Foodචයිනීස් ක්‍රමේට කංකු චිකන් ෆ්‍රයිඩ් රයිස්

චයිනීස් ක්‍රමේට කංකු චිකන් ෆ්‍රයිඩ් රයිස්

-

spot_img

චයිනීස් ක්‍රමේට කංකු චිකන් ෆ්‍රයිඩ් රයිස් – Kankun Chicken Fried Rice

කංකු චිකන් ෆ්‍රයිඩ් රයිස් ගොඩක් අය කන්න ආසම කෑමක්. මේක චයිනීස් රෙස්ටුරන්ට්වල හරිම ප්‍රසිද්ධයි. හැමදාම එකම විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් එක වෙනුවට කංකු සහ චිකන් එකතු කරලා හදන මේ ෆ්‍රයිඩ් රයිස් එක කෑම මේසෙට වෙනසක් ගෙනත් දෙනවා. උත්සව අවස්ථාවලටත් අපූරුයි. ඉතිං රෙස්ටුරන්ට් රසට ගෙදරදීම කංකුං චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්නෙ කොහොමද බලමු.

Kankun Chicken Fried Rice

අවශ්‍ය ද්‍රව්‍ය (හතර දෙනෙක් සඳහා)

• බත් කෝප්ප 3–4 ක් (ඇලෙන්නෙ නැති සහල් වර්ගයක් තෝරා ගන්න)

• චිකන් බ්‍රෙස්ට් 300–350g (පොඩියට කොටු කපාගන්න )

• කංකු කොළ (කොළ සහ කඳන් වෙන වෙනම කඩාගන්න)

• බී ළූණු ගෙඩියක් Kankun Chicken Fried Rice

• සුදු ළූණු බික් 3 – 4 ක්

• කරාබුනැටි 2–3 (අඹරාගන්න)

• ඉඟුරු පේස්ට් තේ හැන්දක්

• පොඩියට කපා ගත් කැරට් අලයක්

• ලීක්ස් කෝප්ප ½ ක්

• අමු මිරිස් කරල් 2 – 3 ක්

• කරපිංචා ඉත්තක්

• බිත්තර 2–3 ක්

• සෝයා සෝස් මේස හැන්දක්

• ඔයිස්ටර් සෝස් මේස හැන්දක්

• ගම්මිරිස් තේ හැඳි ½ ක්

• රස අනුව ලුණු

• මිරිස් කෑලි තේ හැන්දක්

• පොල් තෙල් තේ හැඳි 2 – 3 ක්

සාදන ක්‍රමය

කුකුල් මස් කැට ටිකට ලුණු, ගම්මිරිස් සහ සෝයා සෝස් ස්වල්පයක් එකතු කර marinate කරගන්න. තරමක් ලොකු බඳුනක් මද ගින්නේ රත්කර පොල්තෙල් එකතු කර කුකුල් මස් ටික රන්වන් පැහැ වෙනතුරු බැද ගන්න.

Kankun Chicken Fried Rice

කුකුල් මස් ටික ලිපෙන් බාගෙන පසෙකින් තබා සුදු ළූණු, ඉඟුරු, කරපිංචා, අමු මිරිස් සහ බී ළූණු ටික බැදගන්න. දැන් මෙයට කැරට්, ලීක්ස් සහ කංකු කඳන් එකතු කර විනාඩියක් දෙකක් බැදගන්න. මීළඟට බිත්තර ද එකතු කර සියල්ල හොඳට මිශ්‍ර කර ගන්න.

Kankun Chicken Fried Rice

දැන් බත් ටිකත් එකතු කර මිශ්‍ර කරගන්න. මීළඟට සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, ගම්මිරිස්, මිරිස් කෑලි සහ බැදගත් කුකුළු මස් ටිකද එකතු කර ප්‍රවේශමෙන් මිශ්‍ර කර ගන්න. ලිපෙන් ඉවත් කිරීමට විනාඩියකට දෙකකට පෙර කංකුං කොළ ටික එකතු කර ගන්න. (එවිට කංකුවල නැවුම් බව සහ පැහැය සුරැකෙනවා) කැමතිනම් දෙහි බිංදු ස්වල්පයක් එකතු කර ගන්නත් පුළුවන්. උණුසුම්ව පිළිගන්වන්න !

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you