NewsAccident පොසොන් දෙදින අනතුරු - 5 ක් මරුට :...

Accident පොසොන් දෙදින අනතුරු – 5 ක් මරුට : 14 ක් රෝහලට

-

spot_img

Accident – පසුගිය පොසොන් පොහොය දිනයේ සහ ඊට පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස් තවත් දහතුන් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

මහනුවර යාපනය මාර්ගයේ මාතලේ කෝන්ගහමුල ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්, 57 සහ 17 වන වියේ පසුවූ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි. අනතුර සිදුව ඇත්තේ දඹුල්ලේ සිට මාතලේ දෙසට ධාවනය කළ පෞද්ගලික බස් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලංගම බසයකට ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රියක ගැටීමෙන් ය. අනතුරින් ත්‍රිරෝද රියේ ගමන් ගත් මවක, පියෙකු සහ දියණියක සහ ත්‍රිරෝද රියේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර ඇති අතර රියැදුරාගේ මව සහ නැගණිය මියගොස් තිබේ.

හම්බේගමුව ලිහිනාගල දම්වැල්ඔය මාර්ගයේ ලිහිනාගල ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටුණු පදිකයෙකු වූ 73 හැවිරිදී පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර කොළඹ පුත්තලම මාර්ගයේ ජයබිම ප්‍රදේශයේදී බස් රථයක් සහ අත්ට්‍රැක්ටරයක් ගැටීමෙන් අත්ට්‍රැක්ටරයේ රියැදුරා සහ තවත් 10 දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු මියගිය බව වාර්තා වේ.

අනුරාධපුර රඹෑව මාර්ගයේ පරසන්ගස්වැවදී යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර රඹෑව දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරු පැදියක් දකුණට හැරවීමට යෑමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් ආ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් පසුපැදිකරු මියගොස්, යතුරු පැදිකරු තුවාල ලබා රඹැව රෝහලට ඇතුළත් කර තිබේ.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you