FoodPineapple Gateau හරිම රසවත් අතුරුපසක්

Pineapple Gateau හරිම රසවත් අතුරුපසක්

-

spot_img

Pineapple Gateau කියන්නෙ හරිම රසවත් dessert එකක්. ගෙදරදීම එහෙම රසවත් අතුරුපසක් හදාගන්නනෙ කොහොමද බලමු.

• අවශ්‍ය ද්‍රව්‍ය Pineapple Gateau

පිටි 120g
සීනි 120g
බිත්තර 6
බේකින් පවුඩර් මේස හැඳි 1
වැනිලා මේස හැඳි 3
විප් ක්‍රීම් 250ml
අයිසින් සීනි මේස හැඳි 3 Pineapple Gateau
අන්නාසි ගෙඩියක්
සීනි කෝප්ප 1
වතුර කෝප්ප 1/2
කුරුදු පොතු කැබැල්ලක්
බ්‍රැන්ඩි මේස හැඳි 2 ( අවශ්‍ය නම් )

• සාදන ආකාරය

පිටි සහ බේකින් පවුඩර් 3 වතාවක් හලාගන්න. බිත්තර සුදු මද ,කහ මද වෙන් කරගන්න. සුදු මද වලට සිනි කෝප්පයෙන් බාගයක් දමා හොඳින් බීට් කරන්න. ඊට පස්සෙ කහ මද වලට ඉතිරි සීනි ටික එකතු කර හොඳින් බීට් කරගන්න. මීළඟට බිත්තර කහමද එකට පිටි ටිකත් දමා බීට් කරන්න. දැන් එයටම සුදු මද සහ වැනිලා එකතු කර පත්තකින් හොඳට මිශ්‍ර කරගන්න.

Pineapple Gateau

බේකින් ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දමා කේක් මිශ්‍රණය අතුරා අවන් එකේ 150 c උෂ්ණත්වයේ විනාඩි 35ක් බේක් කරගන්න. ඉන්පසු එලියට ගන්නෙ නැතිව තවත් විනාඩි 20ක් පමණ නිවෙන්න තියන්න. ඒ ආකාරයට හදා ගත් ස්පොන්ජ් කේක් එක හොදින් නිවෙන්න තබා, කොටස් 3කට වෙන් කර ගන්න.
සීනි ටිකකට වතුර දමා සීනි උණු කරගන්න. සීනි ටික උණු වූ විට කුඩාවට කැපූ අන්නාසි එයට එක් කරන්න. මෙය උතුරගෙන එනකොට අන්නාසි කැබලි හා අන්නාසි සිරප් ටික වෙන වෙනම වෙන් කරගන්න.

Pineapple Gateau

දැන් අන්නාසි සිරප් කේක් කැබලි මතට වත් කර කේක් එක හොදින් තෙමා ගන්න, ඊට උඩින් බ්‍රැන්ඩි වත් කරන්න. ඉන්පසු උඩින් අන්නාසි කැබලි අතුරා ෆ්‍රිජ් එකේ පැය භාගයක් තියන්න. විප් ක්‍රීම් එකට අයිසින් සීනි ටිකත් දමා විනාඩි පහක් විතර හොඳින් බීට් කරගන්න. දැන් ෆ්‍රිජ් එකෙන් ගත් කේක් ලේයර් තුන මත විප් ක්‍රීම් තවරමින් එක මත එක තියාගන්න. කැමති ආකාරයට සරසා ගෙන ෆ්‍රිජ් එකේ පැය 12 ක් පමණ තබා රස විඳින්න.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you