Facial – මුහුණ සුන්දරව, දීප්තිමත්ව සහ නිරෝගීව තියාගන්න ෆේෂල් එකකට හැකියාව තියෙනවා. ඔබට පහසුවෙන්ම ගෙදරදීම ෆේෂල් එකක් කරගන්න පුළුවන්.

• මුහුණ පිරිසිඳු කරන්න.
මෘදු පිරිසිදුකාරකයක් භාවිතයෙන් කුණු දුහුවිලි, මේක් අප් හොඳින් ඉවත් කරගන්න.
• ස්ටීම් කරන්න.
බඳුනකට උණුසුම් ජලය ගෙන එයින් මුහුණ ස්ටීම් කරන්න. මෙමගින් සමේ ඇති කුඩා සිදුරු විවර වෙනවා.

• ස්ක්‍රබ් කරන්න.
සමේ මැරුණු සෛල ඉවත් කරගැනීමට ස්ක්‍රබ් කරගන්න. ස්ක්‍රබ් කිරීමේදී මුහුණ තදින් ඇතිල්ලීමෙන් වැළකී මෘදුව සහ කවාකාරව ස්ක්‍රබ් කරගන්න.
• ෆේස් පැක් එකක් දාන්න.
ඔබේ මුහුණට ගැළපෙන ලෙස සකස් කර ගත් ෆේස් පැක් එකක් ආලේප කරන්න.

• ටෝනර් කිරීම
ෆේස් පැක් එක හොඳින් සෝදා හැර සමේ pH අගය සමතුලිත කිරීම සඳහා ටෝනර් ගල්වන්න.
•මොයිස්චරයිසින්
මීළඟට තෙතමනය ආරක්ෂා කිරීම සඳහා මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කරමින් මුහුණ සම්භාහනය කරගන්න. මෙමගින් රුධිර සංසරණය උත්තේජනය කරන අතර මුහුණේ මාංශ පේශි ලිහිල් කිරීම ද සිදු කරනවා.




