Foodජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

-

spot_img

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice)

Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්. අන්නාසි, බත්, මස් වර්ග එකතු කරලා හදන මේ බත් එක හරිම රසවත්. හැමදාම හදන ෆ්‍රයිඩ් රයිස් එක වෙනුවට මේ Pineapple Fried Rice එක ට්‍රයි කරලා බලන්න. Restaurant රසටම මේක හදාගන්නෙ කොහොමද බලමු. මේ රෙසපි එකට දවසක් ෆ්‍රිජ් එකේ තියාගත්ත බත් පාවිච්චි කරනවනං රස වැඩියි. 

Pineapple Fried Rice

අවශ්‍ය ද්‍රව්‍ය

(චිකන් මැරිනේට් කිරීමට)

• chicken thighs 2ක් ( පොඩි කෑලිවලට කපාගන්න)
• සෝයා සෝස් තේ හැඳි 1

(ෆ්‍රයිඩ් රයිස් එකට) Pineapple Fried Rice

• තෙල් මේස හැඳි 1
• කැරට් කෝප්ප 1/3 ( පොඩියට කපාගත්)
• සුදුළූණු මේස හැඳි 1 (සිහින්ව කපාගත්)
• ලූනු කොළවල සුදු කොටස තේ හැඳි 2 ක් (කපාගත්)
• ලූනු කෝප්ප 1/3 (කපාගත්)
• බිත්තර 2
• පිසූ බාස්මතී බත් කෝප්ප 2½
• සෝයා සෝස් මේස හැඳි 1
• ෆිෂ් සෝස් තේ හැඳි 2
• කරි පවුඩර් තේ හැඳි 1½
• සීනි තේ හැඳි 1½
• සුදු ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
• අන්නාසි කැබලි කෝප්ප 3/4
• ලූනු කොළවල කොළ කොටස කෝප්ප 1/3
• බැදගත් කජු කෝප්ප 1/4

සාදන ආකාරය

• චිකන්වලට සෝයා සෝස් මිශ්‍ර කරලා විනාඩි 10ක් විතර මැරිනේට් කර ගන්න. ඊට පස්සෙ පෑන් එකකට තෙල් දාලා හොඳට රත් වුනාට පස්සෙ මැරිනේට් කෙරුව චිකන් ටික දාලා රන්වන් පාට වෙනකං බැදගන්න.

• මීළඟට කැරට්, සුදුළූණු ටික බැදගන්න. එයටම කපාගත් ලූනු සහ ලූනු කොළවල සුදු කොටසත් එකතු කරලා විනාඩි දෙකක් විතර බැදගන්න. එළවළු ටික පෑන් එකේ පැත්තකට කරලා බිත්තර දෙකත් ඒකෙම ස්ක්‍රැම්බල් කරගන්න.

Pineapple Fried Rice

• දැන් පෑන් එකට බත් ටිකත් දාලා ඔක්කොම හොඳට කවලම් කර ගන්න. ඊට පස්සෙ සෝයා සෝස්, ෆිෂ් සෝස්, කරි පවුඩර් ,සීනි සහ සුදු ගම්මිරිස් කුඩු එකතු කරලා කවලම් කරන්න. ඊට පස්සෙ අන්නාසි කෑලි ටිකත් දාලා කෑලි කැඩෙන්නෙ නැතිවෙන්න පරිස්සමින් කවලම් කර ගන්න. අන්තිමට කජු, ලූනු කොළවල කොළ කොටසත් එකතු කරලා කවලම් කරගෙන ලිපෙන් බාගන්න. උණුසුම්වම පිළිගන්වන්න.

Pineapple Fried Rice

[ Tips for the Best Pineapple Fried Rice]

1.අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ තියාගත් හෝ හොඳට නිවුණු බත් පාවිච්චි කරන්න.

2. අන්නාසි ගොඩක් දාන්න එපා.

3. කජු ටික අන්තිමේට එකතු කරන්න. එතකොට ක්‍රිස්පි ගතියට තියෙනවා.

4. චිකන් වෙනුවට ඉස්සෝ, පෝර්ක්, බීෆ්, ටෝෆු පාවිච්චි කරන්නත් පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...

අද සිට කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට

අද සිට කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට - Restaurant food prices ගෘහස්ථ ගෑස් විලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආපනශාලා...

හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 

හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන...
- Advertisement -spot_img

අද සිට කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට

අද සිට කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල පහළට - Restaurant food prices ගෘහස්ථ ගෑස් විලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආපනශාලා...

හොඳ සැමියා කවුද ?

හොඳ සැමියා කවුද ? - Husbands in Action  බොහෝවිට දකුණු කොරියානු සිනමාව තුළ සංවේදී කතා, ත්‍රාසජනක කතා, අපරාධ පිළිබඳ කතා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you