Fashion and BeautyShave කරනවද? Wax කරනවද?

Shave කරනවද? Wax කරනවද?

-

spot_img

Shave කරනවද? Wax කරනවද?

සිරුරේ අනවශ්‍ය රෝම ඔබේ පෙනුමට අවලස්සනක් ගෙන එනවා. අත් රහිත හෝ කෙටි ඇඳුම් ඇඳීමේදී අනිවාර්යයෙන්ම දෙපා, අත් යට අනවශ්‍ය රෝම ඉවත් කරන්නම ඕනේ. ගොඩක් කාන්තාවො අනවශ්‍ය රෝම ඉවත් කරන්නෙ ෂේව් කිරීමෙන්. ෂේව් කරන එක වැක්ස් කිරීමට වඩා ලේසියි කියලයි ගොඩක් අය කියන්නෙ. ඇත්තටම මේ දෙකෙන් හොඳම ක්‍රමය මොකක්ද? (Shaving or Waxing?) 

Shaving or Waxing

Shaving සහ Waxing කියන මේ ක්‍රම දෙකෙන්ම කරන්නෙ අනවශ්‍ය රෝම ඉවත් කරලා සම සුමුදුව, ලස්සනට තියා ගැනීම. ෂේව් කිරීමේදී අපි razor එකක් use කරලා අනවශ්‍ය රෝම ඉවත් කරත් සමට යටින් root එක ඒ කියන්නෙ කෙස්ගහේ මුල ඒ විදිහටම තියෙනවා. නමුත් වැක්ස් කරද්දි roots ඉතුරු නොවී සම්පූර්ණයෙන්ම රෝම ඉවත් වෙනවා.

• ඇයි ගොඩක් අය ෂේව් කරන්න කැමති?

මේකට ප්‍රධානම හේතුව තමයි පහසුව. razor එකක් පහසු මිලකට මිලදී ගන්න පුලුවන් වගේම නාන වෙලාවෙදිම මිනිත්තු කිහිපයකින් අනවශ්‍ය රෝම ඉවත් කර ගන්න පුළුවන්. ඒ වගේම වැක්ස් කරද්දි වගේ වේදනාවක් දැනෙන්නෙත් නැහැ.

Shaving or Waxing

• ෂේව් කිරීමේ අවාසි

* නැවත ඉක්මනින් රෝම වැවීම.

* සම මතුපිට බිබිළි, ගැටිති ආදිය ඇති වෙන්නත් පුළුවන්.

නමුත් මේ අපහසුතා ගැන හිතන්නෙ නැතිවම ගොඩක් කාන්තාවො ෂේව් කිරීම එදිනෙදා සිදුකරන රූපලාවන්‍ය පුරුද්දක් කරගෙන තියෙනවා.

• Wax කරන එක හොඳයි කියන්නෙ ඇයි?

වැක්ස් කිරීම තරමක් කරදරකාරී වුණත් රෝම සම්පූර්ණයෙන් ඉවත්වෙන නිසා ෂේව් කරනවට වඩා සමට සුමුදු බවක්, දිදුලන පෙනුමක් ලබා ගන්න පුළුවන් වගේම සති 3 – 4 ක් යන තුරු රෝම වැවෙන්නෙත් නැහැ. ආයෙ ආයෙම වැක්ස් කරනකොට රෝම පෙරට වඩා තුනියට වැවෙන්න ගන්නවා. ඒ වගේම වැක්ස් කරනකොට ඔබේ සමේ මැරුණු සෛලත් ඉවත් වෙන නිසා සමට නැවුම් පෙනුමක් ලැබෙනවා. සති ගාණක් රෝම නොවැවී සම තියාගන්න ඕනෙනම් වැක්ස් තමයි හොඳම උත්තරේ.

Shaving or Waxing

• Wax කිරීමේ අවාසි

* වේදනාකාරී වීම.

* සම රතු පැහැයට හැරීම, දැවිල්ල ඇතිවීම. (මේවා සුවපත් කිරීමට ක්‍රීම් එකක් use කරන්න පුළුවන්)

* වැඩි කාලයක් සහ වියදමක් වැය වීම.

• Wax කරන්න කලින් දැන ගන්න ඕනෙ දේවල්

* රෝම අඟලක් පමණ දිගටවත් වැවී තිබිය යුතුයි.

* මුහුණ wax කිරීමේදී ඔබ විශේෂයෙන් allergies ගැන සැළකිලිමත් විය යුතුයි. (ඔබ ආලේපනවලට ආසාත්මිකතාවක් දක්වනවා නම් ඒ ගැන රූපලාවන්‍ය ශිල්පියාව දැනුවත් කරන්න.)

• අනවශ්‍ය රෝම ඉවත් කරන්න කලින් මේ ගැන හිතන්න. ඔබ ෂේව් කළත්, වැක්ස් කළත් මේ දේවල් අනිවාර්යයි.

* නිතර නිතර අනවශ්‍ය රෝම ඉවත් කරන්න නොයා කාල පරතරයක් තියා ගන්න.

* අව්වට පිළිස්සුණු සම, තුවාල වූ තැන්, කුරුලෑ මතුපිට, ඉන්නන් මතුපිට රෝම ඉවත් කරන්න යන්න එපා. එහෙම කරොත් කුරුලෑ, ඉන්නන් තවත් වැඩිවීම සිද්ධ වෙන්න පුළුවන්. 

Shaving or Waxing

Waxing or Shaving කියන ක්‍රම දෙකෙන් හොඳම ක්‍රමය කුමක්දැයි නිශ්චිතවම කියන්න බැහැ. එය තමන්ගේ සමට, සුවපහසුවට, කාල වේලාවට සහ පොකැට්ටුවට පහසු විදිහට තෝරා ගැනීමයි වැදගත්. විශේෂයෙන් මතක තියා ගන්න ඕනෙ දේ තමයි නිතර නිතර අනවශ්‍ය රෝම ඉවත් කරන්න යන එක සමේ නිරෝගීකමට හානිදායකයි කියන කාරණය.

Latest news

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක්

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක් ඩොලරයේ අගය තව දුරටත් ඉහළ යාම හේතුවෙන් ඖෂධ වර්ග හැටක උපරිම මිල සංශෝධනයක් සිදුවන...

සතොසින් අඩු මිලට බඩු

සතොසින් අඩු මිලට බඩු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි...
- Advertisement -spot_img

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

ලූ සහ ලින්

ලූ සහ ලින් - Sorry “ලූ, හොඳ ආරංචියක් !” දුරකථනයෙන් ඔහුව ඇමතූ වෛද්‍යවරයා උද්‍යෝගයෙන් පැවසුවේය. “ඔයාගෙ මල්ලිගෙ මතකෙ ආයෙම ලැබුණා. ඔහු බොහොම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you