තරුණකම රැකදෙන කොලැජන් – collagen
ලස්සන සමක් ගැන කතා කරනකොට නිතරම ඇහෙන වචනයක් තමයි කොලැජන් (collagen) කියන්නෙ. ඇත්තටම මොනවද මේ? කොලැජන් අපේ සිරුරට වැදගත් ඇයි සහ ඒවගෙන් මොකක්ද සිද්ධ වෙන්නෙ? අපේ සිරුරෙ තියෙන අත්‍යාවශ්‍ය ප්‍රෝටීන් වලින් එකක් තමයි කොලැජන් කියන්නෙ. නිරෝගී, සුන්දර සමක් සඳහා කොලැජන් ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම සමේ තරුණ පෙනුම රැක ගැනීමටත් අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේ කොලැජන් කියන ප්‍රෝටීන් වර්ගය සිරුරේ පටක එකට තද කරලා තියාගන්න ශක්තිමත් ගම් එකක් විදිහට ක්‍රියාකරනවා. අපේ සම, අස්ථි, කාටිලේජ ඇඟේ හැමතැනම තියෙන පටක ඇතුළෙ කොලැජන් තියෙනවා. ඒ වගේම කොලැජන් සමට නම්‍යශීලී බවත්, සුමුදු බවත් ලබා දෙනවා.

• කොලැජන් වර්ග
සාමාන්‍යයෙන් අපේ සිරුරෙ කොලැජන් වර්ග 28 ක් තියෙනව. ඒ හැම එකක්ම විවිධ කාර්යයන් ඉටු කරනව. මේ අතරින් වර්ග පහක් සුවිශේෂියි.
1 වැනි වර්ගය
මේක තමයි අපේ සිරුරෙ වැඩිපුරම තියෙන කොලැජන් වර්ගය. සම, අස්ථි වගේ තැන්වල දකින්න ලැබෙන මේ කොලැජන් වර්ගය සම ශක්තිමත් සහ නම්‍යශීලී කරනවා.
2 වැනි වර්ගය
මේවා වැඩිපුරම දකින්න ලැබෙන්නෙ කාටිලේජවල.
3 වැනි වර්ගය
මේක 1 වැනි කොලැජන් සමග දක්නට ලැබෙනවා. සමේ නම්‍යශීලී බවට දායක වෙනවා.
4 වැනි වර්ගය
සමේ ස්ථර වල දකින්න ලැබෙනවා.
5 වැනි වර්ගය
මේ කොලැජන් වර්ගය සිරුරේ සමහර පටක සහ හිසකෙස්වල දකින්න ලැබෙනවා.
සම සඳහා විශේෂයෙන් වැදගත් වෙන්නෙ 1 සහ 3 වැනි වර්ගයේ කොලැජන්. ඒවා සමේ ව්‍යුහය පවත්වා ගැනීමට සහ නම්‍යශීලී බව පවත්වා ගැනීමට වැදගත් වෙනවා. ගොඩක් skincare products වල මෙම කොලැජන් වර්ග අඩංගු වෙන්නෙ ඒ නිසා.
• සිරුරට කොලැජන් ලැබෙන්නෙ කොහොමද?
අපි ලබා ගන්නා ආහාරවල තියෙන ඇමයිනෝ අම්ල භාවිතයෙන් සිරුරේ ස්වභාවිකවම කොලැජන් නිෂ්පාදනය වෙනවා. නමුත් මේ ස්වභාවික කොලැජන් නිපදවීම වයස විසි ගණන්වල මැද කාලෙදි ටිකෙන් ටික අඩුවෙන්න ගන්නවා. එවිට තමයි සමේ වියපත් වීමේ සලකුණු ටිකෙන් ටික මතුවෙන්න ගන්නෙ.
• සිරුරට කොලැජන් ලබා දෙන ආහාර වර්ග.
* කුකුළු මස්, මාළු, බිත්තර 
* බෝංචි, කොළ පැහැති එළවළු
* විටමින් C සහිත ආහාර
• නිරෝගී සමක් සඳහා කොලැජන් අවශ්‍ය ඇයි?
* සම සිනිඳු වීමට සහ රැලි වැටීම වළක්වා ගැනීමට
* තරුණ පෙනුම සුරැකීමට
* සමේ නම්‍යශීලීබව පවත්වා ගැනීමට.
• කොලැජන් අවම වීමට හේතු
* හිරු එළියට නිරාවරණය වීම





