Foodගෙදරදීම චිකන් ඩ්‍රම්ස්ටික්ස් හදාගමු

ගෙදරදීම චිකන් ඩ්‍රම්ස්ටික්ස් හදාගමු

-

spot_img

ගෙදරදීම චිකන් ඩ්‍රම්ස්ටික්ස් හදාගමු – Chicken Drumsticks

චිකන් ඩ්‍රම්ස්ටික්ස් කියන්නෙ ලොකු කුඩා කවුරුත් කන්න කැමති කෑමක්. ගෙදරදිම ලේසියෙන් ඩ්‍රම්ස්ටික් හදන්න පුළුවන් වුණත් ගොඩක් අය මේක රෙස්ටුරන්ට් එකකින් ඕඩර් කරන්න පුරුදුවෙලා ඉන්නවා. ඒත් Air Fryer එක use කරලා ගෙදරදිම හදාගන්න පුළුවන් ඩ්‍රම්ස්ටික් රස වගේම ගුණෙනුත් ඉහළයි. මොකද Air Fryer එක පාවිචිචි කරලා හදනකොට ගොඩක් තෙල් අවශ්‍ය වෙන්නෙත් නැති නිසා. ඉතින් ලන්ච් එකට, ඩිනර් එකට, පාටි එකකට වගේ ඕනෙම වෙලාවක ලේසියෙන්ම චිකන් ඩ්‍රම්ස්ටික් හදාගන්නෙ කොහොමද කියල බලමු. 

Chicken Drumsticks

අවශ්‍ය ද්‍රව්‍ය

චිකන් ඩ්‍රම්ස්ටික්ස් 4ක්

ඔලිව් තෙල් /ඇවකාඩෝ තෙල් තේ හැඳි 2ක් Chicken Drumsticks

දෙහි යුෂ තේ හැඳි 1ක්

ලුණු තේ හැඳි 1ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4ක්

පැප්රිකා තේ හැඳි 1/2ක්

සුදුළූනු කුඩු තේ හැඳි 1/2ක්

ළූණු කුඩු තේ හැඳි 1/4ක්

සාදන ආකාරය

භාජනයකට ඔලිව් තෙල්, දෙහි යුෂ, ලුණු, ගම්මිරිස් කුඩු, පැප්රිකා, සුදුළූණු කුඩු සහ ළූණු කුඩු දාලා මේ ඔක්කොම හොඳට මිශ්‍ර කර ගන්න. මිශ්‍රණය වියළි නම් තෙල් ටිකක් එකතු කර ගන්න. ඊට පස්සෙ paper towel එකක් අරන් ඩ්‍රම්ස්ටික්ස් ටික පිහදලා තෙත ගතිය අයින් කරගන්න. මෙහෙම කරාම කුළුබඩු ටික හොඳට අල්ලනව වගේම ගෝල්ඩන් කලර් එකක් ලැබෙනවා.

දැන් හදාගත්ත කුළුබඩු මිශ්‍රණය චිකන් කෑලිවල හොඳට තවරගෙන විනාඩි 15 සිට 30 ක් විතර මැරිනේට් කර ගන්න. (රැයක් පුරා ෆ්‍රිජ් එකේ තිබ්බොත් වඩාත් හොඳයි) ඊළඟට Air Fryer එක සෙල්සියස් අංශක 200 (ෆැරන්හයිට් 390) අගයට pre heat කරගෙන චිකන් කෑලි එකකට එකක් ගෑවෙන්නෙ නැති විදිහට Fryer basket එකේ තනි පේලියක තියලා විනාඩි 20ක් විතර cook කර ගන්න. මිනිත්තු කිහිපයකින් එක් වරක් පෙරළීමෙන් දෙපැත්තම එකවගේ ගෝල්ඩන් කලර් එකට ගන්න පුලුවන්. මිනිත්තු කිහිපයක් නිවෙන්න තියලා කෑමට ගන්න.

Chicken Drumsticks

Top Tips

මේකට add කරන කුළුබඩු ඔයාගෙ taste එක අනුව වෙනස් කරගන්න පුළුවන්. ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, රෝස්මරී, තයිම් ඔරිගැනෝ, කරපිංචා කුඩු වගේ දේවල් එකතු කර ගන්න පුළුවන්. බාබකියු රසයක් ඕනෙ නම් Air Fryer එක off කරන්න විනාඩි තුනකට විතර කලින් බාබකියු සෝස් තවරලා ආයෙම Fryer එකට දාන්න.

Latest news

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...
- Advertisement -spot_img

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න - Alia Bhatt බොලිවුඩ් සිනමාවේ නව පරපුර නියෝජනය කරන නිළියන් අතර ආලියා භාට්ට හිමිවන්නේ සුවිශේෂී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you