රසකාරක නැති චිකන් සීසනින් කියුබ් – Chicken seasoning Cube
චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම හදන්න නැතිවම බැරි දෙයක්. නමුත් වෙළඳපොළේ තියෙන සීසනින් කියුබ් වල විවිධ රසකාරක සහ සිරුරට අහිතකර සංරක්ෂක ද්‍රව්‍ය සෑහෙන තියෙන බව පැවසෙන නිසා ගොඩක් අය මේවා පාවිචිචි කරන්න බයක් දක්වනවා. මේකට හොඳම විකල්පය තමයි කෘතිම රසකාරක නැතිව ගෙදරදිම හදන චිකන් සීසනින් කියුබ්ස්. ලෙහෙසියෙන් ගෙදරදීම හදාගන්න පුලුවන් මේ චිකන් කියුබ්ස් සුප් වර්ග, බත්, නූඩ්ල්ස්, පැස්ටා සහ කරි රසවත් කරන්න වගේම කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට කෑම හදනකොට දාන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය
කටු ඉවත් කළ චිකන් 300 g
කැරට් අල 1 
ලීක්ස් ගහක්
බී ළූණු ගෙඩියක්
සුදුළූණු බික් 5 – 6 ක්
ඉඟුරු කැබැල්ලක්
රස අනුව ලුණු
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
ඔලිව් ඔයිල් / පොල් තෙල් මේස හැන්දක්
චිකන් ස්ටොක් කෝප්ප 1/2
සාදන ආකාරය
චිකන් ටික හොඳට හෝදලා පොඩි කෑලිවලට කපාගන්න. කැරට්, ලීක්ස්, ළූණු, සුදුළූණු සහ ඉඟුරු සිහින්ව කපාගන්න. දැන් පෑන් එකකට තෙල් එකතු කර එයට ළූණු, සුදුළූණු සහ ඉඟුරු දාලා බැදගන්න. ඊට පස්සෙ චිකන් , කැරට් සහ ලීක්ස් එකතු කර විනාඩි 10-15 ක් විතර මද ගින්දරේ පිස ගන්න.




