ගෙදරදිම පැණි වළලු හදාගන්නෙ විදිහ – homemade sweets
සිංහල දෙමළ මේ හැමෝම අතරෙ ජනප්‍රිය කවුරුත් කන්න ආස රස කැවිල්ලක් තමයි පැණි වළලු එහෙම නැත්තම් උඳු වළලු කියන්නෙ. මේව උදුපිටි වලින් තමයි හදන්නෙ. ඒත් ගොඩක් වෙලාවට කඩෙන් ගන්න තියෙන පැණි වළලු නියම විදිහට උඳු පිටි දාලා හදලා නැති නිසා ඒවගෙන් හැබෑම පැණි වළලු රස එන්නෙ නැහැ. නියම රසට ගෙදරදිම පැණි වළලු හදාගන්නෙ කොහොමද බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය
[ පිටි මිශ්‍රණය සඳහා ]
උඳු කෝප්ප 1ක්
හාල් පිටි කෝප්ප ¼ක්
පාන් පිටි කෝප්ප ¼ක් 
ලුණු රස අනුව
උකු පොල් කිරි (අවශ්‍ය ප්‍රමාණයට)
[ පැණි එකට ]
දුඹුරු සීනි කෝප්ප 2ක්
වතුර කෝප්ප ½ක්
ලුණු ස්වල්පයක්
[වෙනත්]
පොල්තෙල්
සාදන ක්‍රමය
හොඳට සෝදාගත් උඳු ටික භාජනයකට දාලා උඳුටික වැහෙන්න වතුර පුරවලා පැය 8-10ක් එහෙම නැත්තම් රැයක් පොඟව ගන්න. ඊට පස්සෙ බ්ලෙන්ඩර් එකට දාලා වතුර ස්වල්පයක් එකතු කරලා සිනිඳු පේස්ට් එකක් වෙනකං අඹර ගන්න. (වතුර ගොඩක් එකතු කරන්න එපා. එතකොට පේස්ට් එක දියාරු වෙනවා.) අඹරාගත් උඳු මිශ්‍රණයට හාල් පිටි සහ පාන් පිටි එකතු කර හොඳට කලවම් කරගන්න. ඊට පස්සෙ මේක හොඳට ආවරණය කරලා 10-12ක් විතර පිපෙන්න තියන්න. හොඳට පිපුණම මේකෙ පොඩි පොඩි බුබුළු එනවා.
cooking



