Fashion and BeautyMenstruation ඔසප් දිනයට මේ දේවල් වැදගත්

Menstruation ඔසප් දිනයට මේ දේවල් වැදගත්

-

spot_img

Menstruation – ඔසප් දවස් කියන්නෙ කාන්තාවන්ට තියෙන අපහසුම කාල සීමාවක්. ගැහැණු ළමයින්ගෙ පාසල් වැඩවලට පවා මේ හේතුවෙන් බාධා ඇති වෙනවා. අම්මෙක්, බිරිඳක්, රැකියාව කරන්නියක්, සිසුවියක් විදිහට ඇයට බැහැ ඔසප් දින නිසා වැඩ අතපසු කරගන්න. මේ අසීරු දවස්වල සුව පහසුවෙන් ඉන්නෙත් වෙනද වගේ වැඩ කරන්නෙත් කොහොමද? ඔසප් දිනවල විශේෂයෙන් සැලකිළිමත් වෙන්න ඕනෙ දේවල් තියෙනවා. 

Menstruation

• සුවපහසුව

ඔසප් නිෂ්පාදන නිවැරදිව පාවිච්චි කරන්න.
ඔබට සුවපහසුවක් ගෙනත් දෙන Pad හෝ Tampons පාවිච්චි කරන්න. පැය 4 – 5 ක් අතර කාලයක් තුළ ඒවා මාරු කරන්න. මේ දේවල් පාවිච්චියට පෙර හොඳින් දෑත් පිරිසිඳු කරගන්න.

• පිරිසිදුව සිටින්න.

සුවපහසු යට ඇඳුම් ඇඳීම සහ දිනපතා ස්නානය වැදගත්. යෝනි ප්‍රදේශය සේදීම සඳහා මෘදු සබන් වර්ගයක් භාවිතා කරන්න.

Menstruation

• වේදනාව අඩු කිරීමට.

මද උණුසුම් ජල බෝතලයක් උදරය මත තැබීම, පැරසිටමෝල් භාවිතය සහ සිරුර සැහැල්ලු කිරීමේ ව්‍යායාම වලින් ඔසප් වේදනාව අවම කරගන්න පුලුවන්.

Menstruation

 

• පෝෂ්‍යදායක ආහාර ගන්න.

ක්ෂණික ආහාර වලින් ඈත්ව නිවසේ සැකසූ පෝෂ්‍යදායක ආහාරයක් ගන්න. වැඩිපුර වතුර බොන්න. ආතතිය අවම කිරීමට Dark Chocolate මේ දිනවලට සුදුසුම කෑමක්.

Menstruation

• හැකිතරම් විවේකීව සිටින්න.

හොඳ නින්දක් (පැය 6 – 8) ලබාගන්න. මේ දිනවලට ආතතිය ඇති වීම, කේන්තිය සාමාන්‍යයි. ඔබ කැමති දෙයක් කරමින් හැකිතරම් සන්සුන්ව සිටින්න උත්සාහ ගන්න.

Menstruation

• ප්‍රතිකාර අවශ්‍ය අවස්ථා

ඔබට අධික වේදනාවක්, අක්‍රමවත් ඔසප් චක්‍රයක් හෝ අධික රුධිර වහනයක් පවතීනම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you