Interviewsවෘෂභ ලග්නෙ අය හරිම මුරණ්ඩුයි

වෘෂභ ලග්නෙ අය හරිම මුරණ්ඩුයි

-

spot_img

වෘෂභ ලග්නෙ අය හරිම මුරණ්ඩුයි – Chase Infiniti

විසිහය හැවිරිදි චේස් ඉන්ෆිනිටි (Chase Infiniti) හොලිවුඩයට පිවිසුණේ ජේක් ගිලෙන්හාල් සහ රූත් නෙග්ගා රඟපෑ ඇපල් ටීවී කතා මාලාව Presumed Innocent ඔස්සේයි. අතිශය ජනප්‍රිය වූ මෙම කතා මාලාවෙන් පසු පෝල් තෝමස් ඇන්ඩර්සන්ගේ One Battle After Another චිත්‍රපටයේ රඟපෑමට ලැබීම චේස්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූ අතර One Battle After Another එම වසරේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂක ඇතුළු ඔස්කාර් සම්මාන හයක් දිනා ගත්තේ චේස් ඉන්ෆිනිටි නව පරම්පරාවේ ආකර්ෂණීයම නිළියන්ගෙන් කෙනෙකු බවට පත් කරමින්. හොලිවුඩයේ ප්‍රමුඛතම තරු වන ඇන්ඩර්සන්, ලියනාඩෝ ඩිකැප්‍රියෝ, රෙජිනා කිං සහ බෙනිසියෝ ඩෙල් ටොරෝ සමඟ වැඩ කිරීමෙන් පසු, ඉන්ෆිනිටි ඇගේ වයසේ නවකයන් සමඟ මාග්‍රට් ඇට්වුඩ්ගේ “The Handmaid’s Tale” චිත්‍රපටයේ පූර්ව කතා මාලාව වන “Hulu” හි “The Testaments” හි රඟපෑමට අවස්ථාව හිමි කර ගත්තා. එමෙන්ම ඇගේ විලාසිතා බොහෝ අයගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මේ චේස් ඉන්ෆිනිටි W Magazine සමග සිදුකළ කතා බහක්.

• The Testaments ඔයාව හොයාගෙන ආවෙ කොහොමද?

2024 අවුරුද්දෙ මම One Battle After Another ඉවර කරාට පස්සෙ ඒ අය මාව හම්බවෙන්න කැමැත්තෙන් ඉන්නව කියලා පණිවිඩයක් ආවා. One Battle After Another එකේ Willa චරිතය කරලා The Testaments එකේ Agnes වෙන එක අමාරු දෙයක් වුණේ නැහැ. ඇග්නස් කියන්නෙ එයාගෙ යාළුවන්ට ගොඩක් ආදරේ කෙනෙක්. මම ඇගේ ආසම දේවල්වලින් එකක් තමයි ඒ.

Chase Infiniti

• ඔස්කාර් සම්මාන උත්සවේ කොහොමද? One Battle හැම සම්මානයක්ම වගේ දිනුවා..

ඒක පිස්සුවක්. මම තාමත් ඒ ගැන හිතනවා. ඒක හීනයක්ම තමයි. [ලුවී වුටන් නිර්මාණය කරන ලද] මම හරිම ලස්සන ඇඳුමකින් සැරසිලා ඉන්න බව මට දැණුනා. ඒ වගේම නළු නිළියන් සහ පෝල් තෝමස් ඇන්ඩර්සන් එක්ක ඉන්න ලැබීම හරිම විශේෂයි. ඊට පස්සේ හොඳම නළු නිළියන්ට ලැබෙන සම්මාන අපේ නළු නිළියන් කණ්ඩායමටත්, ඩිරෙක්ට කැසැන්ඩ්‍රා කුලුකුන්ඩිස්ටත් ලැබීම හරිම සුවිශේෂයි. ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඇත්තටම ඒ අත්දැකීම මගේ ජීවිතය සෑහෙන විදිවලින් වෙනස් කළා.

• ඇකඩමි සම්මාන උළෙලේදී, ඔබ සියලු දෙනා හොඳම චිත්‍රපටය වෙනුවෙන් සම්මාන ලැබුවම පෝල් තෝමස් ඇන්ඩර්සන් ඔබ ගැන කිව්වෙ, “my American girl” සහ “the heart of this movie.” වගේ දේවල්?

පිස්සුවෙන් වගේ හිටිය නිසා ස්ටේජ් එකේදි ඔහු කිව්ව මොකුත් මට ඇහුණේ නැහැ. ඔහු මගේ නම කියනවා මට ඇහුණා. වැඩසටහනෙන් පස්සෙ මට මැසේජ් ලැබෙනවා. මම ” එයා මොනවද කිව්වේ?” කියලා හිතුව. ඊට පස්සේ තමයි මම ඒක බැලුවේ. මම පෝල්ට ගොඩක් ආදරෙයි කියලා හිතුණා..

Chase Infiniti

• One Battle චිත්‍රපටයේ රඟපානකොට ඔයාට ටෙයානා ටේලර්ගෙන් උපදෙස් ලැබුණාද?

ටෙයානා එක්ක මම චිත්‍රපටවල රඟපාලා නැති නිසා මට ඇත්තටම උපදෙස් ලැබුණේ නැහැ, නමුත් රෙජිනා [කිං] ගෙන් මට ගොඩක් දේවල් ලැබුණා. ඊට පස්සේ, රූත් නෙගා. මට ඇයගෙන් ගොඩක් උපදෙස් ලැබුණා. ඇය මගේ සමීපම සහ හොඳම මිතුරියක්.

• රූත් ඔයාට කිව්ව හොඳම දේ මොකක්ද?

විශේෂයෙන්, ඇය මට බය වෙන්න එපා කියලා කිව්වා. මේ රස්සාවෙදි ඔයාට කරන්න පුලුවන් දේවල් ගැන බයෙන් ඉන්න එපා කියන එකයි ඇය අදහස් කළේ. මම The Testaments රඟපාද්දි ඒ විදිහට හිටියා. ඒ වගේම ඒ දේ මගේ අනිත් නළු නිළියන්ට දෙන්නත් උනන්දු වුණා. මොකද කිව්වොත් මම මගේ වයසේ ගැහැණු ළමයින් ගොඩක් එක්ක වැඩ කරා. මම ඒක මීට කලින් නොකෙරුව දෙයක්. හොලිවුඩයට මට වරප්‍රසාද ලත් ප්‍රවේශයක් තියෙනව කියලා මම දන්න නිසාම මට ඕනෙ වුණා පුළුවන් හැම වෙලාවෙම අනිත් ගෑණු ළමයින්ට උදව් කරන්න.

Chase Infiniti

• ඇග්නස් ලෙස රඟපෑමෙන් ඔයා මොනවහරි ඉගෙන ගත්තද?

“උගත්” කියන්නෙ ප්‍රබල වචනයක්. මම එම්බ්‍රොයිඩර් සහ ලේස් හදන විදිහ ගැන ඉගෙන ගත්තා. අපි හැමෝම. කැමරාව ඉස්සරහ ඒක ඇත්ත විදිහට පේන ආකාරයට.

• ඔයා මැයි 1 වෙනිදා ඉපදුණු වෘෂභ ලග්නයේ ගැහැණු ළමයෙක්. ඔයා වෘෂභ ලග්නයේ අනිත් අය වගෙමද?

මම හැම වෙලාවෙම කියන්නේ වෘෂභ ලග්න හිමියන් හරිම මුරණ්ඩුයි කියලා, මමත් එහෙමයි ඉතින්. ඒ අය හරිම සාධාරණ මිනිස්සු, පෘථිවියට ආදරෙයි. එයාලා කෑමට සහ ජීවිතයේ සුඛෝපභෝගී දේවල් වලට කැමතියි. මට ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්න බෑ. මම කෑමට ආදරෙයි, හොඳ දේවල් වලට කැමතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...

අද සිට කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට

අද සිට කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට - Restaurant food prices ගෘහස්ථ ගෑස් විලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආපනශාලා...

හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 

හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන...
- Advertisement -spot_img

හොඳ සැමියා කවුද ?

හොඳ සැමියා කවුද ? - Husbands in Action  බොහෝවිට දකුණු කොරියානු සිනමාව තුළ සංවේදී කතා, ත්‍රාසජනක කතා, අපරාධ පිළිබඳ කතා...

ඉර එළිය මෙච්චර තිබිලත් අපට විටමින් D අඩු ඇයි?

ඉර එළිය මෙච්චර තිබිලත් අපට විටමින් D අඩු ඇයි? සමකයට ආසන්න රටක අපි සිටින්නෙමු. වසර පුරාම ඉතාමත් හොඳින් හිරුඑළිය ලැබේ....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you