Fashion and BeautyBeauty hacks ලස්සන වෙන කුස්සියේ රහස්

Beauty hacks ලස්සන වෙන කුස්සියේ රහස්

-

spot_img

Beauty hacks ලස්සන වෙන කුස්සියේ රහස්

පැහැපත් සමක්, නිරෝගී හිසකෙස්, ශක්තිමත් නිය පෙළක් ලබා ගන්න ගොඩක් අය සිහින මවනවා. ආලේපන, විටමින් වර්ගවලට අනවශ්‍ය විදිහට සල්ලි නාස්ති කරන්නෙ නැතුව ලස්සන වෙන්න උදව් වෙන simple beauty hacks ටිකක් තමයි මේ. මේ දේවල් ගෙදර, කුස්සියේ නිතර තියෙන දේවල් පාවිච්චියෙන් කරන්න පුළුවන්. 

Beauty hacks

• Natural glow එකකට Milk Ice Cubes

Ice cube tray එකකට කිරි දාලා milk ice cubes හදාගන්න පුළුවන්. දවසට සැරයක් මේ අයිස් කියුබ් එකකින් මුහුණ පිරිමදින්න. එමගින් සමේ වියළි බව අඩුවෙනවා. මුහුණට natural glow එකක් ලබා දෙනවා.

• කෝපි එකෙන් scrub එකක්

කෝපි එකක් බිව්වට පස්සෙ මග් එකේ ඉතිරි වෙන කෝපි කුඩු කියන්නෙ හොඳ scrub එකක්. එයින් මැරුණු සෛල ඉවත් වෙලා ගිහින් නැවුම් පෙනුමක් ලැබෙනවා. මුහුණට විතරක් නෙමෙයි තොල් දෙක scrub කරන්නත් කෝපි හොඳයි.

Beauty hacks

• සුදුවන් දත් පෙළකට Baking Soda

Baking Soda වලට පැල්ලම් ඉවත් කරන්න පුලුවන්. සතියකට දෙතුන් වතාවක් baking soda ස්වල්පයකින් දත් මදින්න. මේකෙන් දත්වල කහ පැහැය ඉවත්වෙලා දීප්තිමත් බවක් ලැබෙනවා. නමුත් මේක නිතර නිතර කරන එක සුදුසු නැහැ.

• සම පිරිසිඳු කරන Lemon

උදේට ලෙමන් යුෂ බිංදු කිහිපක් එක් කෙරුව වතුර වීදුරුවක් බොන්න. ලෙමන් වල තියෙන විටමින් C නිරෝගී සමක් ලබා දෙනවා. මුහුණේ ලප සහිත තැන්වල ලෙමන් යුෂ ආලේප කරන්න. ඉක්මනින්ම ඔබට ලප කැලැල් නැති clear පෙනුමක් ලැබේවි. මතක තියාගන්න ඕනෙ දේ තමයි ලෙමන් යුෂ ආලේප කරලා පැය කිහිපයක් යනකං අව්වෙ යන්න හොඳ නැහැ කියන දේ.

• හැමදාම steam කරන්න.

steam කිරීම අතීතයේ සිටම පැවත එන රූපලාවන්‍ය රහසක්. මුහුණේ සිදුරු විවර කරලා, රුධිර සංසරණය වේගවත් කරලා, මෘදු දීප්තිමත් පෙනුමක් ලබා දෙන්න මේකට පුළුවන්. දවසට වරක් විනාඩි 5 – 10 ක් අතර ස්ටීම් කිරීම සමට ඉතාම හොඳයි.

Beauty hacks

• සුන්දර දෙතොලකට පොල්තෙල්

පොල්තෙල් කියන්නෙ රූපලාවණ්‍ය සඳහා නැතුවම බැරි දෙයක්. ලිප් බාම් එකක් විදිහට අපූරුයි. පොල් තෙල් වියළි තොල් සුවපත් කරනවා. මුඛයේ වියළි බව නැති කරගන්න සේදුම් කාරකයක් විදිහටත් අපූරු දෙයක්.

• අලිගැටපේර face mask

සමේ තෙතමනය සුරකින, සුසිනිඳු සමක් ලබාදෙන හොඳම දෙයක් තමයි අලිගැටපේර face mask එක. අලිගැටපේර face mask එකක් දාලා විනාඩි 15 – 40 ක් තිබෙන්නට හැර සෝදා හරින්න.

Beauty hacks

• ලප කැලැල් නැති කරන මී පැණි

මුහුණේ ලප කැලැල් මත මී පැණි ආලේප කරන්න. කුරුලෑ, රතු පැහැති ලප ඉක්මනින්ම ඉවත් කරනවා. කැමති නම් ලෙමන් යුෂ මිශ්‍ර කරන්නත් පුලුවන්.

• අව්වට පිළිස්සුණ සමට යෝගට්

හිරු එළියට නිරාවරණය වූ පසු යෝගට් එකක් මුහුණේ ආලේප කරන්න. එමගින් පිළිස්සුණ සම සුවපත් කරනවා. අවපැහැය නැති කර දමනවා.

• සිල්ක් කොට්ට උර

ඔබේ කොට්ටයට සිල්ක් උරයක් දමන්න. එය රාත්‍රී නින්දේදී හිසකෙස් කැඩී යාම වළක්වනවා සේම, මුහුණේ සම ඇදීම, රැලි වැටීම වළක්වනවා.

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

රත් දෝතළු – 71

රත් දෝතළු - 71 විහඟ මා දෙස බලාසිටියේ අපහැදිලි බැල්මකිනි. "තේරුණේ නැහැ නේද කියපු දේ...?" ඔහු යළිත් ඇසීය. "නැහැ... මොකක්ද සර් කියන්නේ...? මට...

ගැබ්බර හිතක්

ගැබ්බර හිතක් - The Ugly Chair "මට ඔයාව විශ්වාස කරන්න බෑ" ඩෑන් මා අසල හිඳිමින් හඬ නගා පවසන්නේ මෙතෙක් වේලා අප...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you