Foodකේරළා ක්‍රමයට බිත්තර කරියක්

කේරළා ක්‍රමයට බිත්තර කරියක්

-

spot_img

කේරළා ක්‍රමයට බිත්තර කරියක් – South Indian Style Egg Curry (Kerala Style)

බිත්තර තම්බලා නැත්තම් ඔම්ලට් විදිහට කෑමට ගන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. බිත්තර කරි එකක් හැදුවත් හැමදාමත් එකම විදිහටයි හදන්නෙ. වෙනසකටත් එක්ක මේ South Indian Egg Curry එක හදලා බලන්න. spices සහ පොල්කිරි එකතු කරල හදන මේ බිත්තර කරිය කේරළයේ හරිම ජනප්‍රිය කෑමක්. රසට සැරට කන්න කැමති අයට ගැළපෙනම කෑමක් තමයි මේ. බත්, පාන්, ආප්ප, රොටි, ඉඳි ආප්ප වගේ ඕනෙම දෙයක් එක්ක කන්න පුළුවන්. උත්සව අවස්ථාවකටත් කදිමයි. 

South Indian egg curry

• අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා ගත් බිත්තර 6ක්

පොල්තෙල් මේස හැඳි 2 ක්

අබ ඇට තේ හැන්දක්

කුරුඳු කෑල්ලක්

එනසාල් කරල් 2–3 ක්

ගම්මිරිස් ඇට 4–5 ක්

සිහින්ව කපාගත් ලොකු ළූණු ගෙඩියක්

ඉඟුරු පේස්ට් මේස හැන්දක් 1 South Indian egg curry

සුදුළූණු පේස්ට් මේස හැන්දක්

සිහින්ව කැපූ අමු මිරිස් කරල් 2–3 ක්

සිහින්ව කැපූ තක්කාලි ගෙඩි 2 ක්

කහ කුඩු තේ හැඳි 1/4 ක්

මිරිස් කුඩු තේ හැඳි 1 1/2 ක්

කොත්තමල්ලි කුඩු තේ හැඳි 2 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

දිය කිරි කෝප්ප 1

මිටි කිරි කෝප්ප 1/2

සියඹලා පේස්ට් තේ හැන්දක්

රස අනුව ලුණු

කරපිංචා

• සාදන ආකාරය

තම්බා ගත් බිත්තරවල කටුව ඉවත්කර පිහියකින් ඉරි අඳින්න. (එතකොට spices හොඳට අල්ලනවා) බඳුනකට පොල්තෙල් දමා මදක් රත් වූ පසුව එයට අබ, කුරුඳු කෑල්ල, එනසාල් සහ ගම්මිරිස් ඇට දමා සුවඳ එනතෙක් බැද ගන්න. දැන් එයටම සිහින්ව කැපූ ළූණු, ඉඟුරු පේස්ට්, සුදුළූණු පේස්ට් සහ අමුමිරිස් එකතු කර විනාඩි පහක් පමණ බැද ගන්න. කහ කුඩු, මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳට මිශ්‍ර කරමින් විනාඩි දෙක තුනක් පිස ගන්න.

South Indian egg curry

දැන් මෙයට දිය කිරි එකතු කරන්න. මීළඟට සියඹලා එකතු කරන්න. (ඔබට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කර මේ කරිය සකසා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ බිත්තර කරි එක thick එකට තිබුණම තමයි රසවත්.) දැන් මෙයට තම්බා ගත් බිත්තර එකතු කරන්න. විනාඩි 5 – 7 ක් පමණ spices හොඳට උරා ගන්න විදිහට තම්බා ගන්න. ඊට පස්සෙ මිටිකිරි එකතු කර ප්‍රවේශමෙන් මිශ්‍ර කරමින් උතුරන තුරු පිස ගන්න. ලිපෙන් ඉවත් කිරීමට මද වෙලාවකට පෙර කරපිංචා සහ රස අනුව ලුණු එකතු කරන්න. මදක් නිවෙනතුරු තබා කෑමට ගන්න.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you