FoodTofu Curry නිර්මාංශ අයට මස් වගේ කෑමක්

Tofu Curry නිර්මාංශ අයට මස් වගේ කෑමක්

-

spot_img

Tofu Curry නිර්මාංශ අයට මස් වගේ කෑමක්

නිර්මාංශ අයට කන්න පුළුවන්, මස්වලට සමාන ටෝෆු ගොඩක් රටවල මස් වෙනුවට ආදේශකයක් විදිහට කන කෑමක්. සෝයා කිරි වලින් හදන ටෝෆු පෝෂණ ගුණයෙනුත් ඉහළයි. කැල්සියම්, යකඩ, මැග්නීසියම්, ඛනිජ ලවණ වගේ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. හදවත් රෝග අවදානම අඩු කරන්නත්, රක්තහීනතාවය වැළැක්වීමටත්, දත් සහ අස්ථි ශක්තිමත් කිරීමටත් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පිරිපුන් ටෝෆු, චීනයෙන් ඇරඹිලා මේ වෙනකොට ලොව පුරාම ජනප්‍රිය කෑමක් බවට පත්වෙලා තියෙනවා. ටෝෆු කරි බත්, නූඩ්ල්ස්, රොටිත් එක්ක කෑමට ගන්න පුළුවන්. ලංකාවෙ අපේ රහට ටෝෆු කරියක් හදාගන්නෙ කොහොමද බලමු. 

Tofu Curry

• අවශ්‍ය ද්‍රව්‍ය

ටෝෆු 150g

ඉඟුරු පේස්ට් තේ හැඳි 1Tofu Curry

සුදු ළූණු පේස්ට් තේ හැඳි 1

සිහින්ව කැපූ රතු ළූණු ගෙඩි 5 – 6 ක්

අමුමිරිස් කරල් 2 – 3 ක්

රම්පෙ

කරපිංචා

කුරුඳු පොතු කැබැල්ලක්

එනසාල් ස්වල්පයක්

කරාබුනැටි 2-3

මිරිස්කුඩු ස්වල්පයක්

බැදපු තුනපහ කුඩු තේ හැඳි 02 Tofu Curry

කහකුඩු තේ හැඳි ½

උළුහාල් ස්වල්පයක්

අබ ස්වල්පයක්

ලුණු

යෝගට් මේස හැඳි 2 ක්

මිටිකිරි කෝප්ප බාගයක්

තක්කාලි ගෙඩි 02 ක්

පොල් තෙල්

• සාදන ආකාරය

ටෝෆු කෑලිවලට කපාගෙන ලුණු සහ ගම්මිරිස් දමා තම්බාගන්න. ඉන් පසු වතුර ගතිය නැති වෙනතුරු මිරිකා හරින්න. තෙල් රත් වෙන්නට හැර එයට අබ ටික එකතු කරන්න. ඉන් පසු ඉඟුරු, සුදු ළූණු , එනසාල්, කරාබු නැටි, රම්පෙ, කරපිංචා, රතු ළූණු සහ අමු මිරිස් එකතු කර විනාඩි දෙක තුනක් තෙම්පරාදු කර ගන්න. දැන් මෙයට ටෝෆු එකතු කරන්න. ඊළඟට මිරිස් කුඩු, තුනපහ කුඩු සහ කහ කුඩු එකතු කරන්න. ඊළඟට යෝගට්, තක්කාලි, මිටිකිරි සහ රස අනුව ලුණු එකතු කරන්න. පොල් කිරි ටික හිඳීගෙන එනවිට ලිපෙන් ඉවත් කර ගන්න.

Tofu Curry

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you