Foodතේ වෙලාවට චොක්ලට් ස්විස් රෝල්

තේ වෙලාවට චොක්ලට් ස්විස් රෝල්

-

spot_img

තේ වෙලාවට – Chocolate Swiss Roll

තේ වෙලාවට ගැළපෙනම දෙයක් තමයි ස්විස් රෝල් කියන්නෙ. රසම රස චොක්ලට් ස්විස් රෝල් එකක් ගෙදරදීම හදාගන්න විදිහ තමයි මේ. 

Chocolate Swiss Roll

• අවශ්‍ය ද්‍රව්‍ය

පිටි 55g

බිත්තර හතරක් Chocolate Swiss Roll

කොකෝවා පවුඩර් මේස හැඳි 2

බේකින් පවුඩර් තේ හැන්දක්

සීනි 85g (blender කර ගන්න)

වැනිලා තේ හැන්දක්

• බටර් අයිසින් එකට

බටර් 50g

අයිසින් සීනි 100g

කොකෝවා පවුඩර් මේස හැන්දක්

• සාදන ආකාරය

බිත්තර සුදු මද ,කහ මද වෙන් කර ගන්න. පිටි, බේකින් පවුඩර්, කොකෝවා පවුඩර් හලා ගන්න. මීළඟට බිත්තර සුදු මද ටික බඳුනකට දමා සීනි වලින් කොටසක් එකතු කර හොඳින් බීට් කර ගන්න. මේ විදිහට කහමද ටිකත් සීනි දමා වෙනම බීට් කර ගන්න. ඊට පස්සෙ බීට් කරගත් කහමද එකට සුදු මද එක එකතු කරන්න. දැන් එයට හලාගත් පිටි, බේකින් පවුඩර්, කොකෝවා පවුඩර් එකතු කර හොඳට කලවම් කර ගන්න. වැනිලා තේ හැන්ඳත් එකතු කරන්න. මිශ්‍රණය තුනී layer එකක් එන විදිහට tray එකකට දමා 180°C preheat අවන් එකේ විනාඩි 12 ක් විතර බේක් කර ගන්න.

Oven එකෙන් එලියට ගත් කේක් එක kitchen towel එකක් මතට දමා කිචන් ටවල් එකත් එක්කම රෝල් කර නිවෙන්න තබන්න. බටර් අයිසින් එක හදා ගැනීමට කේක් එක නිවෙන අතරේ, බඳුනකට බටර් ටික දමා බීට් කරන්න. ඉන් පසු එයට අයිසින් සීනි සහ කොකෝවා පවුඩර් දමා නැවත වතාවක් බීට් කරන්න. කේක් එක හොඳට නිවුනට පස්සෙ නැවත දිග හැර, කේක් එකේ මැද පිහියකින් හෝ ස්පැතියුලා එකකින් බටර් අයිසින් ගාලා නැවත රෝල් කරන්න. ශීතකරණයේ පැයක් දෙකක් තබා චොක්ලට් ස්විස් රෝල් රස විඳින්න.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you