Newsතාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

-

spot_img

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කරයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ඉදිරි මාස තුන තුළ විශාල ගැටලුවක් ඇති නොවන්නේ නම් වත්මන් ඉන්ධන මිල සහ සැපයුම් තත්ත්වය පවත්වාගෙන යෑමේ හැකියාව පවතින බවයි.

වෙනත් ඉන්ධන සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම අඩු කිරීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවද ඔහු පැවසීය. එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි ප්‍රදේශ 62ක් පමණ මීට සති තුනකට පෙර හඳුනාගෙන ඇති බවත්, එම ප්‍රදේශවලට වැඩි ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීමට අදාළ සමාගම් සමඟ එකඟතාවකට පැමිණ ඇති බවත් ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා සඳහන් කළේය.

temporary fuel shortage
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

එමෙන්ම, ඉන්ධන හිඟයක් පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල වී පිරවුම්හල්වල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඩී.ජේ. රාජකරුණා පැවසීය. වෙනත් සමාගම්වල පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් හෝ පෝලිම් පවතින්නේ නම්, ආසන්නතම ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල වෙත යන ලෙසද ඔහු ජනතාවට දැනුම් දුන්නේය.

මේ අතර, ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන සංචිත සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, ඉන්ධන තොග සම්බන්ධයෙන් සෑම සතියකම අඟහරුවාදා සමාලෝචනයක් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය. එම සමාලෝචනයේදී තවත් ඉන්ධන නෞකා දෙකක් කඩිනමින් ගෙන්වීමට කටයුතු කර ඇති බවත්, මෙම මාසයට අවශ්‍ය ප්‍රමාණයට අමතරව වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගෙන්වීමටද පියවර ගෙන ඇති බවත් ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට පසුගිය වසරේ (2025) ඔක්තෝබර් 30 වැනිදා සිට මේ වසරේ මේ දක්වා...
- Advertisement -spot_img

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට පසුගිය වසරේ (2025) ඔක්තෝබර් 30 වැනිදා සිට මේ වසරේ මේ දක්වා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you