Fashion and BeautySkin Care සමේ පෙනුම රැකදෙන ආහාරපාන

Skin Care සමේ පෙනුම රැකදෙන ආහාරපාන

-

spot_img

Skin Care – සමේ සුන්දරත්වය සඳහා බාහිර ආලේපන පමණක් ප්‍රමාණවත් නැහැ. ඔබ ගන්නා ආහාර පාන වර්ගත් සුන්දර සමක් සඳහා බලපානවා. හැම උදෑසනකම ඔබ පානය කරන දේවල් වලට පුළුවන් නිරෝගී දීප්තිමත් සමක් ලබා දෙන්න. ඒ සඳහා හොඳම බීම වර්ග කිහිපයක් තමයි මේ. 

Skin Care

• ලෙමන්

ලෙමන්, දවස පටන් ගන්න හොඳම බීමක්. ශරීරයේ විෂ ඉවත් කිරීමට, pH මට්ටම සමතුලිත කිරීමට සහ විටමින් C වලින් පොහොසත් නිසා සමේ කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කරනවා. ලප කැලැල් වලින් තොර දීප්තිමත් සමක් සඳහා හොඳම දෙයක්. මද උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් ගෙඩි භාගයක් මිරිකා සෑම උදෑසනකම හිස් බඩ පානය කරන්න.

Skin Care

• කහ

කහ වලින් සමට රන්වන් පැහැයක් ලබා දෙනවා. සම පැහැපත් කිරීමටත්, බැක්ටීරියා අවම කර කුරුලෑ පාලනය කිරීමටත් එය උපකාරී වෙනවා. උණුසුම් වතුර වීදුරුවකට හෝ කිරි වීදුරුවකට කහ කුඩු තේ හැන්දක් මිශ්‍ර කර උදෑසනට පානය කරන්න. අවශ්‍ය නම් මී පැණි ස්වල්පයක් එක් කරන්නත් පුළුවන්.

Skin Care

• බීට්රූට් යුෂ

බීට්රූට් ස්වාභාවික රුධිර පවිත්‍රකාරකයක්. විටමින් C, යකඩ සහ ෆෝලේට් අඩංගුයි. රෝස පැහැති, සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගැනීම සඳහා සුදුසුම බීමක්. අවශ්‍ය නම් මෙයට ඇපල් ගෙඩියක් එක් කරන්නත් පුළුවන්.

Skin Care

 

• පොල් වතුර

සොබාදහමේ හොඳම තෑග්ගක්. පොටෑසියම් සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් බැවින් දවස පුරා ඔබේ සමේ මෘදු බව සහ තෙතමනය සුරකිනවා. විෂ ද්‍රව්‍ය ඉවත් කර සමට පිරිසිදු, නැවුම් පෙනුමක් ලබා දෙනවා.

Skin Care

• කැරට් සහ තැඹිලි යුෂ

විටමින් A සහ ​​C මිශ්‍රණයක් වන මෙම බීම එක කොලජන් නිෂ්පාදනයට දායක වෙනවා. සමේ පටක අලුත්වැඩියා කිරීමටත් උපකාරී වන අතර නිරෝගී දීප්තිමත් සමක් ලබා දෙනවා. සම රැළි වැටීම අවම කරනවා.

Skin Care

උදෑසන සීනි දැමූ තේ, කෝපි, කිරි බොනවාට වඩා මෙවැනි සෞඛ්‍ය සම්පන්න බීමකට හුරු වීමෙන් ඔබට සුන්දර පෙනුමක් මෙන්ම නිරෝගී බවත් ලබා ගන්න පුළුවන්.

Latest news

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක්

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක් ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපේ යම් වැඩිවීමක් සිදුවී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය...
- Advertisement -spot_img

කුස්සියේ කලාව

කුස්සියේ කලාව - The Kitchen Canvas ඒ එක්දහස් නවසිය අනූ ගණන්වල උණුසුම් ගිම්හාන දහවලකි. දහසය හැවිරිදි සාෂා පාසල නිමවී නිවසට...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you