FoodGinger Cookies තේ වෙලාවට ඉඟුරු බිස්කට්

Ginger Cookies තේ වෙලාවට ඉඟුරු බිස්කට්

-

spot_img

Ginger Cookies – ඉඟුරු අපි කවුරුත් කැමති දෙයක්. ඉඟුරු දාලා තේ එකක් බොන්න, ජින්ජර් බියර් එකක් බොන්න ගොඩක් අය ආසයි. මූඩ් ෆික්ස් කරන, ප්‍රතිශක්තිය වැඩි කරන ඉඟුරු සිරුරට ගුණදායකයි. ස්නැක් එකක් විදිහට, තේ වෙලාවට කන්න ජින්ජර් කුකීස් නියමයි.

Ginger Cookies

 

අවශ්‍ය ද්‍රව්‍ය Ginger Cookies

•පිටි 550g
•දුඹුරු සීනි 700g
• බටර් 200g
• බිත්තර 3
•ජින්ජර් පවුඩර් 14g
•කුරුඳු කුඩු 30g
•බේකින් පවුඩර් තේ හැඳි 1/2
•බේකින් සෝඩා තේ හැඳි 1/2
• දෙහි යුෂ තේ හැඳි 1/2

සාදන අන්දම

පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා, ජින්ජර් පවුඩර්,කුරුඳු කුඩු හොඳින් මිශ්‍ර කරගන්න. සීනි සහ බටර් බීට් කරගෙන එයට බිත්තරය බැගින් එක් කරමින් බීට් කරන්න. ඉන්පසු එයට පිටි මිශ්‍රණය එකතු කර හැන්දකින් මිශ්‍ර කර ගන්න. දැන් දෙහි යුෂද එක් කර මිශ්‍ර කරන්න. මිශ්‍රණය ඔබ කැමති හැඩයකට කපා බේකින් තැටියට තෙල් කොලයක් එලා, එය මත කැපූ කුකීස් ටික අතුරාගන්න. සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයේ විනාඩි 10-12ක් බේක් කර ගන්න. උදුනෙන් ඉවතට ගත් පසු කුකීස් ටික නිවෙන තෙක් බේකින් තැටියෙන් තබන්න. නිවුනු පසු කෑමට ගන්න.

Ginger Cookies

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you