FoodMushroom Soup එකක් හදාගමු

Mushroom Soup එකක් හදාගමු

-

spot_img

Mushroom, සුදුළූණු, ගම්මිරිස් වගේ දේවල් එකතු කරලා රසට හදන Mushroom Soup එකක් කියන්නෙ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් සුප් එකක්. නිදහස් වෙලාවකට, වැස්ස දවසකට එහෙම නැත්තම් dinner එකට ගැළපෙනම දෙයක්. ක්‍රීම් ගතිය පිරුණු Mushroom Soup පාන්, dinner rolls, mashed potatoes වගේ දේවල් එක්කත් ගැළපෙනවා. ඒ වගේම ප්‍රෝටීන්, ෆයිබර්, විටමින්, B ඛනිජ ලවණ වගේ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් Mushroom Soup ප්‍රතිශක්තිය වර්ධනය කරනවා. ලෙහෙසියෙන්ම Mushroom Soup එකක් හදාගන්නෙ කොහොමද බලමු. 

Mushroom Soup

• අවශ්‍ය ද්‍රව්‍ය

Button Mushroom කෝප්ප 1ක් (කෑලි කපා ගන්න)

බටර් මේස හැඳි 1ක්

සිහින්ව කැපූ රතු ළූණු ගෙඩි 2- 3ක් Mushroom Soup

සිහින්ව කැපූ කොත්තමල්ලි කොල

සුදු ළූණු පේස්ට් ස්වල්පයක්

පාන් පිටි මේස හැඳි 1ක්

වතුර කෝප්ප 1 1/2ක්

ලුණු කුඩු

ගම්මිරිස් කුඩු

Fresh Cream කෝප්ප 1/4ක්

• සාදන ක්‍රමය

බඳුනකට බටර් ටික දමා එයට සිහින්ව ලියාගත් ළූණු, සුදු ළූණු පේස්ට් දමා තෙම්පරාදු කර ගන්න. ඉන්පසු එයට කෑලි කපාගත් button mushroom ටික එකතු කර මිශ්‍ර කර පාන්පිටි මේස හැන්දද එකතු කරන්න. හොඳින් මිශ්‍ර කර වතුර කෝප්ප එකහමාර එකතු කර බඳුනේ මූඩිය වසා තැම්බෙන්නට හරින්න.

Mushroom Soup

මීළඟට තැම්බුන Mushroom ටික බ්ලෙන්ඩර් කර ගෙන නැවත එය මිශ්‍රණයටම එක් කරන්න. ඉන්පසු fresh cream එකතු කරන්න. දැන් සුප් එකට රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න. ඉන්පසු සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළද එක් කර උකුවන තුරු හැඳිගා ලිපෙන් ඉවත් කර ගන්න. බඳුන්වලට දමා උණුසුම්ව පිළිගන්වන්න.

Latest news

සතොසින් අඩු මිලට බඩු

සතොසින් අඩු මිලට බඩු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි...

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...
- Advertisement -spot_img

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක්

තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක් තේ මේසෙට තියන්න හොඳම කෑමක් තමයි පොල් කේක්. ලංකාවෙ රසට, නිවැරදිව පොල් කේක් එකක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you