නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු – Nasi Goreng
එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා. මේ රයිස් වර්ග අතරින් ලංකාවෙ ජනප්‍රියම රයිස් එකක් තමයි නාසිගුරාන් කියන්නෙ (Nasi Goreng). මේක ඉන්දුනීසියාවට ආවේණික ගොඩක් රටවල ජනප්‍රිය කෑමක්. පවුලේ හැමෝටම රසවිඳින්න, ඩිනර් එකකට වගේම විශේෂ උත්සව අවස්ථාවකටත් හොඳටම ගැළපෙනවා. නාසිගුරාන් එකක් නිවැරදිව රසට හදාගන්න විදිහ බලමු. මේකට උණු බත් වෙනුවට කලින් දවසෙ පිසූ බත් ෆ්‍රිජ් එකේ තියලා ගත්තොත් වඩාත් රසවත්.

• අවශ්‍ය ද්‍රව්‍ය
පිසගත් බාස්මතී බත්
සිහින්ව කොටු කපාගත් කුකුල් මස් 150 g 
පොතු ඉවත් කරගත් ඉස්සන් 100g
රවුමට කපාගත් දැල්ලන් 100g
කොටු කපාගත් කැරට් 100g
සිහින්ව කපාගත් ගෝවා 100g
සිහින්ව කපාගත් ළූණු කොළ 100g
ලොකු ළූණු ගෙඩියක්
රතු මිරිස් කරල් දෙකක් හෝ බෙල් පෙපර් ගෙඩි භාගයක්
ඉඟුරු-සුදුළූණු පේස්ට් තේ හැඳි 2ක්
සෝයා සෝස් සහ ෆිෂ් සෝස් අවශ්‍ය පමණට
ලුණු
ගම්මිරිස් කුඩු
බටර් හෝ තෙල් මේස හැඳි 1ක්
බිත්තර 2ක්
චිලි පේස්ට් මේස හැඳි 1ක්
• සාදන ආකාරය
ඉස්සෙල්ලම ලොකු පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ටික දාලා රත් කරගෙන කපාගත් කුකුල් මස්, ඉස්සන් සහ දැල්ලන් එකතු කර හොඳට බැදගන්න. මේ ටික බැදීගෙන එනකොට කැරට්, ලොකු ළූණු සහ කපාගත් රතු මිරිස් හෝ බෙල් පෙපර් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න.




