Foodපොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

-

spot_img
  1. පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් – Sausage Bun

බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක් ජනප්‍රිය කෑමක් තමයි සොසේජ් බන්. උදේ තේ එකක් එක්ක, පාසල් යන ගමන්, වැඩට යන අතරමඟ හෝ සවස පොඩි බඩගින්නකට වුණත් සොසේජ් බන් එකක් කියන්නේ ලේසි තේරීමක්. ගෙදරදීම ලෙහෙසියෙන්ම බේකරි රසටම සොසේජ් බන් හදාගන්නෙ කොහොමද බලමු. 

Sausage Bun

අවශ්‍ය ද්‍රව්‍ය (සොසේජ් බන් 12කට)

[ බන් එක සඳහා ]

පාන් පිටි 450 g

මද උණුසුම් කිරි 225 ml

Sausage Bun

බිත්තරයක්

සීනි 22 g

බටර් ග්‍රෑම් 20g

ඉන්ස්ටන්ට් ඩ්‍රයි යීස්ට් 7g

ලුණු ස්වල්පයක්

[ සොසේජ් සඳහා ]

සොසේජ් 12ක්

බිත්තර කහ මදයක්

කිරි තේ හැන්දක්

තල ඇට ස්වල්පයක්

සාදන ක්‍රමය

• මුලින්ම කිරි මද උණුසුම් ගානට රත් කරගන්න. කිරි ගොඩක් උණු වෙන්න දෙන්න එපා. කිරි එකට ඉන්ස්ටන්ට් ඩ්‍රයි යීස්ට් එක එකතු කරලා මිනිත්තු කිහිපයක් තියෙන්න දෙන්න.

• දැන් එයට බිත්තරය, මෘදු කළ බටර් සහ සීනි එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න. ඊළඟට පිටි සහ ලුණු එකතු කර මෝලියක් හදාගන්න. විනාඩි 10 ක් විතර හොඳට සකසලා මෝලිය හදාගන්න. පිටි එකවරම වැඩිපුර එකතු නොකර ටික ටික එකතු කරගෙන අතට නොඇලෙන, මෘදු, ඇදෙන සුලු විදිහට මෝලිය හදා ගන්න ඕනේ. ඊට පස්සෙ පිටි මෝලිය බෝලයක් විදිහට හදලා මතුපිට තෙල් බිංදු කිහිපයක් තවරලා ප්ලාස්ටික් ආවරණයකින් වහලා පැයක් විතර පිපෙන්න දෙන්න.

• මෝලිය හොඳට පිපුනට පස්සෙ ආවරණය ඉවත් කරලා කොටස් 12 කට වෙන් කර ගන්න. ඒවා පොඩි බෝල විදිහට හදාගෙන තවත් විනාඩි 15 ක් ප්ලාස්ටික් ආවරණයෙන් වහලා තියන්න. සොසේජ්වල තෙත ගතිය ඉවත්වෙන්න පේපර් ටවල් එකකින් පිහිදන්න.

Sausage Bun

• දැන් එක මෝලි බෝලයක් අරගෙන මේක අඟල් 12 ක විතර තීරුවක් වගෙ හදාගෙන ඒ තීරුව සොසේජ් එක වටා ලිහිල්ව ඔතාගන්න. සොසේජ් එකේ දෙපසින් අඟල් තුනෙන් හතරක් විතර පිටි මෝලියෙන් ආවරණය නොකර තබන්න. මෝලියේ කෙළවර හොඳින් තද කරලා අසල ඇති මෝලියට සම්බන්ධ කරන්න. එවිට බේක් කරනකොට ගැලවෙන්නෙ නැහැ.

• මේ විදිහට හදාගත්ත බන් බේකින් ට්‍රේ එකක තියලා ආයෙමත් ප්ලාස්ටික් ආවරණයෙන් වහලා 30–45ක් වගෙ තියන්න. මේ කාලය ඇතුලෙ බන් එක පිපිලා ලොකු වෙනවා. ඊට පස්සෙ අවන් එක සෙල්සියස් අංශක 215 ප්‍රී හීට් කරගන්න. බිත්තර කහ මදය සහ කිරි තේ හැන්දක් මිශ්‍ර කරලා බන්වල මතුපිට මෘදු ලෙස තවරලා තල ඇට ස්වල්පයක් ඉසින්න. ඊළඟට සෙල්සියස් අංශක 215 උෂ්ණත්වයේ විනාඩි 12–15ක් බේක් කරගන්න. මතුපිට ලස්සන රන්වන් පැහැයක් ගන්නකොට බන් එක හොඳට බේක් වෙලා ඉවරයි. අවන් එකෙන් එළියට අරන් විනාඩි 20 ක් විතර නිවෙන්න ඇරලා රස විඳින්න.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you