Skin Care – බාහිරෙන් පැමිණෙන විෂබීජ සහ උපද්‍රවවලින් ඔබේ සිරුර ආරක්ෂා කරන්නේ සම මගිනි. එබැවින් සමේ නිරෝගීබව අත්‍යවශ්‍යම දෙයක් වනවා. එමෙන්ම නිරෝගී සමක් ඔබට සුන්දර පෙනුමක් ලබාදෙනවා. නිරෝගී සමක් සඳහා අත්‍යවශ්‍යම කාරණා කිහිපයක් තිබෙනවා.
• හිරු එළියෙන් ආරක්ෂා වීම.
ශ්‍රී ලංකාව වැනි රටකදී අපිව නිරතුරුවම හිරු එළියට නිරාවරණය වන අතර ඒ හේතුවෙන් වෙන බලපෑම් අධිකයි. අහිතකර හිරු කිරණ මගින් සමේ පිළිකා පවා ඇතිවෙන්න පුළුවන්. හිරු එළියෙන් ආරක්ෂා වීමට නම්,

1. Sunscreen එකක් භාවිතා කරන්න.
එළිමහනට යාමේදී SPF අගය 30 ට වැඩි sunscreen එකක් ආලේප කරන්න. ඔබ වැඩිවේලාවක් එළිමහනේ ගතකරනවානම් පැය දෙකකට වරක්වත් sunscreen ආලේප කරන්න. එමෙන්ම උදේ 10 ත් සවස 4 ත් අතර කාලයේ දී හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න .

2. දුම්පානයෙන් වළකින්න.
දුම්පානය සම වියපත්වීම ඉක්මන් කරවන අතර, සමේ නම්‍යතාවය ඇති කරන කොලැජන් සහ ඉලාස්ටීන් තන්තු වලට හානි කරනවා. මෙමගින් සම රැළි වැටීමට පටන් ගන්නවා.

3. සම සුරකින්න
ස්නානය කරන කාලය සීමා කරන්න. උණුසුම් ජලය භාවිතා කරන්න එපා. සැර සබන් භාවිතයද සමට අහිතකරයි. ශේව් කිරීමෙන් පසුව ලෝෂන් එකක් හෝ ජෙල් වර්ගයක් ආලේප කරන්න. තෙතමනය සුරකින ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. එමෙන්ම සම තදින් පිසදැමීම සිදු කරන්න එපා.

4. පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න.
පලතුරු, එළවළු සහ ධාන්‍ය වර්ග හැකිතාක් ආහාරයට ගන්න. ක්ෂණික ආහාර, පැණි බීම, සීනි භාවිතයෙන් ඈත් වෙන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.

5. මනස සන්සුන්ව තබාගන්න.
* ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
* ව්‍යායාම සිදු කරන්න.
* භාවනාව/ යෝගා අභ්‍යාස පුරුදු වෙන්න.
* විනෝදාංශයකට සිත යොමු කරන්න.




