More
    Fashion and BeautySkin Care සමේ පෙනුම රැකදෙන ආහාරපාන

    Skin Care සමේ පෙනුම රැකදෙන ආහාරපාන

    -

    spot_img

    Skin Care – සමේ සුන්දරත්වය සඳහා බාහිර ආලේපන පමණක් ප්‍රමාණවත් නැහැ. ඔබ ගන්නා ආහාර පාන වර්ගත් සුන්දර සමක් සඳහා බලපානවා. හැම උදෑසනකම ඔබ පානය කරන දේවල් වලට පුළුවන් නිරෝගී දීප්තිමත් සමක් ලබා දෙන්න. ඒ සඳහා හොඳම බීම වර්ග කිහිපයක් තමයි මේ. 

    Skin Care

    • ලෙමන්

    ලෙමන්, දවස පටන් ගන්න හොඳම බීමක්. ශරීරයේ විෂ ඉවත් කිරීමට, pH මට්ටම සමතුලිත කිරීමට සහ විටමින් C වලින් පොහොසත් නිසා සමේ කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කරනවා. ලප කැලැල් වලින් තොර දීප්තිමත් සමක් සඳහා හොඳම දෙයක්. මද උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් ගෙඩි භාගයක් මිරිකා සෑම උදෑසනකම හිස් බඩ පානය කරන්න.

    Skin Care

    • කහ

    කහ වලින් සමට රන්වන් පැහැයක් ලබා දෙනවා. සම පැහැපත් කිරීමටත්, බැක්ටීරියා අවම කර කුරුලෑ පාලනය කිරීමටත් එය උපකාරී වෙනවා. උණුසුම් වතුර වීදුරුවකට හෝ කිරි වීදුරුවකට කහ කුඩු තේ හැන්දක් මිශ්‍ර කර උදෑසනට පානය කරන්න. අවශ්‍ය නම් මී පැණි ස්වල්පයක් එක් කරන්නත් පුළුවන්.

    Skin Care

    • බීට්රූට් යුෂ

    බීට්රූට් ස්වාභාවික රුධිර පවිත්‍රකාරකයක්. විටමින් C, යකඩ සහ ෆෝලේට් අඩංගුයි. රෝස පැහැති, සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගැනීම සඳහා සුදුසුම බීමක්. අවශ්‍ය නම් මෙයට ඇපල් ගෙඩියක් එක් කරන්නත් පුළුවන්.

    Skin Care

     

    • පොල් වතුර

    සොබාදහමේ හොඳම තෑග්ගක්. පොටෑසියම් සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් බැවින් දවස පුරා ඔබේ සමේ මෘදු බව සහ තෙතමනය සුරකිනවා. විෂ ද්‍රව්‍ය ඉවත් කර සමට පිරිසිදු, නැවුම් පෙනුමක් ලබා දෙනවා.

    Skin Care

    • කැරට් සහ තැඹිලි යුෂ

    විටමින් A සහ ​​C මිශ්‍රණයක් වන මෙම බීම එක කොලජන් නිෂ්පාදනයට දායක වෙනවා. සමේ පටක අලුත්වැඩියා කිරීමටත් උපකාරී වන අතර නිරෝගී දීප්තිමත් සමක් ලබා දෙනවා. සම රැළි වැටීම අවම කරනවා.

    Skin Care

    උදෑසන සීනි දැමූ තේ, කෝපි, කිරි බොනවාට වඩා මෙවැනි සෞඛ්‍ය සම්පන්න බීමකට හුරු වීමෙන් ඔබට සුන්දර පෙනුමක් මෙන්ම නිරෝගී බවත් ලබා ගන්න පුළුවන්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද...

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ...

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන්...
    - Advertisement -spot_img

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම - Chetan Bhagat ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page