Fashion and BeautyMenstrual Cup ඔසප් දිනයට පහසු ක්‍රමයක්

Menstrual Cup ඔසප් දිනයට පහසු ක්‍රමයක්

-

spot_img

Menstrual Cup ඔසප් දිනයට පහසු ක්‍රමයක්

කාන්තාවක් තමන්ගෙ ඔසප් සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය දෙයක්. ක්‍රමවත් ඔසප් චක්‍රයක් තිබේදැයි සැළකිලිමත් වීම, පිරිසිදුකම සහ නිසි පෝෂණය ලබා ගැනීම මේ දිනවලට අත්‍යවශ්‍යයි. ඔසප් දිනවල අපේ රටේ කාන්තාවන් බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නෙ සනීපාරක්ෂක තුවා නැත්තම් pads. නමුත් වෙනත් රටවල කාන්තාවන් tampons සහ menstrual cups සුලබව පාවිච්චි කරනවා. මේ අතරින් පහසුම සහ පරිසර හිතකාමී ක්‍රමය විදිහට සැළකෙන්නෙ menstrual cup එක. 

Menstrual Cup

• Menstrual Cup එකක් කියන්නෙ මොකක්ද?

මේක රබර් / සිලිකන් වලින් හදලා තියෙන පුනීලයක් හැඩති cup එකක්. මේකෙන් වෙන්නෙ ඔසප් රුධිරය එකතු කරන එක. periods දවස්වලට මේ menstrual cup එක යෝනි මාර්ගයට ඇතුළු කිරීමෙන් ඔසප් රුධිරය එයට එක් රැස් වෙනවා. ඉතින් මේක pad එකකට වඩා දිගු වෙලාවක් පාවිච්චි කරන්න ඕනෙ නැහැ. නිතර නිතර මාරු කිරීම අනවශ්‍යයි. අපිට මේවා එක එක sizes වලින් මිලට ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් පාසල් දැරියන්ට සහ light flow එකක් තියෙන අයටත්, heavy flow සහ දරු ප්‍රසූතියක් සිදු කළ කාන්තාවන් සඳහා සුදුසු ප්‍රමාණවලින් ගන්න පුළුවන්. pads වගේ මේක එක් වරක් පාවිච්චි කරලා ඉවත දාන්නෙ නැතිව සෝදලා නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් නිසා පරිසරයටත් හිතකරයි.

Menstrual Cup

 

• කොහොමද Menstrual Cup එක use කරන්නෙ ?

Menstrual Cup එක දෙපැත්තෙන් මදක් තෙරපලා යෝනි මාර්ගයට ඇතුළු කළ යුතු වෙනවා. යෝනි මාර්ගයට ඇතුළු වුනාට පස්සෙ cup එක දිගහැරිලා ගැබ්ගෙලට පහළින් ආරක්ෂිතව රැඳී තියෙනව. මේකෙන් රුධිරය leak වෙන ප්‍රශ්නෙත් නැහැ. ඒ නිසා ඇඳුම්වල රුධිරය තැවරිලා ඇති කියලා බයෙන් ඉන්න ඕනෙත් නැහැ. පැය 8 – 12 ක් අතර කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සෙ රුධිරය ඉවත් කරලා පිරිසිඳු කර නැවත පාවිච්චි කළ හැකියි. pads, tampons මාරු කරනව වගේ වදවෙන්න ඕනෙ නැහැ. Menstrual Cup එක පාවිච්චියට පෙර දෑත් සේදීම සහ කප් එක භාවිතයෙන් පස්සෙ හොඳින් පිරිසිඳු කරන එක අනිවාර්යයෙන්ම කළ යුතුයි. මේක උණුවතුරෙ දාලා විෂබීජහරණය කරන්න පුළුවන්.

Menstrual Cup
Menstrual cup එක use කරන හැටි

• Menstrual Cup එකක වාසි

* නැවත නැවත පාවිච්චි කිරීමට හැකි නිසා pads, tampons වලට වගේ මිලක් වැය නොවීම.

* දිගු වේලාවක් භාවිතා කිරීමට හැකි වීම සහ රුධිර කාන්දුව නොමැති වීම.

* යෝනි මාර්ගයේ ස්වභාවික තෙතමනය රඳවා ගැනීම සහ පිටතට රුධිරය එක් රැස් නොවන නිසා දුඟද වහනය සිදු නොවීම. 

Menstrual cup
සෝදා නැවත නැවත පාවිච්චි කළ හැකියි

• අවාසි

* සමහර අයට මෙය නිසි ලෙස ඇතුල් කර ගැනීම හෝ ඉවත් කිරීමේ අපහසුතා ඇත. (නිවැරදිව භාවිතා කරන ආකාරය නොදැන සිටීම)

* ගැළපෙන size එක සොයාගැනීමේදී ඇතිවන අපහසුතාව. (cups විවිධ sizes වලින් තිබෙන බැවින්)

* ගර්භාෂ පිහිටීමේ වෙනස්කම් හෝ දරු ප්‍රසූතියෙන් පසු වැනි ඇතැම් තත්වයන් වලදී සමහරවිට මේවා භාවිතයේ ගැටළු ඇතිවෙන්න පුළුවන්. 

Menstrual Cup

නමුත් pads, tampons වැනි අනෙකුත් නිෂ්පාදන සමඟ සංසන්දනය කිරීමේදී Menstrual Cup භාවිතය සෞඛ්‍යාරක්ෂිතයි සහ වාසිදායකයි. Pharmacy වලින් සහ Online ඇණවුම් කරලා මිලට ගන්න පුළුවන්. මෙය නිවැරදිව භාවිතා කරන ආකාරය දැන ගැනීම සහ එයට හුරුවීමෙන් පසු බොහෝ අය අනෙකුත් ක්‍රමවලට වඩා Menstrual Cup එක හොඳම පිළියම බව පවසනවා.

Latest news

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක්

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක් ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපේ යම් වැඩිවීමක් සිදුවී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය...
- Advertisement -spot_img

කුස්සියේ කලාව

කුස්සියේ කලාව - The Kitchen Canvas ඒ එක්දහස් නවසිය අනූ ගණන්වල උණුසුම් ගිම්හාන දහවලකි. දහසය හැවිරිදි සාෂා පාසල නිමවී නිවසට...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you