Foodගෙදරදිම පැණි වළලු හදාගන්න විදිහ

ගෙදරදිම පැණි වළලු හදාගන්න විදිහ

-

spot_img

ගෙදරදිම පැණි වළලු හදාගන්නෙ විදිහ – homemade sweets

සිංහල දෙමළ මේ හැමෝම අතරෙ ජනප්‍රිය කවුරුත් කන්න ආස රස කැවිල්ලක් තමයි පැණි වළලු එහෙම නැත්තම් උඳු වළලු කියන්නෙ. මේව උදුපිටි වලින් තමයි හදන්නෙ. ඒත් ගොඩක් වෙලාවට කඩෙන් ගන්න තියෙන පැණි වළලු නියම විදිහට උඳු පිටි දාලා හදලා නැති නිසා ඒවගෙන් හැබෑම පැණි වළලු රස එන්නෙ නැහැ. නියම රසට ගෙදරදිම පැණි වළලු හදාගන්නෙ කොහොමද බලමු. 

homemade sweets

අවශ්‍ය ද්‍රව්‍ය

[ පිටි මිශ්‍රණය සඳහා ]

උඳු කෝප්ප 1ක්

හාල් පිටි කෝප්ප ¼ක්

පාන් පිටි කෝප්ප ¼ක් homemade sweets

ලුණු රස අනුව

උකු පොල් කිරි (අවශ්‍ය ප්‍රමාණයට)

[ පැණි එකට ]

දුඹුරු සීනි කෝප්ප 2ක්

වතුර කෝප්ප ½ක්

ලුණු ස්වල්පයක්

[වෙනත්]

පොල්තෙල්

සාදන ක්‍රමය

හොඳට සෝදාගත් උඳු ටික භාජනයකට දාලා උඳුටික වැහෙන්න වතුර පුරවලා පැය 8-10ක් එහෙම නැත්තම් රැයක් පොඟව ගන්න. ඊට පස්සෙ බ්ලෙන්ඩර් එකට දාලා වතුර ස්වල්පයක් එකතු කරලා සිනිඳු පේස්ට් එකක් වෙනකං අඹර ගන්න. (වතුර ගොඩක් එකතු කරන්න එපා. එතකොට පේස්ට් එක දියාරු වෙනවා.) අඹරාගත් උඳු මිශ්‍රණයට හාල් පිටි සහ පාන් පිටි එකතු කර හොඳට කලවම් කරගන්න. ඊට පස්සෙ මේක හොඳට ආවරණය කරලා 10-12ක් විතර පිපෙන්න තියන්න. හොඳට පිපුණම මේකෙ පොඩි පොඩි බුබුළු එනවා.

cookinghomemade sweets

ඊළඟට මේ මිශ්‍රණයට ලුණු එකතු කරලා උකු පොල් කිරි මේස හැඳි එක බැගින් එක් කරන්න. මිශ්‍රණය piping bag එකකට දාන්න පුළුවන් ගානට පදම තියෙන්න ඕනෙ. දැන් පැණි එක හදා ගන්න භාජනයකට භාජනයකට දුඹුරු සීනි, වතුර සහ ලුණු එකතු කරලා මඳ ගින්නේ රත් කරන්න. සීනි ටික සම්පූර්ණයෙන් දියවෙන ගානට විතරක් රත් කර ගන්න. ඊට පස්සෙ තාච්චියකට තෙල් දාලා සාමාන්‍ය ගින්නක රත් කරගන්න. මිශ්‍රණය piping bag එකකට දාලා වළලු ආකාරයට තෙල් එකට වක් කරගන්න. රන්වන් පාට වෙනකං බැද ගන්න. මේ විදිහට බැදගත්ත පැණි වළලු ටික උණුසුම් පැණි මිශ්‍රණයට දාලා ටික වෙලාවක් තියන්න. ඊට පස්සෙ පිඟානකට දාලා නිවෙන්න තියලා රස බලන්න.

Top Tips

උඳු ඇට අඩු තරමෙ පැය අටක්වත් පොඟවගන්න.

පැණි මිශ්‍රණය අනිවාර්යයෙන්ම උණුසුම්ව තියෙන්න ඕනෙ.

Latest news

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...
- Advertisement -spot_img

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න - Alia Bhatt බොලිවුඩ් සිනමාවේ නව පරපුර නියෝජනය කරන නිළියන් අතර ආලියා භාට්ට හිමිවන්නේ සුවිශේෂී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you