Doughnut දරුවො ආසම කෑමක්
පුංචි අය ආසම කෑමක් තමයි ඩෝනට්. එක එක පාට වලින් කැමති විදිහට හදාගන්න පුළුවන් ඩෝනට්, birthday party එකකට, විශේෂ අවස්ථාවකට විතරක් නෙමේ තේ වෙලාවටත් කදිම කෑමක්. ගෙදරදීම ඩෝනට් හදාගන්න විදිහයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය :
පාන් පිටි 500g
සිහින්ව කුඩු කරගත් සීනි 50g
මද රස්නේ වතුර කෝප්ප 1/4
යිස්ට් තේ හැඳි 2
බටර් 50g
බිත්තරයක්
මද රස්නේ කිරි 180 ml
ලුණු තේ හැඳි 1
• සාදන ආකාරය
භාජනයක් ගෙන ඒකට මද රස්නෙ වතුර ටික දමා යීස්ට් සහ සීනි තේ හැන්ඳක් එක් කර හොඳින් කලවම් කරන්න. මේ යීස්ට් මිශ්‍රණය විනාඩි 5ක් විතර පිපෙන්න තියන්න. ලොකු භාජනයකට පිටි ටික එකතු කර ඒකට සීනි, ලුණු, බිත්තරය සහ බටර් එකතු කරන්න. ඉන්පසු එයටම යීස්ට් මිශ්‍රණය දමා කලවම් කර ගන්න. මීළඟට කිරි ටික එකතු කර අතේ ඇලෙන පදමට ඩෝනට් මිශ්‍රණය හදාගන්න. මිශ්‍රණය තෙත රෙද්දකින් වසා පැයක් පමණ තියාගන්න.



