Fashion and Beautyවියළි දෙතොලට සමුදෙන්න

වියළි දෙතොලට සමුදෙන්න

-

spot_img

වියළි දෙතොලට සමුදෙන්න – Say bye to dry lips

දෙතොල් වියළීම හරිම කරදරකාරී දෙයක්. වියළි දෙතොල් ඔබේ පෙනුම අවලස්සන කරනවා. ඒ වගේම මේක හරි වේදනාකාරීයි. සමහර අයට තොල් පැලී ලේ ගැලීම පවා සිදු වෙනවා. කාලගුණයෙ වෙනස්වීම්, අපි ගන්නා ආහාර පාන වගේ ගොඩක් දේවල් මේකට හේතු වෙන්න පුළුවන්. නමුත්, තොල් දෙකට නිසි රැකවරණයක් ලබා දුන්නොත් මේ තත්වය ලේසියෙන්ම මගහරවා ගන්න හැකියාව තියෙනවා. 

Say bye to dry lips

• දෙතොල් වියළීමට හේතු

1. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම.

සිරුරට ප්‍රමාණවත් පරිදි ජලය නොලැබුනාම නිතර නිතර තොල් වියළීමට ගන්නවා.

2. කාලගුණික තත්ත්වයන්

සීතල කාළගුණය, වැසි සහිත, සුළං සහිත දවස්වලට ඉක්මනින්ම තොල් වියළීම සිදුවෙනවා.

Say bye to dry lips

3. හිරු එළියට නිරාවරණය වීම

තොල්වල සම බොහොම සියුම් නිසා හරි ඉක්මන්ට ඩැමේජ් වෙන්න පුළුවන්. හිරු එළියට නිරාවරණය වීම මගින් තොල්වල ස්වභාවික තෙතමනය නැතිව යනවා.

4. නිතර නිතර තොල් සැපීම

ඔබ නිතර තොල් සැපීමට පුරුදු වෙලානං එයත් තොල් වියළීමට හේතුවක්. ඒ වගේම මේ නිසා තොල් පහතට එල්ලා වැටෙන්නත් පුලුවන්.

5. අසාත්මිකතා

සමහර කෑම වර්ග, දන්තාලේප, ලිප්ස්ටික් නිසාත් තොල් වියළෙන්න ගන්නවා.

6. විටමින් ඌනතා

විටමින් B (විශේෂයෙන් B2/රයිබොෆ්ලැවින්) අඩුකමත් මේකට හේතුවක්.

Say bye to dry lips

 

• දෙතොල් වියළීම වළක්වා ගන්නේ කොහොමද?

​​* ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම

අඩුම තරමේ දවසට වතුර වීදුරු 6 – 8 ක් පානය කරන්න. කොමඩු, පිපිඤ්ඤා, දොඩම් වැඩි වැඩියෙන් කෑමට ගන්න.

• තෙතමනය සුරකින ලිප් බාම් එකක් දිනපතා පාවිච්චි කරන්න. (ෂියා බටර්, ග්ලිසරින්, විටමින් B, විටමින් E අඩංගු ලිප් බාම් එකක් තෝරාගන්න) දෙතොල් වියළි බව දැනෙන ඕනෑම වෙලාවක ලිප් බාම් ගල්වන්න.

• වියළි බව නැතිකරන ස්වාභාවික ආලේපන වර්ග

*පොල්තෙල්

*ඔලිව් තෙල්

*ආමන්ඩ් තෙල්

* ජොජෝබා තෙල්

මෙවැනි ස්වභාවික තෙල් වර්ගයක් රාත්‍රියට ආලේප කරන්න.

Say bye to dry lips

• සතියකට වරක් දෙතොල් ස්ක්‍රබ් කරන්න. ( ඔලිව් ඔයිල් සහ පොල්තෙල් වලට සීනි ස්වල්පයක් එකතු කර ස්ක්‍රබ් කරන්න. අධික ලෙස වියලී ඇතිනම් හෝ ලේ ගැලීම සිදුවෙනවනං ස්ක්‍රබ් කිරීමෙන් වළකින්න)

• තොල් සැපීමෙන් වළකින්න.

• අනිවාර්යයෙන් ලිප් බාම් එකක් ගල්වන්න.

• ප්‍රමිතියෙන් යුතු තොල් ආලේපන තෝරා ගන්න.

මේ දේවල් සිදු කළොත් හරිම ඉක්මනින් සුන්දර දෙතොලක් ලබා ගන්න පුළුවන්.

Latest news

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළ තුළ අන්තර් බැංකු සහ බැංකුවලින් පිටත බැංකු ගනුදෙනුකරුවන් වශයෙන්...

අපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අපයෝජනයට ලක්වු දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ...

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා  රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක්...

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...
- Advertisement -spot_img

රත් දෝතළු – 96

රත් දෝතළු - 96 මේ මොහොතේ මාවතේ වූයේ තරමක කළබලයකි. විහඟ රිය පවදාගෙන විත් හදිසියේම අතුරු පාරකට රිය හරවා එය...

අපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අපයෝජනයට ලක්වු දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you