Fashion and Beautyවිලුඹ පැලෙන එකට හරිම සත්කාරය

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය

-

spot_img

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි විලුඹ පැලෙන එක. මේ වෙනකොට මේක හරිම සුලබ ගැටළුවක් බවට පත්වෙලා. පැළුණු දෙපා ඇත්තටම ඔබේ පෙනුමට අවලස්සනක් එකතු කරනවා. මුහුණට, කොණ්ඩෙට, මොනතරම් සත්කාර කරත් ගොඩක් අය දෙපා ගැන සැළකිල්ලක් දක්වන්නෙ නැහැ. කෙනෙක්ගෙ පිරිසිඳුකම පිළිවෙල කකුල් වලින් පෙනෙනව කියන්නෙත් නිකමට නෙමෙයි. විලුඹ පැලීමට ප්‍රධානම හේතු වෙන්නෙ සම වියළීම, නිසි ලෙස පිරිසිඳු නොකිරීම වගේ හේතු. මේ තත්වය දිගටම තිබුණොත් තුවාල ඇතිවෙන්නත්, වේදනාව දැනෙන්නත් පුළුවන්. ඒ වගේමයි දෙපාවලට ඉක්මනින් විෂබීජ ඇතුළු වෙන්න පුළුවන් නිසා මෙය සුළුකොට සිතන්න පුලුවන් දෙයක් නෙමේ. 

Treatment

• විලුඹ පැලෙන්නෙ ඇයි?

* වියළි බව

සිරුරේ අනිත් තැන්වල සමට වඩා කකුල්වල, යටි පතුලෙ එහෙම සම ඝණ බවින් වැඩියි. මේවගේ තෙල් නිපදවන ග්‍රන්ථි අඩංගු වෙන්නෙත් නැති නිසා බොහොම පහසුවෙන් වියළි වෙනව වගේම පැලීම් ඇති වෙනවා.

* වැඩිපුර හිටගෙන සිටීම

ගොඩක් වෙලා එකම ඉරියව්වකින් ඉන්න එකත් මේකට හේතුවක්. ඔයා වැඩිපුර හිටගෙන ඉන්න කෙනෙක් නම් සිරුරේ බර දරාගෙන ඉන්නෙ දෙපා. එය විලුඹ පැලෙන්න හේතුවක්.

* නොගැළපෙන සපත්තු

ඒ වගේම දෙපාවලට නොගැලපෙන හිර හෝ විශාල සපත්තු සෙරෙප්පු නිසාත් මේක සිද්ධ වෙන්න පුළුවන්.

Treatment

* කාලගුණික බලපෑම

අධික වියළි හෝ සීතල කාලගුණයත් විලුඹ පැලීමට හේතු වෙනවා.

* පෝෂණ ඌනතා

විටමින් C, E, B, සින්ක් සහ ඔමේගා – 3 වගේ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීමත් මෙයට හේතුවක්.

* සෞඛ්‍යය තත්වය

සමහරුන්ට දියවැඩියාව, දද, සමේ රෝග හෝ දිලීර ආසාදන නිසාත් විලුඹ පැලීම සිදු වෙනවා.

• විලුඹ පැලීමේ ලක්ෂණ

*විලුඹේ වියළි පොතු ගැලවෙන ස්වභාවය හෝ රළු සම.

* රේඛා හෝ ඉරිතැලීම්

* රතු පැහැය හෝ දැවිල්ල ඇතිවීම

* ඇවිදින විට හෝ සිටගෙන සිටින විට වේදනාව දැනීම

* දරුණු ඉරිතැලීම් වලදී ලේ ගැලීම හෝ ඉදිමීම සැරව ගැලීම පවා සිදු වෙන්න පුළුවන්. (මෙවැනි තත්වයකදී වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයි) 

Treatment

• ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර

තත්වය එතරම් දරුණු නොවේ නම් (වේදනාව, ඉදිමීම සහ රුධිර වහනය නැතිනම්) මේ සඳහා ගෙදරදීම ප්‍රතිකාර කරන්න පුළුවන්.

* දිනපතා මොයිස්චරයිස් කරන්න

විලුඹේ සම තෙතමනය සුරැකෙන පරිදි තබා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසා තෙතමනය සුරකින ක්‍රීම් වර්ගයක් දිනකට දෙවරක් හෝ තුන්වරක් ආලේප කරන්න.

*උණුසුම් ජලයේ පොඟවා ගැනීම .

විනාඩි 10-20ක් උණුසුම් ජලයේ දෙපා පොඟවා ගැනීමෙන් සමෙහි තද ගතිය නැතිවෙනවා. ඊට පස්සෙ පියුමික් ගලක් හෝ ස්ක්‍රබර් එකක් භාවිතයෙන් මැරුණු සම ඉවත් කරන්න. තුවාල හෝ රුධිර වහනය තිබේ නම් මෙය සිදු කරන්න එපා.

* සම්බාහනය

රාත්‍රී නින්දට පෙර පොල්, ඔලිව් හෝ ආමන්ඩ් තෙල් වැනි ස්වාභාවික තෙල් වර්ගයක් විළුඹේ ගල්වා විනාඩි 5-10ක් පමණ සම්බාහනය කරන්න. නින්දට
යෑමට පෙර කපු මේස් දෙකක් දාගන්න.

Treatment

* සීනි හෝ ලුණු ස්ක්‍රබ්

සීනි හෝ ලුණු, ස්වාභාවික තෙල් වර්ගයක් සමග කවලම් කර ස්ක්‍රබ් කරන්න. මෙමගින් මැරුණු සම ඉවත් කර සම සිනිඳු කරනවා.

* ස්වාභාවික සත්කාර

මී පැණි, කෝමාරිකා, ඇපල් සයිඩර් විනාකිරි වැනි දෙයක් සතියකට දෙතුන් වතාවක් විලුඹේ ගල්වා විනාඩි 15 -20 ක් තබා සෝදා හරින්න.

* ආලේපන

urea, salicylic acid, alpha hydroxy acids අඩංගු විලුඹ සඳහා වන ආලේප භාවිතා කරන්න. (වෛද්‍ය උපදෙස් මත)

මීට අමතරව ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, නිතර නිතර උණුසුම් ජලයෙන් සේදීමෙන් වැළකී සිටීම, සහ සිරුරට අවශ්‍ය නිසි පෝෂණය ලබා ගැනීමට සැලකිළිමත් වීමෙන් මෙම තත්වය මග හරවා ගන්න පුළුවන්.

Latest news

ජනාධිපතිවරයා මුදල් ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුයි

ජනාධිපතිවරයා මුදල් ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුයි - Mujibur Rahman ඔස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් ලක්ෂ විසිපහක් පරිගණක හැකර්වරුන් වංචනිකව ලබා ගැනීමේ සිද්ධිය...

ඇමරිකානු ඩො. මිලි. 2.5 ක සයිබර් මංකොල්ලය ගැන IMF අවධානයට

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී සයිබර් අපරාධකරුවන් විසින් සිදු කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක්...

එල්සා 3 නෞකාවෙන් ඉවත ලද ප්ලාස්ටික් පෙති ඉවත් කිරීම ඇරඹේ

පසුගිය වසරේ මැයි 25 වන දින කේරළයට ඔබ්බෙන් මුහුදුබත් වූ එල්සා 3 නෞකාවෙන් ඉවත ලද ප්ලාස්ටික් පෙති ඉවත් කිරීමේ...

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...
- Advertisement -spot_img

රත් දෝතළු – 76

රත් දෝතළු - 76 නිහඬව රිය පදවන අහස්ට බාධාවක් කිරීමට නොසිතූ මමද රිය කවුළුවෙන් පිටත බලාන නිහඬවම සිටියෙමි. ඔහු සිය...

පුජකයකුගේ පසුතැවිල්ල

පුජකයකුගේ පසුතැවිල්ල - The Necklace ඒ 2006 වසරේ සැප්තැම්බර් 28 වෙනිදා බව මට හොඳින් මතකය. මගේ බිරිඳ මියගොස් එදිනට අවුරුදු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you