේමන්ත වික්‍රමපාල විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...
- Advertisement -spot_img

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you