FoodDoughnut දරුවො ආසම කෑමක්

Doughnut දරුවො ආසම කෑමක්

-

spot_img

Doughnut දරුවො ආසම කෑමක්

පුංචි අය ආසම කෑමක් තමයි ඩෝනට්. එක එක පාට වලින් කැමති විදිහට හදාගන්න පුළුවන් ඩෝනට්, birthday party එකකට, විශේෂ අවස්ථාවකට විතරක් නෙමේ තේ වෙලාවටත් කදිම කෑමක්. ගෙදරදීම ඩෝනට් හදාගන්න විදිහයි මේ. 

Doughnut

අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි 500gDoughnut
සිහින්ව කුඩු කරගත් සීනි 50g
මද රස්නේ වතුර කෝප්ප 1/4
යිස්ට් තේ හැඳි 2
බටර් 50g
බිත්තරයක්
මද රස්නේ කිරි 180 ml
ලුණු තේ හැඳි 1

Doughnut• සාදන ආකාරය

භාජනයක් ගෙන ඒකට මද රස්නෙ වතුර ටික දමා යීස්ට් සහ සීනි තේ හැන්ඳක් එක් කර හොඳින් කලවම් කරන්න. මේ යීස්ට් මිශ්‍රණය විනාඩි 5ක් විතර පිපෙන්න තියන්න. ලොකු භාජනයකට පිටි ටික එකතු කර ඒකට සීනි, ලුණු, බිත්තරය සහ බටර් එකතු කරන්න. ඉන්පසු එයටම යීස්ට් මිශ්‍රණය දමා කලවම් කර ගන්න. මීළඟට කිරි ටික එකතු කර අතේ ඇලෙන පදමට ඩෝනට් මිශ්‍රණය හදාගන්න. මිශ්‍රණය තෙත රෙද්දකින් වසා පැයක් පමණ තියාගන්න.

 

ලෑල්ලකට පිටි ඉස, ඒ මතට ඩෝනට් මිශ්‍රණය දමා ( අඟල් 1/2ක පමණ උසට ) තුනී කර ගන්න. ඉන්පසු ඩෝනට් සයිස් රවුමක් තියා, අවශ්‍ය ප්‍රමාණයට රවුම් කපාගන්න, ඒ කපා ගත් රවුම මැද තවත් රවුමක් කපා ගන්න. කපාගත් ඩෝනට් ටික තවත් විනාඩි 15 – 20 ක් විතර පිපෙන්න තියන්න. මීළඟට බඳුනකට තෙල් දමා රත් වු පසු, ඩෝනට් ටික රන්වන් පැහැයට හැරෙන තුරු ගැඹුරු තෙලේ බැද ගන්න. ඉන්පසු දියකරගත් චොකලට් , සීනි හෝ ඔබ කැමති අයිසිං වර්ණ උඩින් අතුරා සරසා ගන්න.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you