More
    FoodPrawn Fried Rice කටට සැරට ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස්

    Prawn Fried Rice කටට සැරට ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස්

    -

    spot_img

    Prawn Fried Rice – ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් කටට සැරට කන්න පුළුවන් රසවත් කෑමක්. උත්සව අවස්ථා වලටත් අපූරුයි. 

    Prawn Fried Rice

    අවශ්‍ය ද්‍රව්‍ය Prawn Fried Rice

    • බත් කෝප්ප 2
    • ඉස්සන් 200g (සෝදා ලුණු, ගම්මිරිස් තවරා ගන්න)
    • කැරට් කෝප්ප 1 (සිහින්ව ලියාගන්න)
    • ලීක්ස් කෝප්ප භාගයක් (රවුමට කපාගන්න)
    • සුදු ළුණු පේස්ට් මේස හැඳි 1
    • ළුණු ගෙඩි 1 (පෙති කපාගන්න)
    • බිත්තර 1 (බීට් කරගන්න)
    • ලුණු ස්වල්පයක්
    • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    • කෑලි මිරිස් තේ හැඳි 01
    • පොල්තෙල්

    Prawn Fried Rice

    සාදන අන්දම

    සාස්පානක් ලිප තබා එයට තෙල් එක්කර ඉස්සන් හොඳින් බැදගන්න. බැදුන ඉස්සන් පිඟානකට ඉවත් කර, එම තෙල් සාස්පාටම සුදු ළුණු පේස්ට් එක් කරන්න. ඉන්පසු ළුණු ද එක්කර විනාඩියක් පමණ බැදගන්න. දැන් එයට බීට් කරන ලද බිත්තරය එක්කර සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. කැරට්, ලුණු, ගම්මිරිස් සහ කෑලි මිරිස්ද එක් කර හොඳින් මිශ්‍රකරගනිමින් විනාඩි 2, 3ක් තෙම්පරාදු කරගන්න. මීළඟට ලීක්ස් එකතු කරන්න. ඉන්පසුව බත් එකතු කර හොඳින් හැඳි ගාමින් විනාඩි 5ක් පමණ මිශ්‍රකරගන්න. අවසානයේ බැදගත් ඉස්සන් මිශ්‍ර කර ළිපෙන් බා ගන්න.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page