Foodනැවුම් දොඩම් රසැති ඔරේන්ජ් කේක්

නැවුම් දොඩම් රසැති ඔරේන්ජ් කේක්

-

spot_img

නැවුම් දොඩම් රසැති – Orange Cake

නැවුම් දොඩම් රස මේ ඔරේන්ජ් කේක් එක ලෙහෙසියෙන්ම ගෙදරදිම හදා ගන්න පුළුවන්. රස වගේම තේ මේසෙට ලස්සන වෙනසකට ගැළපෙනම දෙයක් තමයි ඔරේන්ජ් කේක් කියන්නෙ. මේකෙ special ම දේ තමයි ස්වභාවික දොඩම් රසය. 

Orange Cake

• අවශ්‍ය ද්‍රව්‍ය

Cake Batter එකට

•පිටි කෝප්ප 2

•ලුණු තේ හැඳි ½

•බේකින් පවුඩර් තේ හැඳි 3

•සීනි කෝප්ප 1 ½ (කුඩුකරගත්) Orange Cake

•කිරි කෝප්ප ½

•නැවුම් orange juice කෝප්ප ½

•එළවළු තෙල් කෝප්ප ½

•බිත්තර 3 ( බීට් කරගන්න)

•කුඩුකර ගත් දොඩම් ලෙලි තේ හැඳි 1 ½

Orange Butter Frosting වලට

•බටර් මේස හැඳි 6

•Icing sugar කෝප්ප 2

•orange juice මේස හැඳි 2

•වැනිලා තේ හැඳි 1

•කුඩු කරගත් දොඩම් ලෙලි තේ හැඳි 1

සාදන ආකාරය

• අවන් එක 175°C (350°F) ට Preheat කරන්න. පෙර රත් කරන්න. අඟල් 8 ක round cake pan දෙකක් තෙල් හෝ බටර් ආලේප කර, පාන් පිටි ඉහල තියා ගන්න. කිරි, orange juice, එළවළු තෙල්, බීට් කරගත් බිත්තර, දොඩම් ලෙලි කුඩු එකට දමා බ්ලෙන්ඩ් කර ගන්න. ඊට පස්සෙ බඳුනකට පාන් පිටි, ලුණු, බේකිං පවුඩර් සහ සීනි එකතු කර කැට ගතිය නැතිවෙන තුරු හොඳට කවලම් කර ගන්න. මෙයට බීට් කර ගත් ඔරෙන්ජ් ජූස් මිශ්‍රණය එකතු කර අතේ ඇලෙන්නෙ නැති පදමට බැටර් එක හදා ගන්න.

Orange Cake

• බැටර් එක බඳුන්වල අතුරා preheat කෙරුව අවන් එකේ විනාඩි තිස් පහක් පමණ බේක් කර ගන්න. අවන් එකෙන් ඉවත් කරලා කේක් එක හොඳට නිවෙන්න තියන්න. Orange Butter Frosting එක සැකසීම සඳහා බටර් බීට් කරන ගමන් එයට icing sugar, orange juice, වැනිලා සහ දොඩම් ලෙලිත් එකතු කරලා ක්‍රීම් ගතියට බීට් කර ගන්න. සාමාන්‍යයෙන් මේ Frosting cream එකේ තද ගතියක් තියෙනවා. දැන් හොඳට නිවුණ කේක් එක frosting cream වලින් සරසා ගන්න.

Latest news

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක්

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක් ඩොලරයේ අගය තව දුරටත් ඉහළ යාම හේතුවෙන් ඖෂධ වර්ග හැටක උපරිම මිල සංශෝධනයක් සිදුවන...

සතොසින් අඩු මිලට බඩු

සතොසින් අඩු මිලට බඩු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි...
- Advertisement -spot_img

අවන් එකක් නැතිව කේක් එකක්

අවන් එකක් නැතිව කේක් එකක් - No Bake Blueberry Cheesecake අවන් එකක් නැතිව හදන්න හොඳ dessert එකක් හොයන කෙනෙක්ට හරිම...

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you