More
    FoodMushroom Soup එකක් හදාගමු

    Mushroom Soup එකක් හදාගමු

    -

    spot_img

    Mushroom, සුදුළූණු, ගම්මිරිස් වගේ දේවල් එකතු කරලා රසට හදන Mushroom Soup එකක් කියන්නෙ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් සුප් එකක්. නිදහස් වෙලාවකට, වැස්ස දවසකට එහෙම නැත්තම් dinner එකට ගැළපෙනම දෙයක්. ක්‍රීම් ගතිය පිරුණු Mushroom Soup පාන්, dinner rolls, mashed potatoes වගේ දේවල් එක්කත් ගැළපෙනවා. ඒ වගේම ප්‍රෝටීන්, ෆයිබර්, විටමින්, B ඛනිජ ලවණ වගේ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් Mushroom Soup ප්‍රතිශක්තිය වර්ධනය කරනවා. ලෙහෙසියෙන්ම Mushroom Soup එකක් හදාගන්නෙ කොහොමද බලමු. 

    Mushroom Soup

    • අවශ්‍ය ද්‍රව්‍ය

    Button Mushroom කෝප්ප 1ක් (කෑලි කපා ගන්න)

    බටර් මේස හැඳි 1ක්

    සිහින්ව කැපූ රතු ළූණු ගෙඩි 2- 3ක් Mushroom Soup

    සිහින්ව කැපූ කොත්තමල්ලි කොල

    සුදු ළූණු පේස්ට් ස්වල්පයක්

    පාන් පිටි මේස හැඳි 1ක්

    වතුර කෝප්ප 1 1/2ක්

    ලුණු කුඩු

    ගම්මිරිස් කුඩු

    Fresh Cream කෝප්ප 1/4ක්

    • සාදන ක්‍රමය

    බඳුනකට බටර් ටික දමා එයට සිහින්ව ලියාගත් ළූණු, සුදු ළූණු පේස්ට් දමා තෙම්පරාදු කර ගන්න. ඉන්පසු එයට කෑලි කපාගත් button mushroom ටික එකතු කර මිශ්‍ර කර පාන්පිටි මේස හැන්දද එකතු කරන්න. හොඳින් මිශ්‍ර කර වතුර කෝප්ප එකහමාර එකතු කර බඳුනේ මූඩිය වසා තැම්බෙන්නට හරින්න.

    Mushroom Soup

    මීළඟට තැම්බුන Mushroom ටික බ්ලෙන්ඩර් කර ගෙන නැවත එය මිශ්‍රණයටම එක් කරන්න. ඉන්පසු fresh cream එකතු කරන්න. දැන් සුප් එකට රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න. ඉන්පසු සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළද එක් කර උකුවන තුරු හැඳිගා ලිපෙන් ඉවත් කර ගන්න. බඳුන්වලට දමා උණුසුම්ව පිළිගන්වන්න.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page