Foodපැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු

පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු

-

spot_img

පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු – Malay pickle

අච්චාරු කියන්නෙ කොයි කවුරුත් කන්න ආස කෑමක්. මැලේ අච්චාරු කියන්නෙ ලංකාවෙ අපි අතරෙ හරි ජනප්‍රිය අච්චාරු එකක්. පැණි රස, ඇඹුල් රස වගේම සැරත් කවලම් වුණ මැලේ අච්චාරු බත්, බිරියානි, කහ බත්, රොටි වගේ ඕනෙම කෑමක් එක්ක ගැලපෙනවා. විශේෂයෙන්ම වෙඩින්, උත්සව අවස්ථාවල වරදින්නෙ නැති දෙයක් තමයි මේ. මැලේ අච්චාරු ඇරඹුණේ අතීතයෙ ලංකාවෙ පදිංචි වෙලා හිටිය මැලේ ජාතිකයින්ගෙන්. කාලයත් එක්ක මේක ලංකාව පුරාම ජනප්‍රිය දෙයක් වුණා. රසවත් මැලේ අච්චාරුවක් ගෙදරදිම හදාගන්න විදිහ බලමු. 

Malay pickle

අවශ්‍ය ද්‍රව්‍ය

[ සෝස් එකට ]

රටඉඳි (ඇට ඉවත් කළ) 375 g

විනාකිරි කෝප්ප 2

අබ ඇට මේස හැඳි 2

සුදුළූණු බික් 5

ඉඟුරු කැබැල්ලක්    Malay pickle

මිරිස් කුඩු මේස හැඳි 1½

කුරුඳු කුඩු තේ හැඳි ½

ලුණු (රස අනුව)

දුඹුරු සීනි කෝප්ප ⅔

[ එළවළු ]

රතු ලූනු 650 g

කැරට් 300 g ( තීරු කපා ගන්න )

රටඉඳි 100 g (පොඩි කෑලි කපා ගන්න)

අමු මිරිස් 100g ( පිහියකින් ඉරි අඳින්න )

මාළු මිරිස් 250g (රවුමට කපා ගන්න)

සාදන ආකාරය

මැටි භාජනයකට රටඉඳි දාලා එයට විනාකිරි කෝප්ප 1½ක් එකතු කරලා පැය දෙකක් විතර පෙඟෙන්න තියන්න. තවත් භාජනයක අබවලට විනාකිරි දාලා පෙඟෙන්න තියන්න. ඊට පස්සෙ පොඟවගත්ත අබ වංගෙඩියක් හෝ ග්‍රයින්ඩර් එක use කරලා ක්‍රීම් එකක් වගේ අඹරගන්න. බ්ලෙන්ඩර් එකට පොඟවගත්ත රටඉඳි, ඒවා පොඟවගත් විනාකිරි, සුදුළූණු, ඉඟුරු, මිරිස් කුඩු, කුරුඳු කුඩු සහ ලුණු දාලා ගොඩක් මෘදු ගතියට එනකං බ්ලෙන්ඩ් කර ගන්න. දැන් මේ සෝස් එක භාජනේකට දාලා ඒකට අඹරගත්ත අබ සහ දුඹුරු සීනි එකතු කරන්න. රස අනුව ඉතිරි විනාකිරි ටිකත් එකතු කරන්න. කැමතිනම් අවශ්‍ය විදිහට ලුණු, සීනි එක් කර ගන්නත් පුළුවන්.

Malay pickle

දැන් සෝස් එක මද ගින්දරේ බුබුළු නැගෙනකං පිස ගන්න. ඊට පස්සෙ ලිපෙන් ඉවත් කරලා විනාඩි හතක් අටක් නිවෙන්න තියන්න. භාජනයකට කැරට්, ලූනු, අමු මිරිස්, මාළු මිරිස් සහ කපාගත් රටඉඳි දාලා හොඳිට මිශ්‍ර කරන්න. ඊට පස්සෙ නිවාගත්ත සෝස් එක මේ එළවළු මිශ්‍රණයට දාලා ඔක්කොම හොඳට කවලම් කර ගන්න. අච්චාරු එක හොඳට නිවුනට පස්සෙ පිරිසිඳු වියලි වීදුරු බෝතලේක අසුරගන්න. මේ විදිහට රැයක් වසා තියන්න. කන්න කලින් ආයෙමත් හොඳට කවලම් කරලා කෑමට ගන්න.

Latest news

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...
- Advertisement -spot_img

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න

උදේ පාන්දරම ෆෝන් එක නොබල ඉන්න - Alia Bhatt බොලිවුඩ් සිනමාවේ නව පරපුර නියෝජනය කරන නිළියන් අතර ආලියා භාට්ට හිමිවන්නේ සුවිශේෂී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you