Foodඅවුරුදු මතක එක්ක හදාගන්න - පොලොස් ඇඹුල

අවුරුදු මතක එක්ක හදාගන්න – පොලොස් ඇඹුල

-

spot_img

පොලොස් ඇඹුල.. මේකෙ ලොකු රෙසපි එකක් නෑ ඉතින්,සාමාන්‍යයෙන් අපි මස් මාළු උයනවා වගේ උයන්න පුලුවන් මේ පොළොස් .
පොළොස් ගෙඩිය පොත්ත ඇරලා පොඩිවට කෑලි වලට කපාගෙන ඒ කෑලි අතරට වෙන් නොවෙන්න පිහියෙන් කැපුම් පාරවල් දාගන්න.
එහෙම කරන්නේ පහේ පොළොස් එකට අල්ලන්න නිසා.,ඊටපස්සෙ පොළොස් ටික හෝදලා භාජනයකට දාල ඒකට මිරිස් කුඩු හැර.අනිත් පහේ ටික දාගන්න.
බැදපු තුනපහ ,කහකුඩු ගම්මිරිස් කුඩු ,ගොරකා,රස අනූව ලුණු , දාල හොදින් අතගාලා පැත්තකින් තියන්න.
දැන් වෙනම රතුළූණු ටිකක්,රම්පේ කරපිංචා ,එනසාල් ,කරාබුනැටි ,කුරුදු පොත්තක් කෑල්ලක්,තලාගත්ත සුදුළූණු ,තලාගත්ත ඉගුරු කෑල්ලක් මේ දේවල් ලෑස්ති කරන් තියාගන්න.
පොල් ගාගෙන දියකිරි මිටිකිරි වෙන් කරලා වෙන වෙනම තියාගන්න.

දැන් ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් දාන්න.ඒක රත් වෙනකොට අබ ටිකක්දාන්න.ඒ ටික පුපුරනකොට වේලිච්ච මිරිස් කරල් හතරක් පහක් කඩලා දාන්න.
රතුළූණු ,රම්පේ ,කරපිංචා ,එනසාල් කරාබුනැටි ,කුරුදු,තලාගත්ත සුදුළූණු ,ඉගුරු ඒ ටික දාලා බැදෙන්න අරින්න.
ඒ ටික බැදීගෙන එනකොට කැමති ප්‍රමාණයට මිරිස් කුඩු ටිකක් තෙලටම දාලා ටිකක් පාට වෙන්න බැදෙන්න අරින්න.
මිරිස් කුඩු ටික බැදිලා තද පාටට එනකොට ඒකට වතුර ටිකක් හෝ දිය කිරි දාලා ඒ එක්කම පොළොස් ටික එකතු කරගන්න.
ඊටපස්සෙ පොළොස් ඉදෙන ගානට දියකිරි දාගන්න.දියකිරි වෙනුවට වතුරෙන්ම උනත් තැම්බෙන්න අරින්න පුලුවන්.දැන් මේක මද ගින්දරේ ඉදෙන්න අරින්න.
පොළොස් ටික තැම්බිලා ඉස්ම ගතිය අඩු වීගෙන එනකොට මිටිකිරි ටික දාගන්න.මිටිකිරි පොළොස් වැහෙන ගානට දාල කලු කුඩු ටිකකුත් එකතු කරලා ලුනු රස අනුව බලලා මද ගින්නේ ඉදෙන්න අරින්න.

 

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you