Foodරසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

-

spot_img

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් – Chicken seasoning Cube

චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම හදන්න නැතිවම බැරි දෙයක්. නමුත් වෙළඳපොළේ තියෙන සීසනින් කියුබ් වල විවිධ රසකාරක සහ සිරුරට අහිතකර සංරක්ෂක ද්‍රව්‍ය සෑහෙන තියෙන බව පැවසෙන නිසා ගොඩක් අය මේවා පාවිචිචි කරන්න බයක් දක්වනවා. මේකට හොඳම විකල්පය තමයි කෘතිම රසකාරක නැතිව ගෙදරදිම හදන චිකන් සීසනින් කියුබ්ස්. ලෙහෙසියෙන් ගෙදරදීම හදාගන්න පුලුවන් මේ චිකන් කියුබ්ස් සුප් වර්ග, බත්, නූඩ්ල්ස්, පැස්ටා සහ කරි රසවත් කරන්න වගේම කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට කෑම හදනකොට දාන්නත් පුළුවන්. 

Chicken seasoning Cube

අවශ්‍ය ද්‍රව්‍ය

කටු ඉවත් කළ චිකන් 300 g

කැරට් අල 1  Chicken seasoning Cube

ලීක්ස් ගහක්

බී ළූණු ගෙඩියක්

සුදුළූණු බික් 5 – 6 ක්

ඉඟුරු කැබැල්ලක්

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු තේ හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/2

ඔලිව් ඔයිල් / පොල් තෙල් මේස හැන්දක්

චිකන් ස්ටොක් කෝප්ප 1/2

සාදන ආකාරය

චිකන් ටික හොඳට හෝදලා පොඩි කෑලිවලට කපාගන්න. කැරට්, ලීක්ස්, ළූණු, සුදුළූණු සහ ඉඟුරු සිහින්ව කපාගන්න. දැන් පෑන් එකකට තෙල් එකතු කර එයට ළූණු, සුදුළූණු සහ ඉඟුරු දාලා බැදගන්න. ඊට පස්සෙ චිකන් , කැරට් සහ ලීක්ස් එකතු කර විනාඩි 10-15 ක් විතර මද ගින්දරේ පිස ගන්න.

Chicken seasoning Cube

ඊළඟට මේකට ලුණු, ගම්මිරිස් සහ කහ කුඩු එකතු කර හොඳට මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් චිකන් ස්ටොක් හරි වතුර ස්වල්පයක් හරි එකතු කරලා තවත් විනාඩි කිහිපයක් තම්බගන්න. ඊට පස්සෙ මිශ්‍රණය හොඳට නිවෙන්න ඇරලා බ්ලෙන්ඩර් එකට දාලා සිනිඳු පේස්ට් එකක් වෙනතුරු අඹරගන්න. පේස්ට් එක අයිස් ට්‍රේ එකකට හරි සිලිකන් මෝල්ඩ් එකකට හරි දාලා පැය 6-8ක් ෆ්‍රීසර් එකේ තියන්න.

කියුබ් ටික හොඳට තද ගතියට ආවට පස්සෙ ඒවා ගලවගෙන ෆ්‍රීසර් බෑගයක හෝ හුලං නොවදින බඳුනක දාලා ෆ්‍රීසර් එකේම ගබඩා කරගන්න. මේ විදිහට හදා ගත්ත සීසනින් කියුබ් මාස දෙකක් පමණ පාවිච්චි කරන්න පුලුවන්. රයිස් එකකට කියුබ් එකක් හෝ දෙකක්, නූඩ්ල්ස් , පැස්ටා වලට කියුබ් එකක් වගේ ප්‍රමාණවත්. රසකාරක නැතිව ගෙදරදිම හදාගත්ත මේ සීසනින් කියුබ් සෞඛ්‍යයට ගොඩක් හිතකරයි.

Latest news

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...
- Advertisement -spot_img

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න - Alia Bhatt බොලිවුඩ් සිනමාවේ නව පරපුර නියෝජනය කරන නිළියන් අතර ආලියා භාට්ට හිමිවන්නේ සුවිශේෂී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you