Foodකවුරුත් කැමති අතුරුපසක් සව් පුඩිං

කවුරුත් කැමති අතුරුපසක් සව් පුඩිං

-

spot_img

කවුරුත් කැමති අතුරුපසක් සව් පුඩිං

ලේසියෙන්ම හදා ගන්න පුලුවන්, කවුරුත් කැමති අතුරුපසක් තමයි සව් පුඩිං කියන්නෙ. මේක හරිම රස ක්‍රීමි පුඩිං එකක්. අමුත්තන්ට සංග්‍රහ කරන්නත් කදිමයි. සව් කියන්නෙ පිෂ්ඨය බහුල කෑමක්. ඒ වගේම සිරුරේ උෂ්ණ ගතිය සමනය කරන්නත් හොඳයි. වැඩි වියදමක් නැතුව කුස්සියේ තියෙන දේවල්වලින් සව් පුඩිං එක හදාගන්නෙ කොහොමද බලමු. 

Sago pudding

• අවශ්‍ය ද්‍රව්‍ය

සව් 100 g

රුලං 100 g

උකු පොල්කිරි කෝප්ප 3

කෝන්ෆ්ලා කෝප්ප 1/2

සීනි කෝප්ප 1/2

රස අනුව ලුණු

මෝල්ඩ් එකේ තැවරීමට බටර් ස්වල්පයක්

Sago pudding

• සාදන ආකාරය

මුලින්ම පොල්කිරි කෝප්ප 3න් කාලක් විතර වෙන් කරගන්න. එයට කෝන්ෆ්ලා කෝප්ප භාගය එකතු කරලා හොඳට දියකර ගන්න. කෝන්ෆ්ලා කිරිවලට එකතු කරාට පස්සෙ ගැටිති නොතිබෙන ආකාරයට මිශ්‍ර කර ගන්න. දැන් ඉතිරි පොල්කිරි ටික භාජනයකට දාලා මද ගින්නෙන් රත් කරන්න. ඒක රත්වෙනකොට සව් සහ රුලං එකතු කරන්න. ඊළඟට රස අනුව ලුණු සහ සීනි එකතු කරලා හොඳට හැඳි ගාමින් කවලම් කර ගන්න.

Sago pudding

මිශ්‍රණය ටිකෙන් ටික උණු වී ඝන වේගෙන එනකොට ගින්දර අඩු කරන්න. දැන් මේකට කලින් හදාගත්ත කෝන්ෆ්ලා සහ පොල්කිරි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කරමින් හොඳට හැඳිගාන්න. මිශ්‍රණය හොඳට ඝනවෙලා හැන්දට බර ගතියට දැනෙනකොට ලිපෙන් බාගන්න. ඊට පස්සෙ බටර් ටිකක් තවරා සකස් කරගත් මෝල්ඩ් එකකට උණුසුම් පුඩිං මිශ්‍රණය දාලා මතුපිට සමතලා කරගෙන කාමර උෂ්ණත්වයේදී තරමක් නිවෙන්න තියන්න. නිවුණට පස්සෙ පැය 2–3ක් විතර ෆ්‍රිජ් එජේ තියන්න. පුඩිං එක හොඳට සෙට් වුණාට පස්සෙ මෝල්ඩ් එකෙන් ගලවගෙන කෑලිවලට කපලා පිළිගන්වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

රේගුව ඩිජිටල්කරණයට

රේගුව ඩිජිටල්කරණයට  ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දෙන "කඩදාසි රහිත රේගු...

බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම

බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම ඖෂධ ශාලාවලට මුවා වී ඇතැම් පුද්ගලයන් විසින් මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත...

බොරතෙල් මිල යළි ඉහළට

බොරතෙල් මිල යළි ඉහළට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව WTI...

ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක්

ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක් එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්‍රමය වඩාත් සරල සහ පහසු කිරීමට සැලසුම් කර ඇති...
- Advertisement -spot_img

ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක්

ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක් එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්‍රමය වඩාත් සරල සහ පහසු කිරීමට සැලසුම් කර ඇති...

උතුරු තාරකාව

උතුරු තාරකාව - Chocolate and Nietzsche at the end of the world ඉතිහාසය නැවත නැවත කියවීම පහත පරිදි වේ, එය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you