Foodරසට සුවඳට මට්න් බිරියානි

රසට සුවඳට මට්න් බිරියානි

-

spot_img

රසට සුවඳට මට්න් බිරියානි – Mutton Biriyani

මට්න් බිරියානි කන්න කවුද අකමැති? සාමාන්‍යයෙන් ගොඩක් අය මට්න් බිරියානි එකක් කන්න හිතුනම රෙස්ටුරන්ට් එකකට යන්න පුරුදුවෙලා ඉන්නව. මේ රෙසපි එක ට්‍රයි කරලා බැලුවොත් ගෙදරදීම රෙස්ටුරන්ට් එකේ වගේම රසට සුවඳට මට්න් බිරියානි එකක් හදාගන්න පුලුවන්. උත්සව අවස්ථාවලටත් ගැලපෙනම කෑමක් තමයි මේ.

Mutton Biriyani

අවශ්‍ය ද්‍රව්‍ය (හය දෙනෙක් සඳහා)

• එළුමස් 800g
• මී කිරි 100g
• මිරිස් කුඩු මේස හැඳි 5 ක්
• කොත්තමල්ලි කුඩු මේස හැඳි 3 ක්
• රස අනුව ලුණු
• දුරු කුඩු තේ හැඳි 1ක්
• කහ කුඩු තේ හැඳි ½ ක්                      Mutton Biriyani
• පොල්තෙල් මේස හැඳි 1 ක්
• සුදුළූණු පේස්ට් මේස හැඳි 2 ක්
• බේ කොළ 3 ක්
• කරදමුංගු 4 ක්
• කරාබුනැටි 4 ක්
• කුරුඳු කැබැල්ලක්
• අසමෝදගම් කොළ 4 ක්
• සිහින්ව කැපූ බී ළූණු 200g
• කපාගත් තක්කාලි 250 g
• අමු මිරිස් මේස හැඳි 1 ක්
• කජු 25g
• අර්තාපල් 25 g
• සුප් කැටයක් / සීසනින් කියුබ් 1 ක්
• කලරින් තේ හැඳි 2 ක්
• බැදපු ළූණු 100 g
• කොත්තමල්ලි කොළ 50g
• පිසූ බත් 1 kg
• වතුර

සාදන ක්‍රමය

• බඳුනකට එළුමස් ටික දමා මීකිරි, මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, ලුණු, දුරු කුඩු සහ කහ එකතු කර හොඳට මිශ්‍ර කරලා විනාඩි 45ක් විතර මැරිනේට් කර ගන්න. ගැඹුරු බඳුනකට පොල්තෙල් දමා රත් කර, ඉන්පසු එයට සුදුළූණු, බේ කොළ, කරදමුංගු, කරාබුනැටි, කුරුඳු සහ අසමෝදගම් කොළ එකතු කරන්න. ඊට පස්සෙ ළූණු, තක්කාලි, අමු මිරිස් සහ මිරිස් කුඩුත් එකතු කරලා හොඳට බැදගන්න. දැන් මේ මිශ්‍රණයට මැරිනේට් කරගත්ත එළුමස් සහ අර්තාපල් එකතු කරන්න. අවශ්‍ය ගාණට වතුර එකතු කරලා මස් ටික මෘදු වෙනකං උයා ගන්න.

Mutton Biriyani

• දැන් හොඳට උයාගත්ත මස් එකට කොත්තමල්ලි කොළ, පිසූ බත්, සීසනින් කියුබ් එක, බැදපු කජු සහ ප්ලම් එකතු කරන්න. බත් ඇට කැඩෙන්නෙ නැතිවෙන්න පරිස්සමට හැමදේම හොඳට මිශ්‍ර වෙන්න කවලම් කරගන්න. ඊළඟට කලරින් (අවශ්‍ය නම්) සහ බැදපු ළූණු ටිකත් බත් එක පුරා ඒකාකාරව පැතිරෙන විදිහට මිශ්‍ර කරගන්න. කොත්තමල්ලි කොළ වලින් බිරියානි එක හැඩ කරගන්න. මිනිත්තු කිහිපයක් මූඩියකින් වසා තබා සුවඳ හොඳින් මුසු වුණාට පස්සෙ උණු උණුවෙම රස විඳින්න.

Latest news

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...
- Advertisement -spot_img

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you