More
    Fashion and BeautyOlive Oil වලින් ලස්සන වෙන්න

    Olive Oil වලින් ලස්සන වෙන්න

    -

    spot_img

    Olive Oil වලින් ලස්සන වෙන්න

    ඈත අතීතයේ ඉඳලම ගොඩක් රටවල කාන්තාවන්ගෙ රුව ඔප්නැංවීමට භාවිතා කෙරුව දේවල් අතරින් ඔලිව් ඔයිල්වලට හිමිවෙන්නෙ විශේෂ තැනක්. ඔලිව් ඔයිල් කියන්නෙ හිසේ ඉඳලා දෙපතුල දක්වාම තියෙන රූපලාවන්‍යය ගැටළු වලට හොඳම විසඳුමක්.

    • මුහුණ සඳහා (දීප්තිමත් සමකට)

    ඔබේ සාමාන්‍ය මොයිස්චරයිසර් ක්‍රීම් එකට ඔලිව් ඔයිල් බිංදුවක් එක් කර රාත්‍රියේදී ආලේප කරන්න. මෙමගින් සමේ වියළි බව නැතිකර මුහුණට දීප්තියක් ලබා දෙනවා.

    Olive Oil

    • Makeup ඉවත් කිරීමට

    Cotton pad එකකට ඔලිව් ඔයිල් ස්වල්පයක් දමා makeup ඉවත් කරගන්න පුළුවන්. mascara, lipstick පහසුවෙන්ම ඉවත් කරනවා.

    • Lip Balm එකක්

    රාත්‍රී නින්දට පෙර ඔලිව් ඔයිල් බිංදුවක් තොල්වල ආලේප කරන්න. මෙය තොල්වල මෘදු බව ඇති කරනවා.

    Olive Oil

    • හිසකෙස් සඳහා

    මද උණුසුම් ඔලිව් ඔයිල් තේ හැඳි 2-3 කොණ්ඩයේ මැද සිට අගට ආලේප කර විනාඩි 20ක් තියෙන්නට හැර ෂැම්පු කරන්න. මෙමගින් හිසකෙස්වලට මෘදු දීප්තිමත් බවක් ලබා දෙනවා.

    • ඇහිබැමි සඳහා

    රාත්‍රී නින්දට පෙර ඇහි බැම සහ ඇහි පිහාටු මත ඔලිව් ඔයිල් ස්වල්පයක් තවරන්න. එමගින් ඝනැති ඇහි පිහාටු සහ ඇහිබැමක් ලබා දෙයි.

    Olive OilOlive Oil

    • අත් සහ නියපොතු සඳහා

    නියපොතුවල ඔලිව් ඔයිල් ආලේප කර විනාඩි පහක් පමණ තියෙන්නට හැර සෝදන්න. මෙමගින් නිය කැඩී යාම අවම කරනවා. සිනිඳු දෑතක් ලබා ගැනීමට කැමති නම් ඔලිව් ඔයිල් තේ හැන්දකට සීනි ස්වල්පයක් එක් කර අත් දෙක ස්ක්‍රබ් කරන්න.

    • මුළු සිරුරටම

    නෑමෙන් පසු සමේ තෙත ගතිය රැඳී තිබෙද්දීම සිරුර පුරා ඔලිව් ඔයිල් ආලේප කරන්න. සිනිඳු සමක් ලබා දෙයි.

    Olive Oil

    • අත් යට අවපැහැය ඉවත් කිරීමට

    ඔලිව් ඔයිල් ස්වල්පයකට බේකිං සෝඩා ස්වල්පයක් මිශ්‍ර කර අත් යට ආලේප කරන්න. මිනිත්තු පහක් පමණ තියෙන්නට හැර සෝදන්න. සතියකට වරක් මෙසේ කිරීමෙන් අත් යට අවපැහැය දුරු වෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page