More
    FoodSouth Indian Fish Curry රසවත් මාළු කරියක් හදාගමු

    South Indian Fish Curry රසවත් මාළු කරියක් හදාගමු

    -

    spot_img

    South Indian Fish Curry – මෙම මාළු කරි එක දකුණු ඉන්දියාවට ආවේණික මෙන්ම ජනප්‍රිය කෑමක්. විනාඩි හතලිහකින් පමණ සකසා ගත හැකි මෙය බත්, රොටි, නාන් සමග කෑමට ගත හැකියි.

    South Indian Fish Curry

    අවශ්‍ය ද්‍රව්‍ය

    South Indian Fish Curry

    • මාළු ග්‍රෑම් 700g (සුදු පැහැ මාළු)
    • ලුණු
    • රතු ළූණු
    • ඉඟුරු
    • සුදුළූණු
    • කරාබුනැටි
    • අමු මිරිස්
    • එළවළු තෙල් (මේස හැඳි 1)
    • තක්කාලි සෝස් (300g)
    • මිරිස් කුඩු (මේස හැඳි 1)
    • කහකුඩු ස්වල්පයක්
    • පොල්කිරි
    • සියඹලා
    • පොල් තෙල් ස්වල්පයක්
    • අබ
    • ලූණු කොළ 4 ක් 5 ක්
    • කරපිංචා

     

    සාදන ආකාරය

    South Indian Fish Curry

    මාළු හොඳින් සෝදා කපාගෙන ලුණු මිශ්‍ර කරගන්න(සීසන් කිරීමට). රතුළූණු, ඉඟුරු, සුදුළූණු සහ අමුමිරිස් බ්ලෙන්ඩර් කර පේස්ට් එකක් සාදාගන්න. බඳුනක් ලිප තබා එයට එළවළු තෙල් එක්කොට පේස්ට් එක විනාඩියක් පමණ බැදගන්න. ඉන්පසු මිරිස් කුඩු සහ කහ ස්වල්පයක් මිශ්‍ර කරන්න. මෙයටම තක්කාලි සෝස් එක්කර මිනිත්තු කිහිපයක් පිසගන්න. මිශ්‍රණයට පොල් කිරි එකතු කරන්න. පේස්ට් එක, තක්කාලි සෝස් සහ පොල් කිරි ඇතුළත් මිශ්‍රණය හොඳින් කළවම් කරගනිමින් ක්‍රීම් ගතියක් එනතුරු පිසගන්න. ඉන්පසු සියඹලා එක් කරගන්න. අවසානයේ මාළු එක් කර මද ගින්නේ විනාඩි 7 – 10 ක් පමණ පිසගන්න. බැදගත් අබ, කරපිංචා සහ ළූණු කොළ, මාළු කරිය මත ඉස පිළිගන්වන්න.

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page