More
    Fashion and Beautyහිරු එළියෙන් සම ආරක්ෂා කරගන්නේ කොහොමද?

    හිරු එළියෙන් සම ආරක්ෂා කරගන්නේ කොහොමද?

    -

    spot_img

    හිරු එළියෙන් අපේ සමට නිතරම හානි සිද්ධ වෙනවා. සාමාන්‍යෙන් උදෑසන නවය සවස හතර අතර කාලය දක්වා හොඳින් අව්ව තිබෙන අතර උණුසුමත් අධිකයි. සම නිරෝගීව පැහැපත්ව තියාගන්න නම් මේ හිරු එළියට අධික ලෙස නිරාවරණය නොවෙන්නත්, එළිමහනට යනවිට Sunscreen එකක් පාවිච්චි කිරීමත් අනිවාර්ය දෙයක්. එමගින් හිරුගේ හානිකර UV කිරණවලින් සම ආරක්ෂා වෙන අතර තරුණ පෙනුම රැක දෙනවා. 

    Sun Cream

    • Sunscreen එකක් අවශ්‍ය ඇයි?

    සමට හානිකරන අහිතකර පාරජම්බූල කිරණ (UV) වර්ග දෙකක් හිරු එළියේ අඩංගුයි.
    UVA කිරණ – සම ඉක්මනින් වියපත් කරනවා. සමේ රැළි ඇතිවීමටත් මේ කිරණ හේතුවක්.
    UVB කිරණ – සමේ පිළිකා වර්ධනයට හේතු වෙනවා.
    ශ්‍රී ලංකාව වගේ තද හිරු රශ්මිය පවතින රටක අව්ව නොමැති දිනවල වුවත් Sunscreen භාවිතා කිරීම සමේ ආරක්ෂාවට වැදගත්.

    Sun Cream

    • Sunscreen එකක් මිලට ගන්න කලින් මේ ගැන හිතන්න.

    ° SPF 30 හෝ ඊට වැඩි අගයක් සහිත වීම
    SPF අගයෙන් හිරු එළියෙන් ආරක්ෂා වෙන කාල සීමාව දැක්වෙනවා. (SPF 30 = 30 min) SPF අගය වැඩිවන තරමට සමට ලැබෙන ආරක්ෂාව වැඩියි. එමෙන්ම ඔබ පිහිනීම හෝ අධිකව දහඩිය දමන ක්‍රියකාරකම් සිදුකරනවා නම් Water-Resistant සහිත sunscreen එකක් භාවිතා කරන්න.

    Sun Cream

    • ආලේප කිරීමේදී

    යම්තම් නොව ප්‍රමාණවත් ලෙස සම පුරාම ආලේප කරන්න. එලිමහනේ වැඩිවෙලා රැඳී සිටිනවානම් පැය දෙකකට වරක් නැවත නැවත ආලේප කරන්න. Moisturizer, makeup වැනි ආලේපන ගැල්වීමෙන් පසුව sunscreen භාවිතා කරන්න.

    Sun Cream

    අධික හිරු රශ්මියට නිරාවරණය නොවී සිටීමට හැකිතරම් වගබලාගන්න. sunscreen භාවිතයෙන් පමණක් සම ආරක්ෂා වෙන්නේ නැහැ. එනිසා හිරු එළියට නිරාවරණය වන විට සුදුසු ඇඳුම්, sunglasses, කුඩයක්, තොප්පියක් වැනි දේවල් අමතක කරන්න එපා.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page