Travelකයිට්ස් සර්පිං සමයේ කල්පිටියේ සේතවාඩියට

කයිට්ස් සර්පිං සමයේ කල්පිටියේ සේතවාඩියට

-

spot_img

කයිට්ස් සර්පිං සමයේ කල්පිටියේ සේතවාඩියට – Dinuda Resort Kalpitiya

කල්පිටිය ලංකා සිතියමේ පුත්තලමට ඉහළින් දක්නට ලැබෙන පටු වෙරළ තීරයකින් සමන්විත කොටසකි. කොළඹ – පුත්තලම මාර්ගයේ පාලාවි නගරයෙන් වම්පස දෙසට කිලෝමීටර් 40ක් පමණ දිගින් යුක්ත දෙපසින්ම මහ සයුරේ පහස ලබන ප්‍රදේශයක් ලෙස හඳුන්වා දීමට හැකිය. කල්පිටිය වඩාත්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ කල්පිටියට ඉහළින් පිහිටා තිබෙන දූපත් රාශිය නිසාවෙනි. ඒ අතුරින් බත්තලන්ගුණ්ඩුව දූපත සුවිශේෂිත්වයක් උසුලයි. මෙම දූපතට සංචාරය කිරීමට දෙස් විදෙස් සංචාරකයෝ දැඩි උනන්දුවක් දක්වති. පැය දෙකක පමණ බෝට්ටු සංචාරයකින් එහි ළඟාවිය හැකිය. මෙම සංචාරය සඳහා මහජන බෝට්ටුවක් උදේ 08.30ට නාවික හමුදා කඳවුර අසලින් පිටත් වේ. කල්පිටිය සංචාරයේදී බත්තලන්ගුණ්ඩුව ඇතුළු අනිකුත් දූපත් මෙන්ම ඩොල්ෆින් නැරැඹීමද සුවිශේෂිත වූ සංචාරයකි. දෙස් විදෙස් සංචාරකයන් දැඩි කැමැත්තක් මෙම සංචාරයටද දක්වති. වසරේ නොවැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා කාලය ඩොල්ෆින් නැරැඹීමට හොඳම කාලයයි. කල්පිටිය කියූ සැණින් ඔබගේ සිතට එන්නේ දැඩි අව් රශ්මිය සහිත වියළි කාලය සහිත ප්‍රදේශයක් වනු නොඅනුමානයි. එහෙත් මෙහි සංචාරය වඩාත් අගනා බව එහි සංචාරය කරමින්ම අත්විඳගැනීමට ඔබට හැකිවනු ඇත. 

Kite surf Sri Lankakite surf Sri Lanka

මෙහි පෞරාණික වටිනාකම් ද බොහොමයකි. ලංදේසි කොටුව, තලවිල දේවස්ථානය මෙන්ම විල්පත්තුව , ගඟේ වාඩිය සංචාරයද ඉන් කිහිපයකි. මෙම ප්‍රදේශය තවත් සුවිශේෂී වන්නේ නුවරඑළිය ශීත දේශගුණයට වැවෙන එළවළු ඉතා සාරවත්ව මෙහි වගා කිරීමයි. එසේම ධීවර කර්මාන්තය කරවල සඳහාද කල්පිටිය ඉතා ජනප්‍රියය. කරවල වාඩි නැරැඹීම වගේම ඉතා අවම මිල ගණන් යටතේ කරවල මිලදී ගැනීමටද හැකිය.

Kite surf Sri LankaDinuda Resort Kalpitiya

කල්පිටියට අප කීප වරක් ම සංචාරය කර ඇත. එහිදී විවිධ සංචාරයන්හි නියැළි තිබේ. මෙවර අප සංචාරයට තෝරා ගත්තේ සුවිශේෂී ස්ථානයකි. දෙස් විදෙස් ජනප්‍රිය සංචාරක ස්ථානයකි. කල්පිටිය නගරයට කිලෝමීටර් දහයකට පමණ පෙර කලපුව දෙසට තවත් කිලෝමීටර් තුනක් පමණ සංචාරය කළ පසු හමුවන සේතවාඩිය ප්‍රදේශය අපගේ මෙවර සංචාරයයි. විදේශීය සංචාරකයන් අතර වඩාත්ම ජනප්‍රිය කයිට්ස් සර්පිං සඳහා අපේ රටේ සුදුසුම එකම ස්ථානය මෙයයි.

Kite surf Sri LankaDinuda Resort Kalpitiya

මුහුදේ රළු ගතියත්, කලපුවේ නොගැඹුරු නිසංසල බවත් නිසා කයිට්ස් සර්පිං සඳහා මනරම් වූ පාරාදීසයකි. වසරේ ජූනි සිට ඔක්තෝබර් මාසය මේ සඳහා වඩාත්ම සුදුසු කාලයයි. අප මෙහි සංචාරය කරන විටත් කයිට්ස් සර්පිං සඳහා විදේශිකයන් බොහොමයක් පැමිණ සිටින අයුරු දැක ගත හැකි විය. ඔවුන් සෑම වසරකම සර්පිං සඳහා පැමිණෙන බවයි සඳහන් කළේ. ඔවුන් කයිට්ස් සර්පිං සඳහා අසීමිත ලෙස ප්‍රිය කරයි. ඔවුන් ජලය මත කරණම් ගසන අයුරු හරිම අපූරු දසුනකි. විදේශිකයන්ට නොදෙවැනි අපේ තරුණ පිරිස්ද ජලය මත එහා මෙහා යමින් විනෝද වෙති. ක්‍රිකට්, වොලිබෝල්, ෆුට්බෝල් සෙල්ලම් කිරීමට ප්‍රිය කරන තරුණ පිරිස් දක්වන කැමැත්ත මෙන්ම මෙම ප්‍රදේශයේ තරුණ පිරිසගේ ප්‍රියතම ක්‍රීඩාව කයිට්ස් සර්පිංය. ඔවුන් උදේ නමයත් දහයත් වන විට කලපුවට ඇදෙන අයුරු අපූරු දසුනකි.

Kite surf Sri Lanka
 Dinuda Resort කල්පිටිය

kite surf Sri Lanka

කයිට්ස් සර්පිං ක්‍රීඩාව සඳහා පැමිණෙන සංචාරකයන් සඳහා පහසුකම් ලබාදීමට සංචාරක හෝටල් බොහොමයක් ඉදිවී තිබෙනවා. ඒ අතරින් කලපුවට මුහුණලා ඉතාම මනස්කාන්ත අයුරින් නිර්මාණය වූ Dinuda Resort හි කළමණාකාර අධ්‍යක්ෂ, කල්පිටිය හෝටල් සංගමයේ සභාපති වසන්ත කුමාර අපගේ සංචාරය සඳහා ලබා දුන් සහාය විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය.

MD Wasantha Withanage
කළමණාකාර අධ්‍යක්ෂ, කල්පිටිය හෝටල් සංගමයේ සභාපති වසන්ත කුමාර

ඔහු සඳහන් කරන්නේ කයිට්ස් සර්පිං යනු විදේශිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩාවක් බවයි. වසරක් ගානේ පැමිණෙන එකම පිරිසක්ද ඉන්න බවත් ඔහු සඳහන් කළේය. එසේම අපගේ තරුණ පිරිස් ද ඔවුන් සමග හරි හරියට මෙම ක්‍රීඩාවේ යෙදෙන බව ඔහු අප හා සඳහන් කළේය. පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා තම Dinuda Resort හි සියලුම පහසුකම් සහිත බවයි කළමණාකාර අධ්‍යක්ෂවරයා තවදුරටත් සඳහන් කර සිටියේ.

Dinuda Resort Kalpitiya
 Dinuda Resort කල්පිටිය

Dinuda Resort Kalpitiya

Dinuda Resort හි ද්විත්ව, ත්‍රිත්ව, ෆැමිලි වශයෙන් නිදන කාමර වෙන්කර ගත හැකිය. නාන තටාකයක් ද සහිත මෙහි විශේෂයෙන්ම කලපු මාළු ඇතුළු sea food සඳහා ජනප්‍රියත්වයක් උසුලයි. ඔබට දිනක සංචාරයක් සඳහාද වෙන් කර ගත හැකි අතර කල්පිටිය ප්‍රදේශයේ අනිකුත් සංචාරක ප්‍රදේශ සඳහා සංචාරය කිරීමට අවශ්‍ය පහසුකම් ලබා ගැනීමටත් මෙහිදී හැකිය.

දුරකථන – 0773420339

www.dinudaresortkalpitiya.com

thulana-travel
සටහන සහ ඡායාරූප ශාන් බන්දු වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝඨා Can’t Go 

ගෝඨා Can't Go හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහේස්ත‍්‍රාත් පසන්...

ත්‍රීරෝද රථයක් මතට ගසක් පෙරළීමෙන් පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනක් මරුට

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ වි‍ශාල ගසක් කඩාවැටී...

රුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා

රුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වෙනි...

ලයිට් බිලට තැබූ අත වතුර බිලටත්?

ලයිට් බිලට තැබූ අත වතුර බිලටත්? ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේද නැතිද යන්න එළැඹෙන ජුනි 30 වැනිදා සමාලෝචනය කරන බව නිවාස,...
- Advertisement -spot_img

මම මගේ වේදනාව සාමාන්‍ය කොට සැළකුවා

මම මගේ වේදනාව සාමාන්‍ය කොට සැළකුවා - Lupita Nyong'o කෙන්යානු - මෙක්සිකන් සම්භවය සහිත නිළියක වන ලුපිටා නියොන්ගෝ සිය රංගන...

ලයිට් බිලට තැබූ අත වතුර බිලටත්?

ලයිට් බිලට තැබූ අත වතුර බිලටත්? ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේද නැතිද යන්න එළැඹෙන ජුනි 30 වැනිදා සමාලෝචනය කරන බව නිවාස,...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you