FeaturesHealthමව්කිරි දරුවාගේ බුද්ධිය වඩවයි

මව්කිරි දරුවාගේ බුද්ධිය වඩවයි

-

spot_img

මව්කිරි දරුවාගේ බුද්ධිය වඩවයි

මවුකිරි දීම ප්‍රවර්ධනය කිරීම උදෙසා ජාතික මවුකිරි දීමේ සතියක් පසුගිය පළමුවැනි දා සිට නම් කර තිබිණි. මෙම ලිපිය පලවන්නේ ඒ නිමිත්තෙනි. මවුකිරි යනු මවකට තම දරුවාට දිය හැකි අමිල දායාදයකි. අලුත උපන් දරුවකුට ලොව ඇති වැදගත්ම ආහාරය වනමෙන් මවට මෙන්ම දරුවාටද වාසි බොහොමයකි. රැකියාවක් නොකරන මෙන්ම රැකියාවක නියුතු මවුවරුන්ටද තම බිළිඳාට මවුකිරි ලබා දීමට හැකි නිදහස් වාතාවරණයක් මේ වනවිට සැකසී ඇති අතර ඒ සඳහා රජය මෙන්ම රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයද මවුවරු දිරිමත් කිරීම සිදු කෙරේ. දරුවකු වෙනුවෙන් මවකට කළ හැකි ඉහළම ආයෝජනයක් වන මවුකිරෙහි බිළිඳෙකුගේ බුද්ධි වර්ධනය උදෙසා සිදු කෙරෙන අපමණ මෙහෙය ගැන අප මෙවරදී කතාබස් කළෙමු. 

Breast milk

අලුත උපන් බිළිඳකුගේ දෛනික පෝෂණ අවශ්‍යතාව සපුරාලන මවුකිරි ප්‍රධානතම ශක්ති මූලාශ්‍රයය. මවුකිරි නිපදවීමේදී හෝමෝන දෙකක් සම්බන්ධ වේ. ‘prolactin‘ හෝමෝනය පටකවල කිරි නිපද වීමට හේතුවන අතර ගර්භණී සමයේදී ස්‍රාවය වීම සිදු වේ. ‘oxytocin ‘ නමින් හැඳින්වෙන අනෙක් හෝමෝනය දරුවාගේ උපතින් පසු මවුකිරි නිපද වීමට හේතු වේ. උපතින් පසු පළමු දින කිහිපය තුළ නිපදෙන කිරිවල කොලස්ට්‍රම් සහිත වේ. එය ඝන සේම කහ පැහැයෙන් යුතුය. මවුකිරෙහි කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන්, විටමින් ,ඛනිජ ක්ෂුද්‍ර පෝෂක සහ ප්‍රමාණවත් පරිදි ජලය ඇතුළු බිළිඳාට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගුය. කොලස්ට්‍රම්වල ආසාදනවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇති අතර ප්‍රෝටීන් සංඝටකවලින්ද පිරිපුන්ය.

Breast milk

අලුත උපන් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝගවලට එරෙහිව සටන් කිරීමට තවමත් සැකසී නැති නිසා කොලස්ට්‍රම් බොහෝ ආසාදනවලට එරෙහිව ක්‍රියා කිරීමේ සුවිශේෂි ගුණයෙන් යුතුය. එබැවින් මුල් දිනවලදී නිපදෙන කහ පැහැති කිරි ඉවත දැමීම වෙනුවට ඒවා බිළිඳාට ලබා දිය යුතුමය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත පදනම්ව සෑම දරුවකුටම අනුපූරක ආහාර ලබා දීමට මත්තෙන් මාස හයක් පමණ වන තෙක් මවුකිරි පමණක් ලබා දිය යුතු බව මේ වනවිට සියල්ලෝම දන්නා පොදු කරුණකි. මෙයින් අදහස් කෙරෙනුයේ මෙම අවදියේදී වෛද්‍යවරයකු විසින් දරුවාට නියම කෙරෙන ඖෂධීය සිරප් හැර ජලය හෝ වෙනත් කිසිඳු ආහාරයක් අවැසි නොවන බවය. පළමු මාස 6 තුළ දරුවාගේ වර්ධනයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණවත් පරිදි මවුකිරිවල අඩංගු වීම මීට හේතුවය. විටමින් ‘කේ ‘ වැනි ඇතැම් විටමින මවුකිරිවල නොමැති බව සොයාගෙන ඇති අතර ඒවා උපතේදී සහ පසුව දරුවාට අතිරේකයක් ලෙස ලබා දේ.

සංවාද සටහන
ධාරා අබේනායක 

Doctor Deepal Perera
කොළඹ , රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you