Artසැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

-

spot_img

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි – Passenger

මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ කතාව එක්තරා අඳුරු පාරක් අසලින් ගමන් කරන මිනිසුන් ගොදුරුවෙන ත්‍රාසජනක සිදුවීම් දාමයක් වටා ගෙතී තිබෙනවා.

එක්තරා රාත්‍රියක අඳුරු පාරක් දිගේ ගමන් කරමින් සිටින ලූකස් සහ ඩැනියෙල් නැමති මිතුරන් දෙදෙනා ඔවුන්ගේ වාහනය පාර අයිනේ මදකට නතර කරන අතර එහිදී සිදුවන බිහිසුණු ප්‍රහාරයක් හේතුවෙන් ඩැනියෙල් එම ස්ථානයේදීම මිය යනවා. භීතියට පත් ලූකස් එම ස්ථානයෙන් වහාම පලා යන අතර ඉන්පසු මේ තැනට එන්නේ වෑන් එකක් සිය නිවස කරගෙන රට පුරා සංචාරය කරමින් සිටින මැඩී සහ ටයිලර් නැමති තරුණ යුවළයි. භීතියෙන් පලා යන ලූකස්ගේ මෝටර් රථය ගසක හැපී අනතුරට පත්වෙනවා. අනතුරෙන් බේරීමට රථයේ සිට පිටතට පැමිණීමට උත්සාහ කරන ලූකස්ව නොපෙනෙන බලවේගයක් විසින් නැවතත් වාහනය තුළට ඇදගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කර දමනවා.

Passenger

පසුදා උදෑසන මැඩී සහ ටයිලර්ට ඔවුන්ගේ වෑන් රථයේද අභිරහස් නියපොතු සලකුණු තිබෙන අන්දම දකින්නට ලැබෙනවා. ඔවුන් භීතියට පත් වෙන්නේ එය මියගිය ලූකස්ගේ මෝටර් රථයේ තිබූ සලකුණු හා සමාන වීම නිසාවෙන්. පසුව ඔවුන් වෙනත් වෑන් සංචාරකයන් පිරිසක් හමුවන අතර, එහිදී මැඩීට අතුරුදන් වූ සංචාරකයන්ගේ ඡායාරූප සහ අමුතු සංකේතයක් දැක ගැනීමට ලැබෙනවා. එහිදී ඔවුන්ට ඩයනා නම් කාන්තාවක් මුණගැහෙන අතර, මාර්ගයේ සිදු වූ අනතුර ගැන පවසන විට ඩයනාගේ හැසිරීම හදිසියේම වෙනස් වෙන බව ඔවුන් නිරීක්ෂණය කරනවා. රාත්‍රියේ මාර්ගයේ කිසිවිටෙකත් නතර නොවන ලෙස ඩයනා ඔවුන්ට අනතුරු අඟවන අතර එදින රාත්‍රියේම මැඩීට අද්භූත ජීවියෙකුගේ රූපයක් දක්නට ලැබෙනවා. තත්වය වඩාත් දරුණු වන්නේ එතැන් සිට එම අත්භූත ජීවියා ඔවුන්ව ලුහුබැඳීමට ගැනීමත් සමගයි. ඔවුන් Passenger ලෙස හඳුන්වන එම සත්ත්වයා එම මාර්ගයේ ගමන් කරන මිනිසුන් ඝාතනය කරන බවත් ඔවුන්ට දැනගන්න ලැබෙනවා. මේ අනතුරෙන් ගැලවීම මැඩී සහ ටයිලර්ගේ එකම අභිප්‍රාය වුණත් එය හිතූ තරම් ලෙහෙසි පහසු දෙයක් නොවෙන වග ඉක්මනින්ම වැටහී යනවා.

Passenger

වත්මන් පරපුරේ හීනයක් තමයි සංචාරය කිරීම සහ වගකීම්වලින් හැකිතාක් මිදී නිදහසේ ජීවත්වීම. සෝෂල් මීඩියාත් මේ සඳහා ලොකු බලපෑමක් කර තිබෙනවා. Van Life කියන දේ මේ වෙන විට බෙහෙවින් ජනප්‍රිය හුඟ දෙනෙක් අත්හදා බලන්න ආසාවෙන් ඉන්න දෙයක්. කවුද අකමැති ගෙයක් වගේ වාහනයක් හදාගෙන හැම තැනම යන්න තියෙනවනම්? සම්ප්‍රදායික රැකියා අත්හැර, රටපුරා සංචාරය කරන මැඩී සහ ටයිලරුත් ඒ වගේ දෙන්නෙක්. ඔවුන්ගේ කතාව ඇසුරෙන් සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ජනප්‍රිය Van Life ජීවන රටාව මොනතරම් සුන්දර වුණත් එහි තිබෙන අවදානම, අනාරක්ෂිත බව ගෙනහැර පෑමට මේ කතාව සමත්වෙලා තියෙනවා. නොදන්නා කෙනෙකුට පිහිටවීම උතුම් මනුෂ්‍ය ගතියක් වුවත් නොදන්නා අයට උදව් කිරීමට ගොස් ලෙහෙසියෙන්ම අමාරුවේ වැටීමට පුළුවන්ය යන පණිවිඩයත් මේ කතාව මතක් කර දෙනවා.

Passenger

එමෙන්ම නවීන තාක්ෂණයට කළ නොහැකි දෙයක් නොමැති බව, අපි සතුව ඇති ජංගම දුරකථනයෙන් ඕනෑම දෙයක් කළ හැකි බව අපි විශ්වාස කළත් GPS, මග සලකුණු වැනි නවීන ගමන් පහසුකම් තිබුණද ඇතැම් බලවේග ඉදිරියේ තාක්ෂණයට කිසිවක් කළ නොහැකි වෙන්නත් පුළුවන්. ජීවිතයේ සමහර ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුත්තේ තාක්ෂණයේ හෝ මෙවලම්වල පිහිටෙන් නොව ඊට ගැලපෙන ආකාරයට නිවැරදි සිහි බුද්ධියෙන් සහ අවධානයෙන් යුතුව. සුපරීක්ෂාකාරී වෙමින්.

Passenger

Passenger නිරූපණය කරන්නේ ගමනකදී අප සමඟ ගමන් කරන බිය, සැකය සහ පීඩනයයි. අද්භූත සත්වයෙකුට වඩා මිනිසා තුළ ඇති ඔවුනුත් නොදන්නා අභ්‍යන්තර බිය සහ පසුතැවිල්ල, සැක සංකා නිරූපණය කරන සංකේතයක් වෙමින්. අහිමිවීම්, වරදකාරී හැඟීම්, පසුතැවීම්, තනිකම, අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය ජීවිතයේ අප හා ඉදිරියට යන අපේම ගමන් සගයින්. ඒවායින් මිදීම සඳහා සමහරවිට අපි අපිම රවටාගත්තත්, ප්‍රශ්නවලින් පලා ගියත් අභියෝග වලට මුහුණදී ජය ලැබීම හෝ ඒ සඳහා උත්සාහ කිරීම හොඳම ක්‍රමය බවත් සංකේතාත්මකව ඉදිරිපත් කිරීමට මේ කතාව සමත් වී තිබෙනවා. ජීවිතයේ අභියෝග ජය ගැනීමට තාක්ෂණය, මුදල් වලට වඩා බැඳීම්වලට හැකියාව තිබෙන බව මැඩී සහ ටයිලර්ගේ අපූරු බැඳීම තුළ වූ එකිනෙකා විශ්වාස කිරීම, සැකය ජය ගැනීම සහ එක්ව සටන් කිරීම යන කාරණා ආදරය යනු සතුටේදී පමණක් නොව, බියකදීත් එකිනෙකා අත් නොහැරීම බව සිහිපත් කර දෙනවා.

Passenger

රාත්‍රී අධිවේගී මාර්ග, හිස් වනාන්තර, අඳුරු කඳවුරු භූමි වැනි ස්ථාන භාවිතයෙන් නිර්මාණය කර ඇති පරිසරය ප්‍රේක්ෂකයාව භීතියෙන් මුසපත් කිරීමට සමත්ව ඇති අතර චිත්‍රපටයේ ශබ්ද නිර්මාණයද ඊට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. මිනිත්තු අනූ හතරක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ André Øvredal විසින්. Jacob Scipio, Lou Llobell, Melissa Leo ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...
- Advertisement -spot_img

පල්ලියේ මහමොළකරු නාටකය

පල්ලියේ මහමොළකරු නාටකය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මේ වන විට රටේ ජනප්‍රිය චරිතයකි. කොටින්ම පැමිණිලි පාර්ශ්ව ඔහුව...

ජේලර්ලා විතරක් මනුෂ්‍යයෝය

ජේලර්ලා විතරක් මනුෂ්‍යයෝය මීට බොහෝ කලකට පෙර "සිරකරුවා" යන වවනයට සදාචාරයේ "අයිසින්" තැවරූ "රැඳවියා" යන වචනය හඳුන්වා දෙනු ලැබිණි. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you