Mushroom Devilled – බිම්මල් රසවත් මෙන්ම පෝෂ්‍යදායී කෑමක්. බිම්මල් ඩෙවල් උත්සව අවස්ථාවන් සඳහාත් සුදුසුයි.

අවශ්‍ය ද්‍රව්‍ය.

බිම්මල් 500g
උදු පිටි කෝප්ප 1/2
සිහින්ව ලියාගත් සුදු ළූණු
රතු ළූණු (රවුමට කපා ගන්න)
තක්කාලි ගෙඩි 2- 3 ක්
මාළු මිරිස් (රවුමට කපා ගන්න)
කෑලි මිරිස් මේස හැඳි 1
තක්කාලි සෝස් මේස හැඳි 2
සීනි ස්වල්පයක්
පොල් තෙල්
ගම්මිරිස් තේ හැඳි 1
ලුණු
වතුර
සාදන ආකාරය.
බිම්මල් හොඳින් සෝදා කැබලි වලට කපාගන්න. උදු පිටි වලට වතුර එකතුකර ගම්මිරිස්, ලුණු ද එකතු කරමින් මිශ්‍රණයක් හදාගන්න. කපා ගත් බිම්මල් පිටි මිශ්‍රණයේ දවටා ගඹුරු තෙලෙහි බැද ගන්න. ඉන්පසුව බඳුනක් ලිප තබා එයට තෙල් එකතුකර රත් වූ පසු කෑලි මිරිස් එකතු කරන්න. තක්කාලි සහ සීනි එකතු කරන්න. සීනි දිය වූ පසු (බිම්මල් නොමැතිව) අනෙකුත් ද්‍රව්‍ය සියල්ලම එක් කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු ලිපෙන් ඉවතට ගෙන බැද ගත් බිම්මල් ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කරගන්න.




