Murukku – මුරුක්කු කියන්නෙ කවුරුත් කන්න කැමති, කොච්චර කෑවත් එපා වෙන්නෙ නැති කෑමක්. මේ, පහසුවෙන්ම ගෙදරදීම මුරුක්කු හදාගන්න විදිහ.

• අවශ්‍ය ද්‍රව්‍ය 
කඩල පිටි 250g
පාන්පිටි 100g
ලුණු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැදි 1-1/2
මද උණුසුම් වතුර කෝප්ප 1/2
පොල්තෙල්
සුදුරු ඇට ස්වල්පයක්
•සාදන ආකාරය
බඳුනකට කඩල පිටි, පාන් පිටි, ළූණු, මිරිස් කුඩු සුදුරු දමා මිශ්‍ර කරගන්න. මිශ්‍රණයට වතුර ටික ටික දමා Dough එක හදා ගන්න. ඉන්පසුව ඉදි ආප්ප වංගෙඩියට මිශ්‍රණයෙන් කොටසක් දමන්න. තෙල් තාච්චියක් ලිප තබා මද ගින්නේ තෙල් රත් වූ පසු මිශ්‍රණය තෙල් එකට රවුම් ආකාරයට වත් කරන්න. ලා පැහැයට බැදී ගෙන එන විට මුරුක්කු තාච්චියෙන් ඉවත් කර තෙල් බේරීමට හැර පිළිගන්වන්න.




