තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක්
තේ මේසෙට තියන්න හොඳම කෑමක් තමයි පොල් කේක්. ලංකාවෙ රසට, නිවැරදිව පොල් කේක් එකක් හදාගන්නෙ කොහොමද බලමු. ගෙදරදිම හදාගන්න නිසා නියම රසට වගේම පිරිසිඳුවට කන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය
• සිහින්ව ගාගත් පොල් 250g
• කිතුල් පැණි 340ml
• පාන් පිටි 150g 
• බිත්තර 03
• කුඩු කරගත් කරාබු නැටි, කරදමුංගු, කුරුදු මිශ්‍රණයෙන් තේ හැඳි 01
• බේකින් පව්ඩර් තේ හැඳි 01
• කපා ගත් රට ඉදි 100g
• කපා ගත් කජු 100g
• වියළි මිදි 50g
• වැනිලා තේ හැඳි 01
• ලුණු තේ හැඳි 01
සාදන ක්‍රමය
• කිතුල් පැණි ටික පෑන් එකකට දමා මද ගින්දරේ රත් කර ගන්න. පැණිටික ඔක්කොම දාන්නෙ නැතිව ටිකක් ඉතුරු කර ගන්න. (කිතුල් පැණි වෙනුවට පොල් පැණි, සීනි, හකුරු එහෙමත් අර ගන්න පුළුවන්.) දැන් එයට කුඩු කරගත් කරදමුංගු මිශ්‍රණය සහ ලුණු එකතු කරන්න. ඊළඟට පොල් ටික දාලා හොඳට කවලම් කර ගන්න. පොල් පැණි ටික තෙත ගතිය තියෙද්දී ලිපෙන් බා ගන්න.




